සේනානායක ඇමතිවරයාට හමුවූ බමුණු පඬිවරයා දුන් විස්මිත නැකත

සැප්තැම්බර් 27, 2019

පාරම්පරික සිංහල ගොවි පවුලකින් පැවත ආ සේනානායක පරම්පරාවේ මේ ජනනායකයාට එසේ ගොවිකම් හා ඉඩම් ඇමැති ධුරය ලැබීම රටේ ජාතියේ වාසනාවක්ද වූයේ යැයි පසුව වැඩිදෙනෙකුගෙන් කියැවුණි.

බෝතලේ වළව්වේ තුන්වැනි පුත්‍රයාවූ දොන් ස්ටීවන් සේනානායක මැතිතුමෝ නවසිය පහළොවේ අරගලය නිමිත්තෙන් දින හතළිස් හතරක් පුරා වැලිකඩ බන්ධනාගාරයේ දුක් විඳ නිදහස ලැබුවායින් පසුව වඩ වඩාත් ජාතික සේවය සමඟ බැඳි තම රටට නිදහස ලබා ගැනීමේ සටනට ද එක්වූහ.

එකල තමන් හා සමඟ එකට එක්වී සිටි ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ජාතික නායකයන් සමඟ එකමුතුව නවසිය දහ හතේ දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මැතිතුමාගේ සභාපතිත්වයෙන් ‘ලංකා ජාතික සංගමය’ පිහිටුවාගන්නා විට ද සේනානායක සහෝදරයන් තුන්දෙනාවූ ඩී.සී. ඇෆ්.ආර් සහ ඩී.ඇස් ද එක්ව ප්‍රමුඛවම කටයුතු කරන්නට මුල්වූහ.

නව ව්‍යාවස්ථාදායක මන්ත්‍රණ සභාව වෙනුවෙන් වර්ෂ 1924 සැප්තැම්බර් 27 වැනිදා පැවති මැතිවරණයෙන් මීගමුව දිස්ත්‍රික්ක ආසනයට නිතරගයෙන් පත්වන්නට ඩී.ඇස්. සේනානායක මැතිතුමාට අවස්ථාව සැලසිණ. ඉන්පසුව වර්ෂ 1931 දී ප්‍රථමවරට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී මිනුවන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වන්නට ද එතුමාට අවස්ථාව සැලසිණ. ඉන්පසුව ඩොනමෝර් කොමිසම යටතේ රාජ්‍ය බලය ස්වදේශික නායකයින් අතර විමධ්‍යගත කෙරෙන්නට කටයුතු සැලසුණ විට ප්‍රථමයෙන්ම කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කෙරුනු ඩී.ඇස්. සේනානායක මැතිතුමාට ඉන් අනතුරුව එය අමාත්‍යය තත්ත්වයට යොදන ලද විට රටේ ප්‍රථම ගොවිකම් හා ඉඩම් ඇමැතිවරයා වීමේ අවස්ථාව සැලසිණ.

පාරම්පරික සිංහල ගොවි පවුලකින් පැවත ආ සේනානායක පරම්පරාවේ මේ ජනනායකයාට එසේ ගොවිකම් හා ඉඩම් ඇමැති ධුරය ලැබීම රටේ ජාතියේ වාසනාවක්ද වූයේ යැයි පසුව වැඩිදෙනෙකුගෙන් කියැවුණි.

මෙහිදී තමන් ලද මේ ඇමැතිධුරයේ කටයුතුවල යෙදෙන විට බොහෝදුර දිග බැලූ සේනානායක ඇමතිතුමෝ රජරට පෙදෙස පුරා සංචාරයක යෙදෙද්දී පෙර රජ දවස මහත්වූ යස ඉසුරෙන් යුතුව පැවති එම පෙදෙස් වල් බිහිවී වන සතුන්ගේ රජදහන්ව පැවති සැටි මනාව දැක අවබෝධ කර ගනී. ඒ සමඟම මෙකල ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයන් එම පෙදෙස් අල්ලා ගැනීමටද සැලසුම් කර තිබෙන බවද දැනගන්නට ලැබුණි. එම කරුණු කාරණා මැනවින් විග්‍රහ කර බැලූ සේනානායක මැතිතුමන් කළේ එම ප්‍රදේශ එළි පෙහෙළි කරවා යළිත් සිංහල ගොවි ජනපද කීපයක් පිහිටුවා ගැනීමටට සැලසුම් කිරීමයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.