වස්විසීමේ උතුම් චාරිත්‍රය සම්බන්ධ පරිසර සංරක්ෂණය

සැප්තැම්බර් 6, 2019

අප බුදුරජාණන් වහන්සේ මෝනෙය්‍ය වත අපණ්ණක ප්‍රතිපදාව, රථවිනීත සූත්‍රය, ආදි දේශනා භික්ෂු ජීවිතයේ උදාර පැවැත්මට මහෝපකාරි වන ආකාරය පෙන්වා වදාළ සේක. විශේෂයෙන් වස්කාලය තුළ සොබාදහමත්, සංකීර්ණ සමාජයත් පැවිදි පරමාර්ථයත් අතර නිතර ගැටෙන භික්ෂූන් වහන්සේලා සසර දුකින් එතෙර වන්නේ කෙසේද යන අදහස මෙනෙහි කරගත යුතු වන්නේය.

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වර්ෂා කාලයෙහි “අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් වස් විසීමට අනුදැන වදාළ සේක. මෙයට ප්‍රධාන හේතු කීපයක් පැවතින.

01.වැසිකල ගමනාගමනයේ දුෂ්කරතා

02. පරිසරයට අනුගතවීම

03. අන්‍ය ආගමික බලපෑම

04. පැවිදි පරමාර්ථයට පහසුවීම

05. ගිහි පැවිදි සම්බන්ධතා තහවුරු වීම

 

සොබා දහමේ අතිසුන්දර මිහිරියාව හැකි පමණ වින්දනයට භාරත දේශය තරම් අනුගුණ වන රටක් දේශයත් ලොව කිසිම තැනෙක නොමැත. උතුරු ප්‍රදේශයේ හිමාල කඳුවැටිය භාරතයේ ආරක්ෂා මහා ප්‍රාකාරයක් සේ ජනතාවට අවශ්‍ය ජල උල්පත් ඇළ දොළ මහා ගංගා නිර්මාණය කොට දෙන අතර ජනතාවගේ ආර්ථිකයට , සොබා සිරියට ආධ්‍යාත්මික ගුණවගාවට , ශිෂ්ටාචාරයට, සඟමොක් සුවයට සම්පූර්ණයෙන් අචල ශක්තියක් ලබා දෙන්නේය.

වසර දස දහස් ගණනක ඉතිහාසය තුළ බිහිවූ මහා ඉසිවරු, ආගමික නායකයෝ, සමාජචින්තකයෝ ද, වනගත පරිසරය ආශි‍්‍රතව තම තමන්ගේ අත්දැකීමෙන් ලද පරිකල්පනය ගැඹුරු ප්‍රඥාව දක්වා මෙහෙයවා එයට පෙර ලොව නොතිබූ විෂයන් සොයා ජනතාවගේ යහපත සඳහා ප්‍රකාශයට පත් කළහ.

වේද කාලීන මුනිවරු දේව විශ්වාසය ප්‍රධාන කරගෙන ලෝකයේ සෑම සත්වයාම සෑම දෙයක්ම නිර්මාණ වාදයට හා ආත්ම වාදයට අයත්කොට දැක්වුවද ජෛන මහාවීර, හා බුදුරාජාණන් වහන්සේද සත්වයාගේ කර්මය හා ස්වභාවික පරිසරය ආශ්‍රය නිශ්‍රය කරගෙන ජීවිතය පිළිබඳව අර්ථ විවරණය කළහ.

සත්වයා හා පරලොව පිළිබඳව ශාස්වතවාදය උච්ඡේදවාදය ප්‍රධානව දෙසැටත් මිථ්‍යාදෘෂ්ටි ආගම් බිහිවූයේද යථාර්ථවාදයට බියවීමෙනි.

අප බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසර ගණනක් යනතුරු විනය නීතියක් නොපනවා වදාළේ අවශ්‍යතාවයක් නොවූ බැවිනි. ප්‍රථම පාරාජිකාවේ පටන් භික්ෂූන් වහන්සේලා කරණ වැරදිවලට පිළියම් වශයෙන් විවිධාකාරයෙන් ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති , පුද්ගල ප්‍රඥප්ති ප්‍රදේශ ප්‍රඥප්ති ආදී නයින් විනය නීතිරීති පනවා වදාළසේක.

