සොඳුරි දැක තියෙනවද

සැප්තැම්බර් 27, 2019

ඔබ ඔබේ සොඳුරිය කොතෙකුත් දැක ඇති. ඒ ඔබේ ශක්තිය. ඔබේ සොඳුරිය ඔබට ශක්තිය වන්නට ඔබේ ජයග්‍රහණය වන්නට ඈ මහත් රුකුලක් වුණා. එහෙම නොවූ අවස්ථාද එමට තිබෙන බව අපි කොතෙකුත් දැක තිබෙනවා.

අහන්නත් ලැබෙනවා. ඒ ඇයි. මේ ප්‍රශ්නයට කරුණු ගොඩක් ඇතුළත් වනවා. මූලික වශයෙන් ඔබේ ජන්ම පත්‍රයේ හත් වැන්න නැත්නම් විවාහක ස්ථානය ගැන හොඳට පෙනෙන ඡ්‍යොතිර්වේදියා පූර්ව සටහනක් ඇති කරාවි. ඔබ කලින් පරීක්ෂා කළේ පොරොන්දම පමණයිනේ. එයින් දැනුවත් වන්නේ එක්තරා ලකුණු ගණනක් පමණයි. ඒ කිව්වේ දස පොරොන්දම්, විසි පොරොන්දම්, අෂ්ඨ නාඩි කුඨ වගේ දේවල්. වැඩි ප්‍රතිශතයක් ඇති පොරොන්දම නිවැරදියි කියල විවාහයට තීරණය කළා. තවත් සමහරු කැටයම් කතාවට, හුරුබුහුටි පෙනුමට, ගමනේ පියකරු භාවයට කැමැත්ත දීලා විවාහ වුනා. මෑතකදි ඉඳලා ජංගම දුරකතනය උපයෝගී කරගෙන විවාහ සිදු කරගත්තා. මේ අයුරින් කරගත් විවාහය වැඩිපුරම අසාර්ථකයි. ඉතාම ස්වල්පයක් නැතුවායි කියන්නත් බැහැ.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයක් එක්වී විවාහයක් නැත්නම් විවාහ ජීවිතයක් ගෙන යනවා කිව්වේ නැත්නම් විවාහයකට සහකාරිය හෝ සහකරුව සොයාගන්නව කිව්වේ යම්කිසි භාජනයකට නාගයින් කීපයක් හා එක් ආඳාවෙක් දාලා කළුවරේ මේ ආඳා මාලුවා අල්ලා ගන්නවා වගේ වැඩක් කියලයි අපේ පැරැන්නෝ කිව්වේ. ඒ තරමටම සංකීර්ණය. නිවැරදි විවාහයකට, පොරොන්දම සමග සරාගි යෝග නටාංශක දෝෂ, කඩහංදි මාරකය, රාහු සෙනසුරු දෝෂ, කුජ දෝෂ වගේ බොහෝ දේ පරීක්ෂා කරන්නට සිදුවනවා. මේ එකක්වත් පරිගණකයෙන් පරීක්ෂා කරන්න බැරි බව වගකීමෙන් කියනවා. වර්තමානයේ අපේ බොහෝ උදවිය පරිගණකය ආධාරයෙන් විවාහය ස්ථිර කර පසුව තැවෙනවා. කෙටි පාරවල් හෙව්වාම එහෙම තමයි.

අපි පතාගෙන ආ සැටියටයි විවාහය සිදුවන්නෙ කියල සමහරුන්ගේ මතයක් තිබෙනවා. එහෙම හිතල, කියල පළමු පන්තියේ විවාහම හොයනවා. ඒ වගේ අදහස් අතීතයේ තිබුණා තමයි. වර්තමානයේ ඒවා ඉතාම දුර්ලභයි. පසුගිය භවයේ පතාගෙන ආ හැටියට මේ භවයේ සිදුවනව නම් ඒ ගැනත් 9, 10 රාශිවල සඳහන් වී ඇති. කර්මයට ඉඩදී විවාහ කටයුතු කරන්න එපා. අද මිනිස් මොලය දියුණුයි. නිවැරදි දේ තෝරා ගන්න ශක්තියක් තිබෙන්න ඕනෑ මනුෂ්‍යයාට. නිවැරදි දේ තෝරා දෙන්න දැනුමක් තිබෙන්න ඕනෑ ඡ්‍යොතිර්වේදියට. ඒක නිසාමයි ඡ්‍යොතිර්වේදියා විශ්වාස කරල ඔහු ළඟට බොහෝ අය එන්නේ. ඒ වගකීම ඔහු විසින් ඉෂ්ඨ විය යුතුමයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.