ඔබ සහ හතරවන භාවය

අගෝස්තු 9, 2019

හතර වන භාවයෙන් සිත, පදිංචි නිවස, යාන වාහන, ලාභ, කායික සැපසම්පත්, මව, නිශ්චල, දේපළ, ගෘහ ජීවිතය පෙන්වයි.

එමෙන්ම හෘදය වස්තුව, පෙණහලු ආදිය ද වේ. හතරවන භාවය බලවත් අයට හොඳ පපුවක් තිබේ. නිරෝගී වේ.

හතර වැන්නට හොඳම ග්‍රහයා සඳු ය. පුර සඳු උතුම් යහපත් සිතිවිලි ද, අවසඳු පාපී සිතිවිලි ද, උපදවයි.

හතර වැන්න කටකය වී එහි සඳු හා ගුරු තැන්පත් වූ විට එය ගිහිගෙය කලකිරවන ශ්‍රේෂ්ඨ යෝගයකි.

කුජ හතරවැන්නේ වූ විට කිසිවෙකුටවත් නොනැමෙන තද සිතිවිලි ඇති අයෙකු බිහිවේ. තම අදහස හොඳින් හෝ නරකින් ඉටුකරගනී.

හතරවැන්න බුධට ශුභ ස්ථානයක්වීමෙන් ද ශුභ ග්‍රහයෙකු හා සම්බන්ධවීමෙන්ද ශුභ ග්‍රහයෙකුගේ දෘෂ්ටියට ලක්වීමෙන්ද හොඳ හිතක් ඇති කෙනෙකුන් බිහිවේ.

සඳු මෙන්ම හතර වැන්නට ගැළපෙන අනෙක් ග්‍රහයා ගුරු ය. හතර වැන්න කටක, ධනු, මීන රාශියක් වී ගුරු එහි සිටීමෙන් මෙලොව දියුණුව සලසා ගනී. දෙලොවටම යහපත සැලසේ.

හතර වැන්න මකරය වී ගුරු එහි සිටීමෙන් මෙලොව දියුණුව සැලසේ.

හතර වැන්න සිකුරුට දිග් බලවේ. යහපත් සාමකාමී සිතක් ඇත.

හතරවැන්නට නරකම ග්‍රහයින් රාහු හා ශනිය. කපටිකම් කරන්නෝ, වංචනිකයෝ, පගාකරුවෝ, අනුන් රවටන්නෝ, සමාජ ද්‍රෝහීන් එවිට බිහිවේ.

කේතු හතර වැන්නේ වූ විට සැඟවුන අදහස් ඇති අයෙකි. තේරුම් ගැනීම් අපහසු ය. අනුන් බොරුවෙන් රවටයි.

(පොත පත ඇසුරෙනි)

ඡ්‍යොතිෂවේදී

විමල් දුනුසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.