ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත්ව ඇති බෝ නොවන රෝග

අගෝස්තු 23, 2019

එමෙන්ම දැනට ව්‍යාප්ත වී ඇති බෝ නොවන රෝග අතර හෘදයාබාධ , පිළිකා, දියවැඩියාව, වකුගඩු රෝග, ස්නායු ආශි‍්‍රත රෝග, සන්ධි ආබාධ දිගුකල් පවතින ශ්වසන රෝග ඇදුම, හා හදිසි අනතුරු නිසා ඇතිවන රෝගාබාධ මෙන්ම වියපත් වීමේදි ඇතිවන රෝග ද ප්‍රධාන කොට සැළකිය හැකිය. බෝනොවන රෝග බොහොමයක්ම වයසට යෑමත් සමඟ වැළඳීම අනිවාර්යයෙන්ම සිදු වන දෙයකි.

එබැවින් නිතරම ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යම දෙයකි. කෑමෙන් , බීමෙන් මෙන්ම මානසිකවද යහපත් සිතුවිළිවලින් පසුවීම වඩාත්ම ගුණදායකය. බෝනොවන රෝග අතරින් සිදුවන මරණ අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත්තේ හෘදයා බාධවලින් වන මරණය.

දෙවන ස්ථානය පිළිකා රෝගවලිනුත්, තෙවන ස්ථානය පෙනහළු ආශි‍්‍රත රෝග තත්වයන්ටත් හේතුවී ඇත. සමාජය කාර්ය බහුල ජීවන රටාවකට හුරුවීම නිසා අනුගමනය කරන වැරදි ආහාර පුරුදු හේතුවෙන් බෝනොවන රෝග තත්ත්වය බෙහෙවින් ඉහළ මට්ටමකට පත් වෙමින් පවතී. හෘද රෝග දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග වැළඳීමේ හේතුවක් වී ඇත්තේ ද වැරදි ආහාර වලට යොමුවීමයි. වයස අවුරුදු හතළිහ ඉක්මවූ සෑම කෙනෙක්ම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

වයසට පත්වන විට ශරීර සෞඛ්‍ය පිරිහීමට පත්වේ. මේ නිසා රෝගාබාධවලට ලක්වීමේ අවස්ථා එමටය. විශේෂයෙන් ආබාධිත තත්වයට පත්වීමේ ඉඩකඩද බොහෝය. ශරීරය දුර්වලවී ඇති විට නොයෙකුත් කැඩුම් බිඳුම් වලට මෙන්ම වැටීම් වලටද ලක්වේ. මේ නිසා ප්‍රවේසම්වීම වැදගත් වේ. කන් ඇසීමේ හා ඇස් පෙනීමේ දුර්වලතාවයන්ටද ලක්වේ. විශේෂයෙන් මුඛ හා දන්ත රෝග ගැනද සැලකිලිමත්විය යුතුය.

වයස් ගත වීම සමඟ ඇතිවන වෙනස්කම් ද බොහෝ ය. දියවැඩියාව නොහොත් මධූමේහය රෝගයෙන් පෙළෙන්නේ නම් ආහාර පාලනය වැදගත් වේ. තුන්වේලටම ගත යුතු ආහාර හා දියයුතු ඖෂධ පිළිබඳව දැඩි ලෙස සැලකිල්ල යොමු කළ යුතුව ඇත. දියවැඩියා රෝගියකු රෝගය ගැන නොතකා ආහාර පාලනයෙන් තොරව ක්‍රියාකිරීම කොහෙත්ම සුදුසුනැත. දියවැඩියාවේ හේතුවෙන් ඇස්, වකුගඩු හා ස්නායු පද්ධතිය කෙරේද බලපෑම් ඇතිකරයි. ශරීරාංග කොටස් පවා කපා ඉවත්කිරීමට සිදුවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර
සටහන බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.