ඔබ මහා ධන කුවේරයෙක් වෙයිද?

සැප්තැම්බර් 20, 2019

විශ්වය තුළ උපත ලත් සෑම අයෙකුගේම මූල පරමාර්ථය වනුයේ ධනවත්වීමය. ධන සම්පත්වලින් තොරව ජීවත්වීම මහත් වූ අවාසනාවක් ලෙස සලකනු ලබයි.

මෙලොව ජීවත්වීමේ දී ධන සම්පත් ලැබීමට නම් ජන්මපත්‍රයේ ධනවත් වන ග්‍රහපිහිටීම් තිබිය යුතු බැව් ග්‍රහ ඵල සිද්ධාන්ත මූලාශ්‍රයේ සඳහන් වන්නේ මේ අයුරින් ය.

ග්‍රහයින් තුන්දෙනෙක් උච්චක්ෂේත්‍රව සිටියදී කිසියම් උපතක් වේ නම් ඔහු මහා ධනවතෙක් බවට පත්වේ. ග්‍රහයින් හතර දෙනෙක් හෝ පස් දෙනෙක් ස්වක්ෂේත්‍රව සිට උපන්නේ නම් සැප සම්පත්වලින් පරිපූර්ණවන්නේ ය. නවය අධිපති ග්‍රහයා පස්වැන්නේද පස් වැන්නාධිපතියා නවයේ ද සිටිකල ඔහු හෝ ඇය නිත්‍ය වශයෙන් ම මහා සැප සම්පත්වලින් පරිපූර්ණ වන්නේ ය. දහය අධිපතියා පහේද සතර අධිපතියා දහයේ ද සිටියේ නම් ද ත්‍රිකෝණාධිපතීන් දැක්මෙන් මහා සම්පත් ඇති ධනකුවේරයෙක් වනු ඇත.

10,01, 4, 5 අධිපති ග්‍රහයින් ඉතාම ප්‍රබලව නවය අධිපතියා සමඟ යුක්තවීම හරහා හෝ නවය අධිපතියා දැක්ම නිසාද නවය අධිපති ලග්නාධිපති සමඟ හෝ නවය අධිපතියා විසින් දැකීමෙන්ද පස්වැන්නාධිපතියා 1, 4, 10 යන එකක සිටීම නිසාද මහා ධනවතෙකුවන්නේමය.

කේන්ද්‍ර අධිපතියා ත්‍රිකෝණ අධිපතියන් සමඟ යුක්තව සිටීම නිසාද මහා සම්පත් ධාරියෙකු වනු ඇත. නවය ධනු මීන දෙකින් එකක්ව 10 ශුක්‍ර සිටියදී ඒ ශුක්‍ර පහ අධිපතියා දැක්මෙන්ද ධනකුවේරයෙකු වනු ඇත.

ශුක්‍ර ක්ෂේත්‍රව පහේද ශනි 11 වැන්නේ ද සිටීමෙන් රන්, රිදී, මුතු, මැණික් ආදී විවිධ වස්තු සම්පත් හිමිවේ. සඳු කටකයේ 5 සිටියදී ශනි 11 වැන්නට පැමිණ ඇත්නම් උපතින්ම ධනවතෙකු වන්නේ ය. මකර කුම්භ දෙකින් එක්ව පස් වැන්න නම් එහි ශනි සිටියදී බුධ 11 වැන්නේ නම් මහා ධන සම්පත් හිමිකරුවෙකු වන්නේ ය. පස් වැන්න සිංහය වී රවි සිට අයස්ථානයේ ගුරු සිටීමෙන් විශාල ලෙස ලෞකිකව මහා සම්පත් ලැබෙනු ඇත. ධනු මීන දෙකින් එකක් පස්වැන්න නම් එහි ගුරු සිටි විට බුධ කුජ දෙදෙනාම 11 සිටීම නිසා මහා සම්පත් ඇති ධන කුවේරයෙක් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.