අනුරාධපුර පූජනීය පුදබිමේ පිහිටි අටමස්ථාන

ජුනි 14, 2019

අනුරාධපුර පූජා නගරයේ පිහිටි පූජනීය ස්ථාන අතර ප්‍රධාන වශයෙන් ගැනෙන පූජනීය ස්ථාන අට අටමස්ථාන වශයෙන් නම් කොට ඇත. එසේ නම් කොට ඇති අටමස්ථාන අතර ශ්‍රී මහා බෝධින් වහන්සේ, ලෝවාමහාපාය. රුවන්වැලි සෑය හෙවත් රත්නමාලීසෑය,අභයගිරි වෙහෙර ,ථූපාරාමය, ජේවනාරාමය, ලංකාරාමය හා මිරිසවැටිය ද වේ.

ශ්‍රී මහා බෝධින් වහන්සේ ලෝක ඉතිහාසයේ සඳහන් පැරණිතම හා ඓතිහාසිකම වෘක්ෂය ලෙස ද පිළිගැනීමකට ලක්ව ඇත. ඉන්දියාවේ දඹදිව බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේය. ක්‍රි.පූ. දෙසිය හතළිස් හයේදී පමණ දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීම පරිදි ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයා විසින් බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ධර්මාශෝක රජුගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණිය අත ලංකාවට වැඩම වන ලදී. දෙවන පෑතිස් රජ එම ශ්‍රී මහා බෝධි ශාඛාව මහ මෙවුනා උයනේ රෝපණය කළේය. අනුරාධපුර පුජා භූමියේ පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටි භූමිය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් පූජනීයත්වයට පත්වූ ස්ථානයක් බවට මහාවංශයේ සඳහන්ව ඇත.

ලෝවාමහාපාය, ශ්‍රී මහා බෝධින් වහන්සේට ආසන්නව පිහිටා ඇත. ශ්‍රී මහා බෝධි විහාරයට උතුර දෙසින් පිහිටි ගල්කණු රාශියකින් එය හඳුනාගත හැකිව පවතී. පැත්තකින් අඩි දෙසීයක් පමණ වන සම චතුරස්‍රාකාර ලෙස පෙළකට ගල්කනු හතළිහක් පමණ ඇත. මෙය බුද්ධ වර්ෂ තුන්සිය අසූතුනේදී අනුරාධපුර රාජධානියේ රජ කමට පත්ව වසර විසි හතරක්ම රටකරවූ ගාමිණී අභය ,දුටුගැමුණු රජතුමා විසින් ලෝවාමහාපාය කරවා ඇත.

රුවන්වැලිසෑය අනුරාධපුර පූජා නගරයේම පිහිටා ඇති රුවන්වැලි මහා සෑය රත්නමාලී ස්වර්ණමාලී යන නම් වලින්ද ප්‍රසිද්ධය.අඩි තුන්සිය තිස්අටක් මීටර් එකසිය තුනක් උස්වූ මෙම චෛත්‍යයයේ වට ප්‍රමාණය මීටර් දෙසිය අනූ තුනකි. මහාථූපය යන නමින්ද ප්‍රසිද්ධ රත්නමාලී මහාසෑය මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි බු.ව. දෙසිය තිස්හතේදි රජ පැමිණ වසර හතළිහක් රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ශිලාටැඹක් පිහිටුවා ලකුණු කළ ස්ථානයේ දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. පසුව දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසුව මෙම සෑය සද්ධාතිස්ස රජතුමන් විසින් වැඩ නිමවා කරවන ලදී. රුවන් වැලි සෑය තුළ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥධාතුන් වහන්සේ නිදන්කර ඇති බවද සඳහන් ය.

අභයගිරි චෛත්‍යය පිහිටා ඇත්තේද අනුරාධපුර පූජා නගරයෙහිය. ක්‍රි.පූ. අසූ නමයේදී පමණ වට්ටගාමිණි රජු අභයගිරි විහාරය කරවන ලදී. බුදුරජාණන් වහන්සේ තෙවනවර මෙරටට වැඩම කළ අවස්ථාවේදී සමවත් සුවයෙන් මෙම ස්ථානයේ වැඩසිටි බව සඳහන් වේ. අනුරාධපුර රාජධානියේ රජ පැමිණි වසර දොළහක් රට කරවු වට්ටගාමිණී අභය (වළගම්බා) රජතුමා කරවු මෙම චෛත්‍යය ඉදිකර ඇත්තේ ගිරි නම් නිගණ්ඨයකුගේ ආරාමයක් වූ ස්ථානයකය. මුල් කාලයේදි මෙම චෛත්‍යය අඩි හාරසියයක් උස්විය. නමුත් දැනට ඇත්තේ අඩි දෙසිය හතළිස් පහක් බව කියති. දැනට නටබුන්ව ඇත්තේ රාජ්‍ය වර්ෂ 1164 දී බුද්ධ වර්ෂ එකදාස් හත් සිය හයේදී පොළොන්නරුව රාජධානියේ රජ පැමිණි , වසර තිස් තුනක් මෙරට කරවු පළවෙනි මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද චෛත්‍යයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා

හෙට්ටිආරච්චි

සටහන – බී.ඇල්.පේ‍්‍රමරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.