වර්ෂා කාලයට සංචාරක ස්වභාවය වෙනස්කොට සුදුසු ස්ථානයක “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” ආදි නයින් වස් විසීමට නියම කළ සේක. මේ සඳහා හේතු කීපයක් දක්වා ඇත.

1.වර්ෂා කාලයේ චාරිකා අපහසුව

02.අන්‍ය තීර්ථක බලපෑම

03. උතුම් බුද්ධ චාරිත්‍රයක් අනුගමනය කිරීම

භාරත දේශය වැනි රටකට වර්ෂා කාලය අතිශයින්ම ප්‍රයෝජනවත් වන අතර එය ජීවින්ට මෙන්ම භෞතික පරිසරයට සෑම අංශයකින්ම බලපාන්නේය. වෛදික ආගමත් බුද්ධාගමත් බිහිවූයේ ස්වභාවික පරිසරය තුළින් නිසා එම පරිසරයෙන් ලබන ආශ්වාසය , ආගම දහම දර්ශනය, වෛද්‍යවිද්‍යාව, ආර්ථික සමෘද්ධිය ආධ්‍යාත්මික ශාන්තිය, නක්ෂත්‍ර විද්‍යාව, කලාව යන සියලු විෂයන් සත්වයාගේ යහපත පිණිස පවතින්නේය.

ගමනාගමන අපහසුකම් ඇති එදවස වර්ෂා කාලයේ තෘණ ජාති පාගමින් තෙත සිවුරෙන් චාරිකාවේ යන භික්ෂූන් හමුවන ජනතාව මෙන්ම අන්‍ය තීර්ථක පැවිද්දෝද දොස් පරොස් කියන්නට වූහ. අන්‍ය තීර්ථකයේ පසළොස්වක, අමාවක, අටවක යන කාල පරිච්ඡේද වෙන්කරගෙන තම තමන්ගේ ආරාමවල වේදය කියවීම, සාකච්ඡා කිරීමාදිය ජනතාවගේ ප්‍රසාදයට හේතුවුවද භික්ෂූන් වහන්සේලා චාරිකාවේ හැසිරීම අප්‍රසාදයට භාජනවිය. මෙම කාරණය දැනගත් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේද එම කාරණය නිමිතිකරගෙන විනය ප්‍රඥප්තිය පනවා වදාළ සේක.

එය භෞතික ලෝකයේ පරිවර්තනයට අනුගත වීමක් වන අතර මහජන සම්මතය අනුමත කිරීමක්ද වන්නේය. ජනතා චින්තනයට නම්‍යතාවය දැක්වීමෙන් බුදුදහම නිදහස් චින්තනයක් වශයෙන් සෙසු ආගම් අතර ප්‍රමුඛතාවයට පැමිණෙන්නේය.

අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං යනුවෙන් බුදුහු සියලුම උපසපන් භික්ෂූන් වහන්සේලාට බලපාන ලෙස වැසි කල වස් විසීමට අනුදැන වදාළ සේක. වස් විසූ භික්ෂූන් වස් වසා සිටින නමුත් ඒ සම්බන්ධව කිසිම අවබෝධයක්, කාර්යයක්, උපදේශයක් නොමැතිව භික්ෂූහු කල්ගත කළහ. මේ සඳහා පනවන ලද විනය නීති සිය ගණන් විනය පිටකයෙහි දක්නට පුළුවන.

 

 

 

 

01.සුදුසු සේනාසනයක වස්සාන ඍතුවේ වස්විසීම

02.උපෝසථාගාරවතාවත්

03. ප්‍රාතිමෝක්ෂ දේශනාව

04. වස් කාලය තුළ කළ යුතු පැවිදිවත් පිළිවෙත්

05.වස් පවාරණය

06. කඨින චීවර පූජාව

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අස්ගිරිය මහා විහාරයීය

මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී

රාජකීය පණ්ඩිත

අමුණුපුර පියරතන නාහිමි

සටහන –

කේ.බණ්ඩාරනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.