දරුවෙකුට අකුරු කියවන්න සුදුසු වයස

අගෝස්තු 30, 2019

මව්වරු වැඩි වශයෙන් උනන්දු වෙන්නේ තම දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් යොමුකර ඔවුන් මහා විද්වතුන්, ප්‍රාඥයින් , වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කරන්නට දරන වෑයම සුළුපටු නොවන ව්‍යායාමයක් බව සමාජය දෙස බැලීමේදී පෙනී යන කරුණකි.

විශේෂයෙන් ශිෂ්‍යත්වය නමැති අධ්‍යාපන යුද්ධයට යටවුන මව්වරු තම දරුවනට කරන බලපෑම එසේ මෙසේ නො වන බව පෙනීයන කරුණකි. දරුවාගේ හිසට පටවන බර ඔහුට උසුලාගෙන යා නොහැකි තරම් යැ. නූගත් මව තම දරුවාට පවසන අන්දම ඛේදජනකය. “පුතේ දොස්තර කෙනෙකු වන්නට ශිෂ්‍යත්ව විභාගය හොඳට පාස්වෙන්න ඕනි. ඇහුණාද” විභාගෙ පාස් නොකර මේ ගෙදරට එන්න එපා තේරුණාද? “එහා ගෙදර ළමයාට වැඩියෙන් ලකුණු ගන්න ඕනෑ හරිද? “ ඔයාගෙ අක්කට ආඩම්බර පෙන්නන්නට හොඳට විභාගේ පස්වෙන්න ඕනි හොඳ ද? “ යනාදී වශයෙන් තම දරුවන්ට අභියෝග කරන මව්වරුද පියවරුද, බොහෝ ඇත. මේ උදවිය තම මල් වැනි දරුවන්ගේ සිත් තලන ආකාරය, දරුවන් සිතෙන් තැවෙන ආකාරය නොදකින බව, නොදැනෙන බව ඔවුන්ට නොතේරේ.

දරුවකෙªට නැකතට අකුරු කියන්නට එනම් අත් පොත් තබන්නට ඔවුන්ගේ නිසි වයස එළැඹෙනතුරු මව්පියන් පුන පුනා බලා සිටිති. විශේෂයෙන් දරුවාට වයස අවුරුදු 3 පසුවෙත්ම දරුවාට අත්පොත් තබන්නට මාපියන් උත්සුක වීම වර්තමාන සමාජයේ සිරිත වේ. එනමුත් අකුරු කියැවීම සඳහා සුදුසුවන වයස ගැන මෙහිදී විමසීම වටී. වයස අවුරුදු 3 ත් 5 ත් අතර දිනයක් නියම කරගෙන සරස්වතී සහ ගණදෙවි පූජාව තබන්නට සූදානම් කර ඊට අවශ්‍ය ද්‍රව්‍ය ඒකරාශි කර තැබීම අත්‍යාවශ්‍යය. සරස්වතී දෙවඟනගේ රූපයක්ද,ගණදෙවි පින්තූරයක්ද තබා සකස් කරගත් පූජාසනයක උක්දඬු ,උක්සකුරු කෙසෙල්, තල කැරලි, කැවුම්, අග්ගලා ,අළුවා,මල් වර්ග කිහිපයක්, පොතක්, පෑනක්, මුදල් (කාසි නෝට්ටු) තැන්පත් කළ යුතුය. අකුරු කියැවීමට සුදුසුකම් ලද දරුවාට සුදු වස්ත්‍රයක් අන්දවා අකුරු කියැවීමට සුදුසු සරස්වතී යෝගයක් සහිත ශුභ වේලාවක් තෝරා ගෙන එදිනට යෙදෙන ශුභ නැකත උදාවෙන මධ්‍යයේ අකුරු කියවන ඇදුරුතුමා හෝ ස්වාමින් වහන්සේ විසින් පන්සිල් සමාදන් කරවා සෙත් පිරිත් සජ්ඣායනා කරවා ශුභ මුහුර්තියෙන් දරුවාට ශුභ අක්ෂරය කියවිය යුතුය.

ඈපා අප්පුහාමි නමැති වියත්හුගේ “මුහුර්ත චින්තා මාණික්‍යය” නැමැති පුස්තකයෙහි දක්වා ඇති පරිදි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.