වෙදැදුරාත් රෝගියාත් දෙදෙනාම ඉවසිය යුතුපක්ෂාඝාතය හෙවත්අංශභාගය

අගෝස්තු 16, 2019

මානව ශරීරයේ මෂ්තිශ්කය තුළ ඇති රුධිරවාහිනී නාලයන්හි රක්තාණු හෝ රුධිරවාහිනී පද්ධතියේ අඩංගු වෙනත් තෛලීය සංඝටක එක් රැස් වී ඇතිවන්නා වූ ඝන පදාර්ථයන් සිරවීම, මිදීම හෝ රුධිරවාහිනී නාලිකාවක් පිපිරීම වැනි හේතුවක් ප්‍රධාන කොට ඇති වන්නාවූ රෝගයකි පක්ෂාඝාතය

ඒකාංග රෝගය, පක්ෂවධය,අංශභාගය, අර්ධාංගඝාතය සේම පුරාණ පාරම්පරික වෙදුන් අතර “එක් අඩ සන්නිය” හා “අඩවාතය” යන නාමයන්ගෙන්ද හඳුන්වනු ලබන මෙම රෝගය දේශීය චිකිත්සා කර්මයේ කියවෙන අසූ විධ වාත රෝග අතරින් ප්‍රධානතම රෝගය ලෙස හැඳින්විය හැක. එසේම මෙම පක්ෂාඝාත රෝගය වැලදෙන ආකාරය අනුව කොටස් හතරකට බෙදා වෙන්කර දැක්වේ.

01.රෝගියාගේ එක් අතක් හෝ කකුලක් පමණක් පණ නැති කරමින් වැලදෙන පක්ෂාඝාත රෝගය “ඒකාංග ඝාතය” යන නම් ලබයි.

02. රෝගී ශරීරයේ එක් අර්ධයක මුහුණ විකෘතිව අත හා පය අප්‍රාණිකව ක්‍රියා හානිය සිදුවන පක්ෂාඝාතය “අර්ධාංග ඝාතය” ලෙස කියවේ.

03.රෝගියාගේ ශරීරයේ දෑත් හෝ පාද දෙක අප්‍රාණික කරමින් වැලදෙන්නා වූ පක්ෂාඝාත රෝග අවස්ථාව “අධරාංග ඝාත” නම් වේ.

04.දෑත් දෙපා යන සිව් අංගයහිම ක්‍රියා හානිය ඇති කරමින් මුහුණද සමඟ සියලු අවයව විකෘතියට පත් කර අප්‍රාණික කරමින් වැලදෙන්නා වූ පක්ෂාඝාත රෝග අවස්ථාව “සර්වාංග පක්ෂාඝාතය” ලෙසින් හඳුන්වනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික වෛද්‍ය

කෞෂල්‍යා

වාහලතන්ත්‍රිගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.