උදරයෙන් හෙළිවන ජීවන තොරතුරු

අගෝස්තු 2, 2019

යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ උදරයේ පිහිටීම හෙවත් ස්වභාවය පරීක්ෂා කර බලා ඔහුගේ හෝ ඇයගේ ජීවන තොරතුරු, ගතිගුණ ආදිය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව දේහ ලක්ෂණ ශාස්ත්‍රයට තිබේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ ඒ පිළිබඳවයි.

රෝම නොමැතිව, මෘදුව හා තුනීව පිහිටි සමකින් යුතු පි‍්‍රයමනාප උදරය ස්ත්‍රියකට ශුභඵල උදාකරයි. මස් මෙලොක්ව ද ඇත්නම් වැඩි ශුභඵලය. ධන ධාන්‍යාදී සැප සම්පත් ලබා සුවබර දිවියක් ගෙවන්නීය. යම් ස්ත්‍රියකගේ උදරය මැඩියකුගේ හැඩය ගනී නම් ඇය භාග්‍යවන්තය. රජයේ උසස් තනතුරු ආදිය ලබා ගැනීමට උරුමකම් තිබේ. ගෞරවය, ප්‍රසිද්ධිය හා ජනපි‍්‍රයතාව නිතැතින්ම පාහේ උරුම වෙයි. කිසි කලෙකත් ආර්ථිකය අතින් දුබල නොවන තරම්ය. ඇලපත දෙපස මසින් පිරී මනාව පිහිටි උදරය ඇති කාර්යශූරය. උත්සහවන්තය. විවාහ දිවිය සිත් පරිදි වෙයි. යම් ස්ත්‍රියකගේ උදරය මසින් තොරව නහර මතුව ඇත් ද කලයක, පුහුල් ගෙඩියක හැඩය ගනී ද ඇය දුක්බර දිවියක් ගෙවන්නීය. චරිත ගතිගුණ නරක අතට හැරෙයි. දරුඵල හීනය. වකුටු ස්වභාවය ඇති උදරය හිමි ඇත්තිය ද නිතරම පාහේ දුක් කරදරවලට පැටලෙයි. අන්‍යයන් යටතට පත්වන ගතියක් පවතී. වැහැරුණු උදරය ඇති ස්ත්‍රියකගේ ඥාතීන්ට අපල ඇති කරයි.

 

මාවනැල්ල

නයෝමි පබසරා මැණිකේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.