සුබසෙතෙහි යුග මෙහෙවර හා දේශීය ඥාන කළමණාකරණය

ඔක්තෝබර් 18, 2019

කිසියම් ආයතනයක් හෝ වටිනා දෙයක් වර්තමානයටත් අනාගත පරම්පරාවටත් ප්‍රයෝජනය පිණිස සංවිධානය කිරීමත් කළමනාකරණය කිරීමක් යුගයක අවශ්‍යතාවකි. එසේ

කළමනාකරණය කළ යුතු ශ්‍රී ලංකාවේ අතිශයින්ම වැදගත් අංගයක් නම් දේශීය ඥානයයි. අනාදිමත් කාලයක සිට අප දේශයෙහි සුවහසක් ජනතාවගේ සුබසෙත පිණිස භාවිතා වූ දේශීය දැනුම් සම්භාරයක් පරම්පරාගතව හා ලිඛිතව දක්නට ලැබේ. නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ ආක්‍රමණකාරී ආධිපත්‍යයට යටත්ව ඒවා අභාවයට යමින් තිබේ. එසේ සමාජයේ කොන් වී පැවැති අතිශය ප්‍රශස්ත ආයුර්වේදය, ජ්‍යෝතිෂය, වාස්තු විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, වෘක්ෂායුර්වේදය, ප්‍රතිමා කලාව, සුවින ශාස්ත්‍රය, මනෝචිකිත්සාව, ඖෂධවේදය, හස්ත රේඛා, ශාස්ත්‍රය, යන්ත්‍ර, මන්ත්‍ර, ශාන්තිකර්ම, කෘෂිකර්මය, වාරි කර්මාන්තය, අංග ලක්ෂණ විද්‍යාව, පුස්කොළ ලේඛන කලාව, නර්තන, ගායන, වාදන, ආදී විෂයන් රාශියක් ජනතා අවධානයට යොමු කිරීමේ භාරදූර කාර්යයයේ ඉමහත් කොටසක් දශක ගණනාවක් තිස්සේ සුබසෙත පුවත්තින් ඉටු කොට තිබීම දේශීයත්වය අගයන සැමගේ ප්‍රශංසාවට භාජනය විය යුතුය.

එම උදාර සේවාව ඉදිරි දශකයන්හි තවදුරටත් සංවර්ධනය කිරිමේ ප්‍රයන්තයට උපකාරි වනු පිණිස මෙම ලිපිය ඉදිරිපත් කිරීමට ලැබීම මාගේ වාසනාවක් ලෙස අදහස් කරමි.

බුද්ධ කාලයේ සිට මෑතභාගය දක්වාම විවිධ රටවල බුදුදහම ක්‍රියාවට නංවන ලද්දේ ඒ ඒ සංස්කෘතීන් තුළ බහුල ප්‍රචාරයට පත්ව තිබූ විවිද විෂය ක්ෂේත්‍රයන් ඇසුරු කොට ගෙනය. ආසියාතික ඉතිහාසය තුළ ආයුර්වේදය, ජ්‍යෝතිෂය, ශාන්ති කර්මවැනි අංශයන් බුදුසමය සමඟ ඒකාබද්ධව ආරාම හා අධ්‍යයන ආයතන සමඟ බද්ධ වී ක්‍රියාත්මක වී ඇත්තේ එබැවින්ය. මෙම ක්‍රියාවලිය එනම් බුදුදහම සමාජගත කිරීමේ මෙම විශේෂිත ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ “ සමීකරණ න්‍යායය” යනුවෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ,
සම්මානිත මහාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය, පීඨාධිපති, බෞද්ධ මනෝචිකිත්සා අධ්‍යයන පීඨය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය බොල්ලෑගල, කැලණිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.