භාව චක්‍රය පිළිබඳවයි

ජුනි 21, 2019

කේන්ද්‍රයක භාව 12 කි. ඒ පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම මෙහි අරමුණයි. පළමු භාවය ලග්නස්ථානයයි.

ලග්නස්ථානය

භාව චක්‍රයේ ප්‍රධාන ස්ථානය මෙය වේ. පුද්ගලයින්ගේ ශරීරයට,ජීවිතයද උපත හා එයට අයත් කරුණුද පෙනීම පෞරුෂය පිළිබඳව විස්තරද ජීවත් වීමේදී වඩාත් වැදගත් වන බුද්ධිය හා ඥානය නියෝජනය කරණ ස්ථානය මින් පෙන්නුම් කරයි. මෙහි සිටින ග්‍රහයින් මගින් උපත සිදුවුණ ස්ථානයද පෙන්නුම් කරයි.

ජීවිතය පිළිබඳ සියල්ලම කැටිකර ගත් ස්ථානය බැවින් ලග්නාධිපති බලවත්ව සිටීම ඉතාම යහපත් වේ. ලග්නයට ගුරු – ශුක්‍ර පුර සඳු වැනි සෞම්‍ය ග්‍රහයින් හේතුවෙන් යහපත් ශරීරය හිමිවේ. ශනි + කේතු වැනි ග්‍රහ බලපෑම් නිසා පැහැය අඩු කරයි. ලග්නය බලවත්වීම ජම්මියා ඉතා දක්ෂ, ඥානවන්ත, නිරෝගී ශරීරයක් හිමි අයකු වෙයි. ලග්නය දුර්වලනම්, කෙතෙක් බලවත් ග්‍රහයෝග යෙදුණද ප්‍රතිඵල නිසි ලෙස නොලැබේ. මේ මගින් පුද්ගලයාගේ හිසද නිවේදනය කරයි.

ධනස්ථානය

ජීවිත පැවැත්මට ආධාරවන සියලු ධන තත්වයන් මෙම භාවය මගින් පෙන්වයි. මිල මුදල්, භව බෝග සම්පත්, ආහාර ආදිය පිළිබඳව සේම පුද්ගලයාගේ මනා පැවැත්මට ආධාර වන ‘සප්තාර්ථ ධනය” (ශ්‍රද්ධාව , ශීලය, වරදකිරීමට ඇති ලජ්ජාව, භය,ත්‍යාගිවන්තබව, බහුශ්‍රැත කම) ආධ්‍යාත්මකව ගුණධර්ම වාග් චාතුර්ය,ආහාරද්‍රව්‍ය පිළිබඳව පෙන්වීම මේ මගින් පෙන්වයි. 10 වැනි භාවයෙන් 05 වැනි භාවය නිසා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳවද කරුණු පෙන්වයි. එසේම විවාහයෙන් පසු අඹුදරුවන් සමඟ ගෙවන ජීවිතය පිළිබඳවද කරුණු මින් ප්‍රකාශ කරණා බැවින් මෙය” කුටුම්භස්ථානය” ලෙසද හැඳින්වෙයි. මුහුණ, කට, නිකට, දත්, දිව, දකුණු ඇස හා උගුර පිළිබඳව කරුණු පෙන්නා දෙයි.

සහජ ස්ථානය

මේ මගින් බාල සහෝදරයින් පිළිබඳ ධෛර්ය හා වික්‍රමය ගැනද පෙන්නා දෙන බැවින් “ වික්‍රමස්ථානය ලෙසද හැඳින්වේ. සහජ දක්ෂතා හෙවත් සසර පුරුදු ගැන විමර්ශභාවය කරන්නේ මේ මාර්ගයෙනි. මූලික අධ්‍යාපනය පොත්පත් හා ලියකියවිලි , සාහිත්‍ය කටයුතු ගැන පෙන්වන නිසා අධ්‍යාපනය ගැනද නිවේදනය කරයි.

