නිරෝගී වීමටත් ආතතියෙන් මිදීමටත් හිරු, සඳු කිරණ පහස විඳිමු

අගෝස්තු 16, 2019

එළිමහන් තණ පිටියක, ගං ඉවුරක, මුහුදු වෙරළක කඳු මුදුනක ගත කරන්නට ඔබ කොතෙකුත් ආශා ඇති. සාහිත්‍ය රචකයන් සඳඑළිය හා ප්‍රේමය සම්බන්ධකොට ලියූ ගැදි පැදි රචනා ඔබ ආශාවෙන් කියවන්නටත් ඇති. ඒ අනුව මෙම ස්වභාවික පරිසරය තුළ ගත කරන්නට ඔබේ යටි සිතේ බොහෝ ආශාවන් දැනටත්, නොමැතිවන්නට බැහැ.

කරුණු එසේ වුවත් ඇත්ත වශයෙන්ම ඔබේ ජීවිතය ගෙවී යන්නේ කෙසේද යන්න මොහොතක් සිතා බලන්න. ඔබ අද වන විට ගෙය ඇතුළට සිරවුණු සත්වයෙකුගේ ගානට වැටී ඇතැයි කිවහොත් එය සත්‍යයක් නොවේද? කාර්යාලයක හෝ වැඩපලක ඇතුළත සේවය කර නිවසට විත් දොර වසාගෙන රූපවාහිනි යන්ත්‍රයක් ඉදිරියේ පැය කීපයක් ගත කර කාමරයකට ගොස් නිදාගනියි.

මේ ලෝකය ගත්විට එය පෘථිවිය, නැත්නම් පොළොව යයි කියමු. මෙකී පෘථිවියෙහි පැවැත්මට හිරු හා සඳු කොතරම් බලයක්, ශක්තියක් ලබා දෙන්නේ ද සොයා බැලුවොත් එය මිල කළ නොහැකිවේ. සතුන්, ගස්වැල් සියල්ලට ජීවය ලබා දෙන්නේ හිරු විසිනි. හිරු ලබාදෙන උණුසුම සත්වයෙක් අත්විඳීම අත්‍යවශ්‍ය ය. ආදි කාලයේ මිනිසුන් කෙත්වතුවල වත්තේ පිටියේ, හේන් වල කොතෙකුත් හිරුඑළියේ පහස විඳ ගත්තේ ය. එමෙන්ම හිරුගේ උණුසුම පාලනය කරමින් ජීවිත සෞම්‍ය තත්ත්වයට පත් කරන්නේ සඳුය. හිරු ගේ කිරණ පරාවර්තනයට ලක් කරමින් පෘථිවිය වටා භ්‍රමණය වෙමින් නිරෝගී සැපත, මානසික සුවය ඇති කරන්නේ සඳු විසිනි. ඡ්‍යොතිෂයේ දී හිරුගේ කිරණ සඳුගෙන් පරාවර්තනය නොවී වැසී යන අමාවක දිනය විෂ සහිත දිනයක් ලෙස භාවිතා කරන්නේ එහෙයිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

භාරත භාෂ්කර ශිරෝමනී, සාමවිනිසුර,

ඩී.ආර් කළුආරච්චි

මිනුවන්ගොඩ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.