ඔබේ පෙම් සබඳතා බිඳ වැටෙන්නේ ඇයි?

ජුනි 14, 2019

ලග්නයක ශුක්‍ර වෙත ශනි පෙනීමත් රාහු මගින් පීඩාවීමත් පෙම් සබඳතා බිඳ වැටෙයි. ස්ත්‍රියකගේ කුජ ශනි යෝග වීම කුජට අශුභපාපී පෙනීම විරහ වේදනා ගෙන දෙන්නකි. තවද කුජ සිකුරු 22 වැනි දෙර්කානාධිපති වීමත් ආදරයේ වේදනාව වැඩිකරන සුළුය.

විවාහය ආදරයේ උත්තරීතර අග්‍රම ඵලයයි. එවන් සතුටක් භුක්ති විඳිය හැක්කේ කීයෙන් කීදෙනාටද? දෙදෙනෙකු හමුවී ඇස් භාෂාවෙන් කතා කර පසුව දැන හඳුනාගෙන දිගුකලක් හෝ කෙටිකලක් පේ‍්‍රමකර යුගදිවියට ඇතුළුවන පෙම්වතුන් පෙම්වතින් කොතෙකුත් අප අතර සිටින බැවි රහසක් නොවේ.

එසේ නොමැතිව එදා මෙන් නොව අද කාමර (අධධථ) ගත වී තෙවැනි සිඛපදය කඩා බිඳගෙන හුදෙක්ම කායික වින්දනය පමණක් ලබා අතරමං වන අයද මේ අතර වේ. පේ‍්‍රමය (ඒපබ ධට ඹ්ධමඥ) කලාවකි. එය අතිශයින්ම සෞන්දර්යමත්ය. උක් ගසේ අග සිට කන්නා මුලට එනවිට පූර්ණ සතුටක් ලබනු ඇත. (අග දිය රසයි මුල පැණි රස තිබේ) මේ පිළිබඳව ඡ්‍යොතිෂ පැත්තෙන් විපරම් කර බලන විටදී කේන්ද්‍රයේ පස් වැන්න හා හත් වැන්න ඉතාම වැදගත් තැනක් ගනී. එම භාවයන්හි පාපීන් රහිතව පීඩාවන්ට ගොදුරු නොවී ඇත්නම් පිරිසුදු ආදරයක් හිමි වීමටත් නොකැඩෙන අපලයක්, සෙනෙහසක් ලෙන්ගතුකමක් දිගටම පවත්වා ගෙන යාමට ප්‍රතිපාදන අත්වේවි.

පස්වැන්නේ රවි, කුජ, ශනි. රාහු, කේතු ග්‍රහයින් සිටීම වැඩිමනත් අශුභඵල ප්‍රදානය කරනු ලැබේ. රවිගෙන් අහංකාර කමත් කුජගෙන් අඬදබරත් ජනිත වනු ඇත. රවි සහ කුජ හත්වැන්නේ සිටීම හරහා නිරන්තරයෙන්ම ආදරය බිඳී යාමට එක් හේතුවක් වන්නේය යන මතයක් තහවුරු වී තිබේ.

තවද කුජ ලේවල සහ ඌෂ්ණාධිකකමට බලපායි. විවාහයේදී තම සහකරු හෝ සහකාරියට පරිබාහිරව වෙනත් සබඳතාවලට නැඹුරු වේ. එය විවාහයට එතරම් සුබදායක නොවේ. රාහු 5 සිටින අය දකින දකින අය සමඟ මානසිකව බැඳීම්වලට නතුවී සිය සම්පත්ද ක්‍රම ක්‍රමයෙන් විනාශය කරා පෙළඹෙනු ඇත. සමහර විට සතුට කඳුළක් කර ගනී. සඳු, සිකුරු, ගුරු, බුධ පස් වැන්නේ සිටීනම් ස්ථාවර ආදරයකට මග පාදනු ලැබේ. හත් වැන්නද පාපී සංයෝග වලින් තොරවීම අනිවාර්ය වන්නේය. පස්වැන්නා තුළ රවි ඉගනීම් කටයුතුවලට සුබව පිහිටීම යහපත් වන අතර පේ‍්‍රමය පිළිබඳව යම් යම් ගැටලුකාරි තත්ත්වයන්වලට නතුවේ. සඳු පස්වැන්නට යහපත් වූ වත් දෙගිඩියාවක් ඈඳී තිබිය හැක. උස් පහත් වන ආදරයකට මුල පුරයි.

ශුක්‍ර පහේ වීම නිසා ආදරය සැහැල්ලුවෙන් ගෙවයි. නීතිරීතිවලට බැඳීම් හා හිරවීම්වලට අකමැතිය. සමහර විට වගකීමෙන්ද තොරවේ. ශනි විරහවේදනා උත්පාදනය කරන අතර තමාට වඩා වැඩිමහල් අය සමඟ බැඳේ. 5 මෙන්ම 7 වැන්න තුළද ශනි විසින් වැඩි වයස් සබඳතාවලට වැඩි රුචියක් දක්වයි. පිරිමියාගේ වයස 25 ක් පමණ වූ විට වයස 50-60 පැන්න කාන්තාවක් සහේට ගනී. කාන්තාව අඩු වයසේදි තමාට වඩා වයසින් වැඩි පිරිමියෙකු සමඟ සබඳතා ඇතිකර ගැනීමට පෙළඹේ. මෙය එක්තරා විකෘති තත්වයක්ද විය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ

වාස්තුවේදී

ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.