සුබ මුහුර්තියෙන් වීදි සරනසිරි දළදා පෙරහර

ජූලි 26, 2019

සියලු අංගයන්ගෙන් සපිරි අලංකාර රන්දෝලි පෙරහර

පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු උදාවන එකොළොස්වන දිනයේ දී රන්දෝලි පෙරහර ආරම්භ වේ. “රන්දෝලිය” යනු අතීත රජ බිසෝවරුන් ගමන් කරන ලද දෝලාවයි. සතර දේවාල සතුව පවතින රන්දෝලි ද මෙහිදී පෙරහරට එක් වේ. පැරණි ඇසළ පෙරහැරේ රජු සමඟ ප්‍රධාන අධිකාරම්වරු දෙපළ මෙන්ම දිසාවේවරු ද ගමන් ගෙන ඇත.

සෑම වසරකම පෙරහර මංගල්‍යයට අවශ්‍ය සියලුම සැලසුම් සම්පාදනය කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ නිත්‍ය ගිහි භාරකරුවා වන දියවඩන නිලමේතුමාය. මේ අනුව දළදා මාලිගාවේ, නාථ,විෂ්ණු, කතරගම, පත්තිනි දේවාලවල ද සිදු කරන පෙරහැර සඳහා දින වකවානු සහ සුබ මුහුර්ති බැලීම සිදුවේ.

මේ සඳහා සුබ මුහුර්ති සකස් කරන්නේ දළදා මාලිගාවේ රාජකාරි බාර නැකැත් මොහොට්ටාල ( නැකැත් කෝරාළ) ය. මෙම නැකැත් බැලීම චිරාගත සම්ප්‍රදායකි. මෙලෙස සකස්වන නැකැත් සීට්ටුව අනුව දළදා පෙරහැර පවත්වන දිනය හරියටම දිය වඩන නිලමේතුමා විසින් රටට ප්‍රසිද්ධ කළද පෙරහැර දළදා මාලිගාවෙන් පිටත් වන නිශ්චිත වේලාව රහසක් වශයෙන් තබා ගැනීම ද සිරිතකි.

කප් සිටුවීම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රඹුක්කන

කීර්ති එස්. කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.