ජීවක වතගොත

ජූලි 26, 2019

තෙරිපැහැ ආරියවංශ වෙදැදුරාණෝ

වෛද්‍ය දේශබන්දු තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ මහතා නුවරඑළිය වලපනේ තෙරිපැහැ සිදුහත් මහ විදුහලේ අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාවට ඇතුළත්ව ඇත.

අනතුරුව තම මුත්තනුවන් වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධරව වැඩසිටි තෙරිපැහැ සිරි සීලවංශ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ වර්තමානයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහනාහිමිපාණන් වහන්සේ යටතේ ඉගෙනීමේ කටයුතු සිදුකරන ලදී.

පාරම්පරික දේශීය වෙදකම හා භූත විද්‍යාව වලපනේ, මැතිවරණ කොට්ඨාශයට අයත් කලගත්වත්ත මිරිස්වත්ත ඉඩම් හිමි වැවිලිකරු ජේ.කේ.ඇම්. කිරිවාන්තේ නිළමේතුමා, තම මවගේ පියතුමා (අත්තා) යටතේ, පාරම්පරික දේශීය වෙදකම සහ භූත විද්‍යා, කටයුතු හදාරන ලදී.

අනතුරුව එතුමාගේ මිය යෑමෙන් පසු එම වෛද්‍ය ශාස්ත්‍රය වැඩිදියුණු කර ගැනීමට පුත්තලම තබ්බෝව සිසිර කුමාර ලියනආරච්චි මැතිතුමන් යටතේ සර්ප විෂ වෙදකමද, කොබෙයිගනේ අලහේනගම පදිංචිව සිටි ජී.ඇම්. අලුත්දෙණිය ගුරු පියතුමාණන්ගෙන්, සර්වාංග වෙදකම හදාරන ලදී.

මේ වන විට 1980 වර්ෂයේ සිට දසක හතරකට ආසන්න කාලයක් පාරම්පරික සර්වාංග වෙදකම සර්ප විෂ වෙදකම, භූත විද්‍යාව ඡ්‍යොතිෂ කටයුතු වාස්තු විද්‍යා කටයුතුවල නියැළී සිටිමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙත විවිධ වෛද්‍ය ශාස්ත්‍රීය මෙන්ම සමාජ සුබසාධන හා ආගමික අංශයන් තුළින් සමාජ මෙහෙවරක් ඉටුකර ඇත.

රෝග පරීක්ෂා ක්‍රම

විශේෂයෙන්, මෙතෙක් ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත ලෙස භාවිතා නොවන, භූත වෛද්‍ය නාඩි ක්‍රමය, හා චතුර්වේද වෛද්‍ය නාඩි ක්‍රම අනුව රෝග පරීක්ෂනය රෝග හඳුනා ගැනීම නාඩි විද්‍යා ගණිත නිමිති ක්‍රමය තුළින් රෝග හඳුනා ගැනීම, තුළින් අදාළ රෝග සඳහා ප්‍රතිකාර සහ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම තුළින් දේශිය හා බටහිර වෛද්‍ය ක්‍රම මඟින් සුව කිරීමට නොහැකි බොහෝ රෝගාබාද සඳහා භූත පූජා, දේව පූජා, ග්‍රහ පූජා වැනි ඒ ඒ රෝගවලට යෙදෙන විවිධ අදෘශ්‍යමාන බලපෑම් සඳහා ප්‍රතිකර්ම යොදා රෝග සඳහා ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණ සුවය ලබා දීමට දක්ෂ වී ඇත.

බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කිරීමට නොහැකි බැව් ප්‍රකාශකළ ඇති ඇටමිදුලු දියවීමේ රෝග, තයිරොයිඩ් ග්‍රන්ථිආබාධ, පිළිකා වැනි රෝග වලින් පෙලුණු රෝගීන් රාසියක් සුවකර ඇත. බොහෝ විට මෙවැනි රෝගීන් ඔහු වෙත යොමු කරන්නේ බටහිර වෛද්‍යවරුන් මඟිනි.

 

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

ඉසුරු සෙවණ,

හිඳගොල්ල

කුරුණෑගල

037 22 36023

එතුමා මෙතෙක් සිදුකළ හා සිදුකරගෙන යනු ලබන ඡ්‍යොතිෂ හා ආයුර්වේදීය මෙහෙවර හා සමාජ ශාසනික කටයුතු තව තවත් සිදුකරලීමට චිරාත් කාලයක් හැකිවේවායි සුබාශිංසන ප්‍රාර්ථනා කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.