ඔබේ විවාහයත් ප්‍රමාද ද?

ජුනි 28, 2019

වර්තමාන සමාජය දෙස බලන විට විවාහ ප්‍රමාදය විශාල ගැටලුවක් බවට පත් වී තිබේ. ඕනෑම තරුණයෙක් හෝ තරුණියක් නිසි වයසට පැමිණි කල විවාහ ජීවිතයට ඇතුළු වීම ඔහුගේ හෝ ඇයගේ පරම අපේක්ෂාවයි. තරුණියක් නම් අවු 20-25 ත් අතරත් තරුණයෙකු නම් 25-30 ත් අතරත් විවාහ විය යුතුයි.

යන්න සාමාන්‍ය පිළිගැනීමයි. යම් හෙයකින් මෙම වයස් සීමා ඉක්මවා යන්නේ නම් එය විවාහ ප්‍රමාදයක් සේ සලකයි.

නූතන සමාජ රටාව තුළ අධ්‍යාපනය තුළින් සමාජයේ ඉහළ තලයකට පිවිසීම සමාජයේ සෑම දෙනෙකුගේම අපේක්ෂාව වී ඇත. මේ නිසා ස්ථාවර ජීවන තත්වයකට අවතීර්ණ වීමෙන් අනතුරුව විවාහය ගැන සිතන පිරිස් වැඩි වී ඇත. මෙවැනි අපේක්ෂාවන් සියල්ල ඉෂ්ට සිද්ධ වී විවාහයක් ගැන සිතනවිට සමහර විටක අවුරුදු 30 ඉක්මවා ගොස්ය. ඉන් අනතුරුව දෙමාපියන්ගේද කැමැත්ත අනුව සුදුසු සහකරුවකු හෝ සහකාරියක සෙවීම සුළු පටු කාර්යයක් නොවේ.

පාරම්පරික චින්තන රටාව තුළ හිඳගෙන වර්තමානයේද දෙමාපියෝ තම දියණියට හෝ පුතුට සෑම අතින්ම ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දීමේ අරගලයක යෙදී සිටී. මේ බව සතිඅන්ත පුවත්පතක මංගල යෝජනා තීරය නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වේ.

ඉහත දැක්වූ පෞද්ගලික සමාජමය හා ආර්ථික හේතුන් සම්පූර්ණ වුවද කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව විවාහය කල්යන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ රැකියාව, උගත්කම, රූමත්කම, යානවාහන, දේපළ, වතුපිටි, සියල්ල සම්පූර්ණව තිබියදීත් විවාහය ප්‍රමාද වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ ජන්ම කේන්ද්‍රය තුළ විවාහ පමාකරන බලවත් ග්‍රහ පිහිටීම් එකක් හෝ කිහිපයක් තිබෙන්නට පුළුවන.

මෙහිදී බොහෝ දෙනෙක් සෙනසුරු ග්‍රහයා වෙත ඇගිල්ල දිගු කරයි. විවාහය ප්‍රමාද කරන ග්‍රහයන්ට සෙනසුරු පමණක් නොව ගුරු, කේතුද සමහර අවස්ථාවල මෙයට හවුල් වේ.

ලෞකික ආශාවන් කෙරෙහි වැඩි නැඹුරුතාවක් නොමැති ශනි,කේතු, ගුරු වැනි ග්‍රහයන් විවාහ කාරක සිකුරු මත ඇතිකරන බලපෑම් විවාහය කෙරෙහි මන්දගාමී සිතිවිලි ඇතිකිරීමට සමත්වන අතර විවාහය පමා වීමට හේතු විය හැකිය.

ශනි 7 වැන්නේ තැන්පත් වීම, හත්වැන්න දැකීම, ශනි 7 වැන්නාධිපති වී 6,8,12 යන භාවයක සිටීම, පාපී ග්‍රහයෙකු සමඟ 7 වැන්නේ සංයෝග වීම සහ ලග්නාධිපති සමඟ සම්බන්ධ වීම ආදී පිහිටීම් විවාහය කෙරෙහි ජන්මියා තුළ පවතින ආශාව.උනන්දුව අඩුවීමට හේතු වේ. එම උදාසීනත්වය නිසා ඇතිවන අක්‍රියභාවය නිසාම විවාහ පිළිබඳ තීන්දු තීරණ ගැනීම පසුවට කල් තබයි.

විවාහයක් සිදු කිරීමට විවාහ කාරක වූ සිකුරු කුජ යන ග්‍රහයන් සහ කේන්ද්‍රයේ අන්‍ය ග්‍රහ පිහිටීම් යහපත් අයුරින් ක්‍රියාත්මක වූ විට නියමිත කාලයේදී එම කටයුතු කර ගැනීමට එම ග්‍රහයින්ගේ දායකත්වය ලැබේ.

ලග්නයෙන් මෙන්ම සඳුගෙන් ( චන්ද්‍ර ලග්නයෙන්) 7 වැන්න හත අධිපති හා සිකුරු මතට ශනිගේ දෘෂ්ඨිය යොමුවීම සමඟ පවතින දසා අධිපතියා එතරම් බලවත් නොවීමද විවාහය ප්‍රමාද වීමට හේතු වේ.

ශනි, සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද කිරීමෙහිලා බෙහෙවින් හේතු වේ. විශේෂයෙන් මේ දෙදෙනා හත් වැන්නේ සංයෝගවීම හෝ දෘෂ්ටි ගතවීම විවාහයට ශුභදායක නොවේ. ශනි, රවි, සංයෝගය ශනි විසින් 7 දැකීම තැන්පත් වීම,ආදියද විවාහය ප්‍රමාදයට හේතු විය හැකිය.

කාමරාගී බවින් හීන වූ ගුරු ශනි දෙදෙන සංයෝග වීම හෝ එකිනෙකා දෘෂ්ඨිගතවීම ලෞකික ආශාවන් කෙරේ නොබැඳුණු ප්‍රවණතා සංකේතවත් කරයි. විවාහයට ඍජු ලෙස බලපාන භාවයක මෙම දෙදෙනා නියෝජනය වීම ජන්මියා තුළ විවාහය කෙරෙහි පවතින උනන්දුව මන්දගාමී වීමට හේතු වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනී

තුෂාරා

වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.