පොරොන්දම් හා විවාහය

අගෝස්තු 9, 2019

තම දූ දරුවාගේ නිසි කල යෙදුණ විට විවාහ කටයුතු ඉටුකර දීම මව්පියන් සතු යුතු කමකි. ඔවුන්ගේ කැමැත්තට පිටුපා කටයුතු කර ගන්නා දූ දරුවෝද එමටය.

මව්පියන් විසින් කටයුතු කරදීමේදී වගකීමක් ඇත. ඒ ගැන සොයා බැලීමක් හා උපදෙස් හා උදව් උපකාරයන් ලබාදීමෙන් සතුටට පත් විය හැකිය. දෙදෙනා ගේ කැමැත්ත අනුව කරගන්නා විවාහයකදී මොන අඩුපාඩුකම් , අගහිඟකම් ,විසඳාගත නොහැකි ගැටලු බාධකකම් යෙදුණත් ඔවුන්ටම විඳ දරා ගැනීමට සිදු වනු ඇත.

කෙසේ හෝ විවාහයකට මුල්වන ප්‍රධානතම කටයුක්ත වන්නේ පොරොන්දම් පරික්ෂාවයි.

“නියමයක් ඇතේ හඳහන් දෙක ගලපන්ට .

”සෙවීමක් නැතිව කටයුතු කළහොත් විපතකි උන්ට”

යනු පැරණි කවියකි. දෙපදයකි. බැලුවත් දියුණුව, නොබැලුවත් දියුණුව තවත් වදනකි. පෙරලුන ඔරුවේ හොඳ නරක පෙරලුන විටයි. මේ ගැන සිතා බලා කටයුතු කිරීම ඔවුනොවුන් අතර වගකීමක් මෙන් සතු බැඳීමකි. නිසිකල පැමිණි දූ දරුවන් සඳහා විවාහ කටයුතු කර දීමට කටයුතු කිරීමේදී ඔවුනොවුන් දැන හැඳිනගත් කටයුත්ත හෝ යෝජිත ආදී දෙයකින් කේන්ද්‍ර පොරොන්දම් බැලීම පළමු කටයුත්ත ලෙස සළකයි. යෙදෙන තත්වය විදහා පානුයේ ඡ්‍යොතිර්වේදියා විසිනි. නිසි ඡ්‍යොතිර්වේදියා නියම තතු පවසා සුදුසු හෝ නොසුදුසු තත්වය පවසා තීරණය කරයි. ඇහිඳ ගත් ඡ්‍යොතිර්වේදියා සුදුසු හෝ නුසුදුසු බව පවසා මුලාවේ දැමීමෙන් විපතට පත් වන්නේ දෙමාපියෝ නොව දූ දරුවෝයි.

විවාහ පරික්ෂා කිරීමේදී විසි පොරොන්දම් , දස පොරොන්දම් අෂ්ඨ පොරොන්දම් ක්‍රමයට පමණක් සීමා කරයි. ඉන් බැහැරව “සුදර්ශන” චක්‍රයට නාම පොරොන්දම ,ග්‍රාම පොරොන්දම තත්කාලීන ග්‍රහචාරයක් වැනි දෙයක් අනුගමනය නොකරයි.

ලිත් පොත් වලින් දැනගත් කරුණු කවුරුත් අනුගමනය කරයි. සියල්ලෝම ඍෂිවරයෝ නොවෙත්. ඍෂිවරු මෙන් ඡ්‍යොතිර්වේදියා කටයුතු කිරීම ඔහුගේ පහත් ක්‍රියාවකි. ඒ දැනුම මෙන්ම තමා ලබාගත් දැනුම හා අත්දැකීම් එකතු කරගෙන කටයුතු කිරීම නියම ඡ්‍යොතිර්වේදයාගේ යුතුකම මෙන්ම ලක්ෂණයයි.

කේන්ද්‍ර පරික්ෂාවේදී වැඩිපිරිසක් යුවතියගේ චරිත හා ගති ලක්ෂණ විමසයි. තම දරුවාගේ එවැනි ගතිගුණ පැවසීම ප්‍රමාණයෙන් වැඩිය. කෙසේ වෙතත් එම විවාහ කේන්ද්‍ර පරීක්ෂාවකදී ස්ත්‍රී කේන්ද්‍රගත මෙවැනි පිහිටීම් කෙරෙහි සැලකිල්ල දැක්වුව හොත් ස්ත්‍රියකගේ තොරතුරු බිඳක් දැකිය හැකිය.

ස්ත්‍රියකගේ කේන්ද්‍රයක අටවන රාශියෙන් වැන්දඹු වන බවත් ලග්නයෙන් ඇයගේ ශරීර ස්වභාවයද, හත්වන රාශියෙන් තම හිමියාගේ සෞභාග්‍ය තත්වයත්, පස්වෙනි රාශියෙන් දරුපල ද කියවෙන අතර සහකරුගේ කේන්ද්‍රයට මෙම තත්වයන්ද ගැළපෙන බව පරික්ෂාකාරිව බැලිය යුතුය. දූ දරුවන් අධ්‍යාපනය ඉගෙනීමෙන් බලාපොරොත්තු කාරණා ජයග්‍රහනය, සූදුව, ක්‍රීඩා ,කාමුකත්වය පිළිබඳව තොරතුරු දැන ගත හැකිය. එවිට විශේෂයෙන්ම පස්වැන්නද පරික්ෂා කළ යුතුය.

ලග්නය හා සඳු යන දෙදෙනා සම රාශියක වී එම යෝගය ලත් යුවතිය ගුණවත් රූමත් තැනැත්තියක් වේ. ඒ දෙදෙනා සුබයන්ගේ බැල්ම ලක්කල හොඳ යහපත් හා ආබරණ ලබන තැනැත්තියක් වී එවැනි පිහිටීම ඇති කේන්ද්‍රයක් සමඟ විවාහයද සුබදායක වේ. සතුට හා දියුණුව උපකාරයයි.

ලග්නය හා සඳ විෂම රාශියක සිටිය විට උපන් ස්ත්‍රියක් පුරුෂයකුට සම ආකර්ෂණය සළසන කෙනෙකි. දුර්වල වූ සිත් ඇත්තියක් හා දුක්ඛිත තත්වයක් ඇති කරවීමට පත්වන අතර ඒ දෙදෙනා පාප දෘෂ්ඨියකට පත්වූ කළද එම තැනැත්තිය පවට බර ගුණයෙන් හීන බවට පත්වන තැනැත්තියකි. මෙම පිහිටීම එතරම්ම සුබදායක නොවන අතර පරික්ෂාවට ලක් කළ යුතු කාරණයකි.

ලග්නාධිපතියන් සඳුත් බලවත් වූ විට එවිට ලග්නය හෝ සඳු ,කුජ, කිවි , බුධ, ගුරු ,ශනි යන ග්‍රහයින් පස් දෙනාගෙන් යමෙකුගේ ත්‍රිංශාංශයකට සිටිය නම් ලබන පල සාර්ථකදැයි පරික්ෂාකාරීව බැලීම පොරොන්දම් විනිශ්චයකදී සහකාරියගේ හොඳ නරක ප්‍රකාශ වෙයි.

මාකෙහෙල්වල කරුණාපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.