මුළු රටම සැබෑ දෙව් සැණකෙළියක් බවට පත්වන ඇසළ මාසය

ජූලි 5, 2019

පෙර රජදරුවන් ඇරඹූ පුද පූජා ධාතු ප්‍රදර්ශනය පෙරහැර වසන්ත උත්සව පමණක් නොව දානමානාදියද ලබාදෙමින් සියලු වත් පිළිවෙත් ඉටුකරනු ලබන්නේද ඇසළ මාසයෙහිදීය.

ඇසළ මාසයේ ආරම්භය සමඟම ඇසළ සමයද උදාවිය. පොසොන් මාසය ගෙවී අනතුරුව පැමිණෙන ඇසළ මාසය ආගමික වතාවත් සමඟින් ඇසළ සිරිය මවාපාන කෙළිලොල් කාලයක් ලෙස සැලකේ. වෙසක්, පොසොන්, දෙමස ආගමික පුද පූජා උත්සව හා වන්දනාමානවල යෙදෙන මාසවේ.

විනෝදජනක මාසයක් ලෙස සැලකෙන ඇසළ මාසය පුද පූජා සිරිත්වලට මුල්තැන දෙමින් පෙරහර ආගමික උත්සව තුළින් සිත්සතන් ප්‍රබෝධමත් කිරීමෙන් මුළු රටම ඇසළ සැණකෙළියක් බවට පත්කෙරේ. මේ මාසයේදී දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල සැණකෙළි , පී‍්‍රති උත්සව පැවැත්වේ. පුරාණයේදී මේවා ඇසළ කෙළි නමිනුත් දෙව්කෙළි නමිනුත් ව්‍යාවහාර වී ඇත. දුරුතු, නවම්, මැදින්, බක් , වෙසක් යන මාසවලින් පසු එළඹෙන ඇසළ මාසය සිත් සතන් තුළ ආගමික ප්‍රබෝධයක් ඇතිකරවන රට එකම ආගමික මංගල්‍යයක් බවට පත්කරවන මාසය වේ.

පෙර රජදරුවන් ඇරඹූ පුද පූජා ධාතු ප්‍රදර්ශනය පෙරහැර වසන්ත උත්සව පමණක් නොව දානමානාදියද ලබාදෙමින් සියලු වත් පිළිවෙත් ඉටුකරනු ලබන්නේද ඇසළ මාසයෙහිදීය. බෝසතුන් මව් කුස පිළිසිඳ ගැනීම සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මීම බුදුන් වහන්සේ බරණැස දී පස්වග මහනුන්ට ප්‍රථම ධර්මදේශනාව පැවැත්වීම ගණ්ඩම්බරුක්මුලදී යමාමහ ප්‍රාතිහාර්ය පාමින් තීර්ථකයින් ධමනය කිරීම තව්තිසා දෙව්ලොවදි දෙවියන්ට ධර්මය දේශනා කිරීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ආදි සිද්ධීන් රැසක්ම සිදුවූයේ ඇසළ පොහෝ දිනදීය.

තවුතිසා දෙව්ලොවදී දෙවියන්ට ධර්ම දේශනාව පැවැත්වීම ධම්මචක්කප්පවත්වන සූත්‍රය බරණැස්නුවර ඉසිපතනාරාමයෙහි මුවන් වාසය කරන තැනක්වන මිගදාහිදී දේශනා කිරීම එය දේශනා කරනු ලැබුවේ පංචවග්ගීය භික්ෂූන්වන පස්වග මහණුන් උදෙසාය. යංකිංචි සමුදාය ධම්ම සබ්බංතං නිරෝධධම්මං යනුවෙන් පවත්වනු ලැබූ එම ධර්මදේශනාව අසා සිටි සියලු දෙවියන්ද බඹ ලොව වසන බ්‍රහ්ම පරිත්තාහ ඇතුළු බ්‍රහ්මලෝකයෙහි සියලු බ්‍රහ්මයෝද බුදුන් වහන්සේගේ සදහම් දේශනාව අසා සාදුකාර දෙනු ලැබුවේත් ඇසළ පුණු පොහෝ දිනදීය. සකල ලෝක සිවන්කර තථාගතයන් වහන්සේ ප්‍රථමධර්ම දේශනාව ඇසළ පොහෝ දිනකදී පවත්වනු ලැබූ බැවින් ඇසළ පෙරහැර එම සිද්ධීන් සිහිපත් කිරීම සඳහා ඇරඹුණු බවද සඳහන් වේ. සව් සැපතින් පිරි රජ පදවිය අතහැර සසර සතුනට සෙත සදානුව ගිහිගෙයින් නික්ම පැවැදි වන්නට සිදුහත් කුමාරයාණන්ට සිත් දුන්නේද ඇසළ මස පුණු පොහෝ දිනකදීය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

සටහන –

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.