ඔබටත් දේශපාලකයකු විය හැකිද?

අගෝස්තු 30, 2019

දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්නම් ඕනෑම අවස්ථාවකට මුහුණදීමේ හැකියාවක් තිබිය යුතුයි. ග්‍රහ මණ්ඩලයේ සිටින ග්‍රහයින් අතුරෙන් ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ඕනෑම දුකක් වේදනාවක් විඳ දරා ගැනීමට ජන්මියාට ශක්තිය ,ධෛර්ය ලැබෙන්නේ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගෙනි. මේ නිසා ශනි ග්‍රහයා ප්‍රබලවීම දේශපාලකයෙකුටය

ඉතා වැදගත් වෙයි.

අප රටේ දේශපාලනයට උපක්‍රමශීලි බව, කපටි බව ,කූට ප්‍රයෝගවිධි අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු දෙයක් වන අතර විශේෂයෙන් දේශපාලකයකු වීමට ප්‍රධාන වශයෙන්ම වාග් ශක්තියක්ද තිබිය යුතු වෙයි. එසේ නොමැතිව තමාගේ බසට හෝ තමාගේ ප්‍රතිපත්ති කරා ජනතාවගේ අවධානය යොමු කරවීම අපහසුය.

මෙම සුදුසුකම් ලැබීමට නම් තමාගේ කේන්ද්‍රයේ දෙවැන්න එහි අධිපතියා සහ වාග් ශක්තියට බලපාන බුධ ග්‍රහයාද සුබවාදී ලෙස පිහිටීම අත්‍යවශ්‍ය වේ.

කේන්ද්‍රයේ පස්වැන්න බුද්ධිය පෙන්වන ස්ථානයයි. බුද්ධිය යනු ප්‍රඥාව නොවේ. දේශපාලනඥයෙකුට බුද්ධිය අත්‍යාවශ්‍ය දෙයකි. ඒ නිසා දේශපාලකයෙකුට හඳහනේ පස්වැන්න ශක්තිමත්වීම වැදගත් වෙයි. කේන්ද්‍රයේ හයවැන්න සතුරන් පෙන්වන ස්ථානයයි. හයවැන්න අධිපතියා ප්‍රබල වීමෙන් නොයෙක් සතුරන් ඇතිවන අතරම විවිධ රෝගාබාධවලටද ගොදුරු වෙයි. එබඳු තත්වයක් දේශපාලකයෙකුට සුදුසු නොවන බැවින් කේන්ද්‍රයේ හය අධිපතියා දුර්වල වීම සුබ පිහිටීමක් ලෙස සැලකිය හැකිය. එකොළොස්වැන්න බලාපොරොත්තු සඵල වීම් සහ සමිති සමාගම්වල බලතල පෙන්වන ස්ථානයයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනඥයකු වීමේදී ගමේ පක්ෂ ශාඛා සමිතියේ සිට සෑම සමිති මට්ටමකට සුබ ප්‍රතිඵලම ලැබිය යුතුය. ඒ සඳහා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ 
පියතිලකද අල්විස් 
 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.