අම්ල පිත්තය Gastrits

ඔක්තෝබර් 4, 2019

වාතාධික අම්ල පිත්තයේදී වෙව්ලීම නන්දෙඩවීම මුසපත්විම, පුපුරු ගසන්නාක් බඳු වේදනාව ඇඟපත පණ නැතිවීම උලකින් අනින්නාක් බඳු වේදනාව, ලොමු දැහැ ගැන්වීම යන මෙම ලක්ෂණ පහළ වේ.

 

මෙම රෝගය සෑදීමට ඉවහල් වන කරුණු පෙර කළෙහි වර්ෂා ඍතු ආදියෙහි දී තමුන් විසින් ගනු ලබන එකිනෙකට විරුද්ධ ආහාර ( කිරි, මාළු )යනාදී නරක්වූ ආහාර වර්ග අම්ල වර්ග එනම් අන්නාසි ආදි ඇඹුල් වර්ග, පිත කුපිත කරවන ආහාර, මෝර, මත්පැන් ආදි ආහාරපාන මෑ, තල, උඳු අනුභව කරන්නාවූද ඇඹුල් පැසුනාවූ යමක් වේද එම රෝගය අම්ල පිත්ත නම් වේ.

මෙහි රෝග ලක්ෂණ් බොහෝ සේ බඩ පුරවා දැමීම,ඇඹුල් රසට ඔක්කාරය හට ගැනීම, බඩ පුරවා දැමීම, බඩේ ගොර ගොර ශබ්දය , සමහර අවස්ථාවලදී බඩ බුරුල්කර යාම.

අම්ල පිත්ත නම් මෙම රෝගය ප්‍රකෘති (අවිකෘත) විදග්ධ (විකෘත) යනාදී වශයෙන් පිත්ත රෝග ප්‍රභේද 2 කි. ප්‍රකෘති, පිත්තය රස විසින් කටුක යයිද, විදග්ධං පිත්තය රස විසින් අම්ල යයිද සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇත. මෙකී විදග්ධ පිත්තයේ අම්ලපිත්ත රෝගය වශයෙන් සැළකේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.