බෞද්ධ චාරිත්‍ර අනුව අකුරු කියවමු

සැප්තැම්බර් 27, 2019

දරුවාට අකුරු කියවන සුබ මුහුර්ථයේදී අප සත්‍යයට හා යථාර්ථයට මූලිකත්වය දී අපගේ ආගමානුකූලව කටයුතු කිරීම වැදගත් වේ.

සෑම මව්පියන්ගේම පරම අභිලාෂය වන්නේ තම දරුවා ඉතාම හොඳ උගතෙකු කිරීමයි. ධනවාදී ආර්ථික සමාජ ක්‍රියාදාමය වර්තමානයේදී ගෝලීයකරණය වී ඇත.

මිනිස් ගුණධර්ම යටපත්වෙමින් ආර්ථිකමය වූ අගයන්ම ඉස්මතු වෙමින් පවතින්නාවූ සමාජයට පියමං කරවීමට තම දරුවා සමත්වන මට්ටම හෙවත් විභාග ප්‍රතිඵලය මාපියන් විසින් පූර්ව ලෙස තීරණය කරමින් දරුවා ඒ කරා දක්කාගෙන යාමේ බලවත් අරගලයක බොහෝ මාපියන් නිරතව සිටී. දරුවාගේ ළමා කාලයේ ළමා ගතිය, ළමා ක්‍රියාකාරකම් නොසලකා හිස මත මානසිකව බර පටවා දරුවා අධ්‍යාපනය තුළම හිරකර තබා ඇත.

තම දරුවාට සුන්දර වූ අනාගතයක් හිමිකර දීමේ බලවත් ආශාව නිසාම දරුවන් වෙනුවෙන් මාපියන් දරන අප්‍රමාණ වෙහෙස ගැන අනුකම්පාවක්ද ඇතිවේ. දරුවන් හා මාපියන් ගෙන යන මෙම කටුක අරගලය දුක්බරය.

දරුවාගේ රන්කිරි කටගෑම, දොරට වැඩීම්, ගෙලමාල බැඳීම, කන්විදීම , හිසකෙස් කැපීම, බත් කැවීම, අත්පොත් තබා අකුරු කියවීම් ආදිය සුබ මුහුර්ථයකින්ම කිරීම පුරාණයේ සිටම මාපියන් විසින් කරගෙන එනු ලබන ක්‍රියාදාමයකි. විද්‍යා ශාස්ත්‍ර ආරම්භයද සුබ මුහුර්ථයකින්ම කළ යුතු මංගල කටයුත්තක් බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේදී සළකනු ලැබේ. පළමුව දරුවාගේ හදහන හෝ උපන් වේලාව රැගෙන දක්ෂ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වෙත ගොස් අකුරු කියවීම සඳහා දරුවාට සීහුම් වන, ගැළපෙන සුබ මුහුර්තයක් සකස් කර ගනු ලැබේ. දරුවාට අකුරු කියවීම වයස අවුරුදු 3,5,7 වර්ෂ සුබ ලෙස දැක්වේ. එය එසේ වුවත් පෙර පාසල් සංස්කෘතිය ඇතිවීමත් සමඟ දරුවන්ට වයස අවුරුදු 3 දී අකුරු කියවීමට මාපියන් කටයුතු කරයි. බොහෝ විට අකුරු කියවීම සඳහා යොදාගනු ලබන්නේ සරස්වතී යෝගයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.