සර්ප විෂ නිර්මාණය වීම, හා විෂ දළවල ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවෙයිද?

ජුනි 21, 2019

විෂ නිර්මාණය වී ඇත්තේ ප්‍රෝටීන් හා ජලය සංකලනය වීමෙනි. සර්ප විෂ ඝන උකු වළාකුළක් ලෙසින් දර්ශනය වන අතර එය ශරීරය තුළට වැදීමෙන් එන්සයිමයක් ලෙසින් විවිධාකාර අයුරින් ක්‍රියා කරයි. උෂ්ණත්වය අංශක 35 දී සර්ප විෂ වියළී යන අතර වියලා ගන්නා ලද විෂ කහ පාටින් යුක්ත ය. ඇතැම් සර්ප විෂ එක්ස් කිරණ වැදුණු කල විනාශ වී යයි.

සර්ප විෂ සංයුතිය කෙරෙහි විමසා බැලීමේ දී එය ප්‍රෝටීන් වර්ග 30 කින් පමණ සෑදී ඇති බව සඳහන් ය. සර්ප විෂ පදාර්ථ සමහර ඒවා සිරුරට හිතකර වන අතර සමහර ඒවා අහිතකර ය. පොදුවේ ගත් කල සර්ප විෂ රුධිරයට රුධිර සංසරණයට මෙන්ම හෘදයට තදබල ලෙස හානි විපත් ආදිය පමුණුවන බව සැළකිය යුතු යි.

තවද නාග විෂෙහි මූලික ප්‍රෝටීන් 21% ක් අඩංගු වෙයි. එහි අඩංගු ‘නියුරෝ ටොක්සින්’ ස්නායු අඩපණ කරවන අතර ඉන්වන ප්‍රතිඵලයක් ලෙසින් අංශභාගය පවා ඇතිවිය හැකි බව විශේෂයෙන් මෙහිලා සඳහන් කළ යුතු ය.

සර්ප විෂ අම්ලයක් ලෙසින් ද සැළකේ. ඒ අනුව සර්ප විෂෙහි ඇමයිනො අම්ලය අඩංගු ය. ඊට අමතරව ඔක්සයිඩ්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම් හා යකඩ සර්ප විෂෙහි අන්තර්ගතයි.

සර්ප විෂ ඉතා වටිනා ඖෂධයකි. අවශ්‍යතාවය අනුව සර්ප විෂ ග්‍රෑම් 01 ක් ඩොලර් 1000ක් පමණ වටිනාකමකින් යුක්ත වන බව දැක්වේ. සර්ප විෂ උපයෝගී කරගෙන ඇදුම, අපස්මාරය, අධික ලේ යාම, හදවත් රෝග, ලේ කැටි ගැසීමේ රෝග, හන්දිපත් ඉදිමීම, හිසරදය, ලාදුරු හා පිළිකා ආදී රෝගසුවකළ හැකි ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

දේශමාන්‍ය ආයුර්වේද වෛද්‍ය, ආචාර්ය
ප්‍රභාත් ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.