නිර්මාණශීලි බව හා කුසලතා ආදිය හා ආයුධ , උපකරණ හැසිරවීම පිළිබඳවද මේ මගින් බලනු ලැබේ. කෙටි ගමන් නිවේදනය කරයි. 07 අධිපති 03 වැන්න හා සම්බන්ධ වූ විට ආගන්තුක අයකු හා (යෝජිත) විවාහ වෙයි. ශරීරයේ අත්, උරහිස, බෙල්ල, කෙළවර ග්‍රන්ථීන් හා පපුවේ උඩ කොටස හා දකුණු කන හා කන් ඇසීම ගැනද ස්වාස නාලය ගැනද නිවේදනය කරයි.

සුඛ ස්ථානය :–ජීවිතයේදී අත්විඳින සැප පහසුව පිළිබඳව විමසන ස්ථානයයි. කුඩා අවදියේදී සැපත හේතුවන මව ගැනද, මින් පෙන්වයි. එබැවින් මාතෘස්ථානය ලෙසද, ඥාතීන් පිළිබඳව මින් විස්තර ප්‍රකාශිත බැවින් “බන්ධුස්ථානය” ලෙසද පෙන්වයි.

ගේ,දොර,ඉඩකඩම්– යානවාහන ආදි දේපොල පිළිබඳව අධිෂ්ඨානය හා කැමැත්ත ගැනද මෙම ස්ථානයෙන් පෙන්වයි. ජම්මියාට සැප සලසන කරුණුමින් නිවේදනය කරයි. මනස හා මානසික තත්වය ගැනද මෙහි අධිපති ග්‍රහයා බලපාන බව සඳහන් වේ. පුද්ගලයාගේ අධ්‍යාපනය හා සුදුසුකම් පිළිබඳවද නිවේදනය කරන මෙමගින් ශරීරයේ පපුව පෙදෙස නියෝජනය කරයි. පෙණහළු හා හෘදයේ උඩ කොටසද අයත් වන්නේ මෙම භාවයටයි.

විද්‍යා ස්ථානය

ද්විතීය අධ්‍යාපනය පිළිබඳව මෙන්ම අවබෝධ කරගැනීමේ හැකියාව දූරදර්ශීබව හා සැලසුම් සහිතව මෙම ස්ථානයෙන් පෙන්වයි. මෙය විශේෂ ධනස්ථානයක් ලෙසද සළකයි. මෙම 05 වැන්න බලවත් නම් පුද්ගලයා යසඉසුරු ලබයි.

පූර්ව ජම්මයේ තත්වය පෙන්වන බැවින් පූර්ව පුණ්‍යස්ථානය ලෙසද හැඳින්වේ. පී‍්‍රතිය, විනෝදය, නැටුම් /ගැයුම්, සම්බන්ධව හා පේ‍්‍රම සම්බන්ධතා පිළිබඳව පෙන්වන්නේ මේ විද්‍යා ස්ථානයෙනි. තවද පස්වැන්න බලවත්වූ විට චරිතය,ආගම්, දර්ශන, පිළිබඳව ඥානයද අන් අයට අවවාද දීමේ හැකියාවද ඇතිවේ. දරුඵල පිළිබඳ පරීක්ෂණයේදි ‘පුත්‍රස්ථානය” ලෙස ඉතාම වැදගත් වෙයි. එය විවාහ ස්ථානය වන හත් වැන්නෙන් 11 වැන්න වන බැවින් විවාහයේ ලාභය වන දරුවන් නියෝජනය කරන ස්ථානයයි. එසේම තුන්වැන්නෙන් තුන්වැන්න වීම නිසා දෙවන බාලසහෝදරයාගේ සහෝදරිය නිවේදනය කරයි. ශරීරයේ උදර කුහරයේ උඩ කොටසද හෘදය හා ආමාශයද මෙයට අයත් ශරීර කොටස් වන්නේය.

සතුරු ස්ථානය

07 වැනි පිටුවට

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වෑගොව්වේ

එන්.පී.ආතර්

රාජසිංහපුරය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.