පස්වැන්න බලවත් වූ පමණින් විභාග සමත් වේද?

ඔක්තෝබර් 25, 2019

ඉදිරි මාස කීපය රටට තීරණාත්මක මාස කීපයක් වේ. ඒ ලෙසම එම මාස කීපය රටේ අනාගතය තීරණය කරන ජාතියේ ජීවනාලිය වන තරුණ දූ පුතුන්ගේ අභිමානවත් ජයග්‍රහණය වන අ.පො. ස (සා/පෙළ) විභාගයද අත ළඟටම ඇවිත් ඇත. දැන් දැන් දරුවන්ගේ ඔලුවට බරක් හා පුංචි පහේ හිස කැක්කුමක් ආරම්භ වන අතර මෙය නොවැම්බර් අවසන් වන විට තදබල හිසරදයකට හැරීමට ඇති ඉඩකඩ මෙවැනි විභාග කාලවලදී දරුවන්ද ගුරුවරුන්ද පන්ති ළඟ නොකා නොබී හිටගෙන සිටින අම්මලාටද තිස්තුන් කෝටියක් දෙවියන්ටද මහත් ගැටලුවකි. කිසිදා කේන්දර, නොබලපු අම්මලාත්, හදිස්සියකට වත් දේවාලයකට ගොඩනොවුන අම්මලාත්, ඡ්‍යොතිෂයට අපහාස කළ වැඩිහිටියනුත් සෙත්කවි සාදවා ගැනීමට බෝධිපූජා තැබීමට, දෙවියන්ට කියා බොහෝ ලොකු පූජාවට්ටි තබා දෙවියන්ට නොයෙක් ජාති දෙන්නට පොරොන්දුවන ආකාරය අප හොඳින් අත්දැක ඇත.

බොහෝ විට ජන්ම පත්‍ර පරික්ෂාකරන ඡ්‍යොතිෂවේදීන් දරුවා ඒ නවයක් ගන්නවා කේන්දරේ බලවත් ඒ නිසා අසවල් දෙවියන්ට සෙත්කවි කියවා අසවල් යන්ත්‍රය දමන්න කියා තැන් තැන්වල පූජා තබා නොමිලේ සුර යන්ත්‍ර පැන්සල් පෑන් දුන් පමණින් විභාග සමත් වේ නම් වසර විසි තිස් ගණන් අප දුක්විඳ මේ ශාස්ත්‍රයන් ඉගෙන ගෙන ඡ්‍යොතිෂය කිරීම පලක් වේද? අද වන විට දෙවියන් නැති දෙවොලේ භූතයෝ පිනුම් ගසන්නාසේ ප්‍රවීණ (තමන් විසින් දමාගත්) ඡ්‍යොතිෂවේදීන් කරන කියා දේ නිසා මේ උතුම් ශාස්ත්‍රය පිරිහීමට ලක්වීම ඉතා වේගයෙන් සිදුවන බවක් පෙනේ. පස්වැන්න ගැන කතා කිරීමේදී පහ, පහේ සිටින ග්‍රහයා හා පහ අධිපතියා ගැන විමසා බැලීම හොඳින් සිදුකර යුතු වේ. බොහෝ විට පහ අධිපතියා උච්චව හෝ පහේ ග්‍රහයෙක් උච්චව සිටීම ඉතා ශුභඵල දෙන ග්‍රහ පිහිටීමකි. පහ අධිපතියා සමඟ රවි, ගුරු, බුධ කේතු චන්ද්‍රයා ගැනද බැලිය යුතුය. පහ ගැන කතා කිරිමේදී තුන් වැන්න, නවවැන්න, අනිවාර්යෙන් සොයා බැලිය යුතුවේ. බුධ කේතු හා සඳු පිහිටීම තුළ දරුවාගේ ඥානවන්තකම ගැන දත හැකිවේ. බුධ ,කේතු සමඟ එක්වීම දුර දක්නා නුවණ ඇති කලබල නැති ඥාානය දියුණු කරන උසස් දැනුමක් ඇති දරුවකු වනු ඇත. තවද තුන , පහ, නවය අධිපතින්ගෙන් එක් ග්‍රහයෙකු බුධ සමඟ එක්වේද ඉගෙනීමට ඉතා යහපත් වේ. තවද හතර, නවය, පහ සහ තුන යන ස්ථානවල ශුභ ග්‍රහයන් පිහිටීම තුළද උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් හිමිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.