පොත් පත්

ඔක්තෝබර් 18, 2019

පාසල් දරුවන් සඳහා වැදගත් ගම ගැන තොරතුරු සහ සිතුවම් සහිතව (අපි ගමට යමු)

කර්තෘ - සිරිමල්වත්තේ පාරම්පරික වෛද්‍ය ඒ.ඇම්. පි‍්‍රයන්ත කුමාර අබේසුන්දර (ඉපැරැණි ගම වෙද මහතා - පින්නවල)

තෙල්මෝලවත්ත, ජයබිම මාවත, දළුග්ගල, රඹුක්කන

මුද්‍රණය සිතාරා පි‍්‍රන්ටර්ස්, රඹුක්කන.

කෑගල්ල දිස්ත්‍රික් ආයුර්වේද සංරක්ෂණ සභා බල මණ්ඩලයේ ලේකම් කැඩුම් බිඳුම් වෛද්‍ය මුළු දිවයිනටම සාම විනිසුරු වෛද්‍ය ඒ. ඇම්. පි‍්‍රයන්ත කුමාර අබේසුන්දර මහතා අති දක්ෂ වෛද්‍යවරයෙකි. එමෙන්ම ගැමිකම උදාරතර අයුරින් හසුරුවන්නෙකි. එතුමා විසින් රචිත ‘අපි ගමට යමු’ ගැමි අසිරිය හා හෙළ වෙදකම නම් වූ අගනා පොත් පිංච මැනැවින් සකස් කරන ලද්දකි. විශේෂයෙන් මෙම පොත උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද පාසල් පුස්තකාල පොතක් වශයෙන් සහතික කිරීම ඉතාමත් පැසසුම් සහගත ය. ඉපැරණි ගමේ අසිරිය, ගැමි ගෙදරක ඇති උපකරණ හා ඒවා හඳුන්වන විශේෂිත නාම සහ අදාළ පින්තුර සමඟින් ඉදිරිපත් කර තිබීම ශිෂ්‍යත්ව විභාග දරුවන් උදෙසා මහඟු අත්වැලක් ලෙස මට හැඟෙයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.