ඔබට සරසවි වරම් හිමිද ?

ජූලි 19, 2019
උසස් පෙළ විභාගය ආරම්භවීමට ඇත්තේ දින කීපයක් පමණි. සමහරක් දරුවන් විභාගයට පෙනී සිටීමට, මහා පෙර සූදානමක් ඇතිව, විශාල බලාපොරොත්තු හිතේ තබාගෙන, සුන්දර සිහින දකිමින් සිටිනවා විය හැකි ය. 
එම සුන්දර සිහිනය සරසවි වරමක් ලබා ගැනීම නේද? ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීම තුළින් ඔබට හිමිවන්නේ සාමාන්‍ය උපාධියක්ද, පශ්චාත් උපාධියක් ද, එසේත් නැතිනම් ආචාර්ය උපාධියක් ද යන්න පැවසිය  හැකි ය.කෙසේ නමුත් හැමදෙනාටම සරසවි වරම් ලබාගත නොහැකි බව මතක තබා ගත යුතු අතර, එවැනි දරුවන් තමාගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා තෝරාගත යුතු දිශාව කුමක්ද? යන්න නිවැරදිව හඳුනාගෙන, එම අංශය ඔස්සේ ගමන් කිරීම මඟින් තම ඉලක්කය සපුරාගත හැකිවන අතර ජීවිතය ජයගත හැකි වේ. මේ සඳහා ඡ්‍යොතිෂ විද්‍යාව මඟින් විශාල පිහිටක් ලබාගැනීමේ හැකියාව පවතී. 
කේන්ද්‍ර සටහනක අධ්‍යාපනය පිළිබඳව 5 වැන්නෙන් කියවෙන අතර 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න උසස් අධ්‍යාපනය තීරණය කරයි. ගුරුගේ හා බුදගේ පිහිටීම, ඉහත සඳහන් කළ ස්ථාන දෙක, එනම් 5 වැන්න, 9 වැන්න අධිපතින්ගේ පිහිටීම, අධ්‍යාපනය ලබන කාලවකවානුවල ගත කරන මහදශා, අන්තර්දශාවල බලපෑම, ග්‍රහ ගෝචරය පදනම් කරගෙන මේ සියල්ල ප්‍රකාශ කළ හැකි වේ. 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
විද්‍යාවේදී ඡ්‍යොතිෂවේදී 
ගෝඨාභය මුදලිගේ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.