විවාහය ප්‍රමාද වන්නේ ඇයි?

සැප්තැම්බර් 20, 2019

තරුණ තරුණියන්ට ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වගේම වැදගත් කාර්යයක් විවාහය. ඒ වගේම ස්වකීය වර්ගයා බෝ කිරීම යුතුකමක්. රටක වර්ගයා බෝනොවීම රට දියුණු නොවීමට හේතුවක් වනවා. ඒ අතරම හිතන්න බොහෝ දේවල් තිබෙනවා.

කිසියම්ම රටකට ඔක්කොමල දොස්තරවරු, ඉංජිනේරු වරු, අවශ්‍ය වන්නෙ නැහැ. ලොකු මිනිසුන් රටකට වැඩක් නැහැ. අපට ඕනෑකරන්නෙ යහපත් රටවැසියෙක්. පුංචි කාලේ ලොකු ඉස්කෝලේ මහත්තයා කිව්වා මතකනේ “එක පුන්සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු” කියලා කවියක්.

විවාහය ගැන ගමේ ගොඩේ මිනිසුන් කිව්වේ පවුලක්, පන්සලක් වෙනවා කියලා. පුංචියට හිතුවට විශාල අරුතක් තිබෙනවා. සමහර සහකාරයෝ ,සහකාරියෝ ලැබෙනව පිනට පවට දෙකටම. පිනට ලැබුණොත් දිනුම්. වැරදුණොත් කියල වැඩක් නැහැ. කොයි එක ලබන්නත් විවාහයක් වන්ට එපායැ. එහෙනම් විවාහය තවම නොවුණේ ඇයි. විවාහය ඉක්මන් කිරීම කොයි හැටි වුවත් ප්‍රමාද කරන්නේ සෙනසුරා බව මේ වගේ ලිපි කියවලා දැනුවත් වෙලා ඇති. වැඩි විස්තර කෙසේ වෙතත් සෙනසුරා ඕනෑම විවාහයක් ප්‍රමාද කරන බව අද දැනගන්නකෝ. එහෙනම් සෙනසුරා විවාහයක් දෙන්නෙ නැද්ද? එච්චරම නපුරු නැහැ සෙනසුරා විවාහයක් දෙනවා. හැබැයි ප්‍රමාද වෙලා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.