පත්තිනි දෙවඟන

ඔක්තෝබර් 25, 2019

දේව පිහිට බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ලෙඩ රෝග වළඳුන, උවදුරු පැමිණි අවස්ථාවන්හිදී ය. මේ අදහස තහවුරු කරන සාධක පත්තිනිදේව විශ්වාස මඟින් පෙනී යයි. පැපොල, සරම්ප ආදී රෝග අම්මාවරුන්ගේ ලෙඩ නොහොත් දෙයියන්ගේ ලෙඩ වශයෙන් සලකනු ලබන්නේ එබැවිනි. පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබන්නේ එබැවිනි. කිරි අම්මාවරුන්ගේ දානය ද එබන්දකි. මෙම දානයේ පරමාර්ථ දෙස සලකා බැලීමේ දී එය හුදු භක්තිය නිසාම ගොඩනැඟූන මතයක්ම බව ය.

පත්තිනි දෙවඟන පිළිබඳව බොහෝවිට අසන්නට කියවන්නට ලැබේ. දෙවි දේවතාවන් ඇදහීම හින්දු ආගමත් සමඟම මෙරටට සංක්‍රමණය වූවකි. එතකුදු නොව වෙහෙර විහාර ආසන්නයේම දේවාල ඉදිකිරීම් ආරම්භ වුණි. සිංහලයන් ඉමහත් භක්තියෙන් තම තමන්ගේ පිහිට පතා වඳින පුදන අදහන දෙවිවරු රැසක් වෙති. ඒ අතරින් පත්තිනි දෙවඟනද එක් විශ්වාසයකි. පත්තිනි දේවිය පිළිබඳව කියැවෙන ප්‍රවෘත්තිය ද ඉතා රසවත් වූවකි.

පත්තිනි දේවිය ඇදහීමට පටන්ගත් කාලවකවානු පිළිබඳව නිශ්චිත වශයෙන් එළඹීමට අපහසු වන්නේ ඒ පිළිබඳව හෙළිවන කරුණු විරළ බැවිනි. වැඩිදුරටත් කරුණු හාරා අවුස්සන විට පෙනී යන්නේ ගජබා රාජ්‍ය සමයට සමගාමීව පත්තිනි දේව සංකල්පය ලංකාවට සංක්‍රමණය වන්නට ඇති බවකි. ලංකාවෙන් සොළී දේශයට ගෙනගිය දොළොස් දහසක් සිංහලයන් ආපසු ලංකාවට රැගෙන ඒමට සොළීදේශයට ගිය ගජබාරජතුමා පලියට පලිය වශයෙන් සොළී වැසියන් දොළොස් දහසක් ද ලංකාවට රැගෙන ආහ. ඒ ගමනේ දී, සොළී වැසියන් විසින් ඉමහත් භක්තියෙන් අදහන ලද පත්තිනි දෙවිඳුවගේ පා සළඹක් (පාදාභරණය) රැගෙන ආහ. පත්තිනි දේවිය උදෙසා දේවාල ඉදිකිරීමේ සිරිතද ඉන්පසු ලංකාවේ ප්‍රචලිත වන්නට ඇත. කෙසේ වුවද සිංහලයෝද පත්තිනි දෙවඟන අදහන්නට වූහ. කල්යත්ම දමිළයනට ද වඩා භක්තිමත්ව පත්තිනි දෙවඟන අදහන්නට ගත් සිංහලයෝ ඇයට ඥාතිසම්බන්ධතා පෙළඹුණහ.

ඇදහීමෙන්ම පමණක් තෘප්තියට පත් නොවූ සිංහලයෝ පත්තිනි දෙවඟනගේ උත්පත්ති කතාව පවා අද්භූත රසයෙන් රසකවා ඇසීමට පවා දැඩි රුචිකත්වයක් දැක් වූහ. පත්තිනි හෑල්ල, අඹ විදමන, පා¼ඩි නළුව, පතහ ගේනිවිල්ල ආදී වශයෙන් ඇති පොත්වලින් පෙනී යන්නේ පත්තිනි දෙවියන් අනෙකුත් දෙවිවරුනට වඩා ජනපි‍්‍රයතාවයක් දිනා සිටි බවය. පත්තිනි දේවියත් වෙනුවෙන් ඉදිකෙරුණු දේවාල අප රටේ බොහොමයකි. නවගමුවේ දේවාලයට ඉන් ප්‍රධානත්වයක් හිමි වේ. පත්තිනි දේවාල හා පත්තිනි දෙවඟන පිළිබඳ පිරුණු භක්තියක් අද පවා අප රට ජනතාව තුළ පවතී.

දේව පිහිට බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ලෙඩ රෝග වළඳුන, උවදුරු පැමිණි අවස්ථාවන්හිදී ය. මේ අදහස තහවුරු කරන සාධක පත්තිනිදේව විශ්වාස මඟින් පෙනී යයි. පැපොල, සරම්ප ආදී රෝග අම්මාවරුන්ගේ ලෙඩ නොහොත් දෙයියන්ගේ ලෙඩ වශයෙන් සලකනු ලබන්නේ එබැවිනි. පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වනු ලබන්නේ එබැවිනි. කිරි අම්මාවරුන්ගේ දානය ද එබන්දකි. මෙම දානයේ පරමාර්ථ දෙස සලකා බැලීමේ දී එය හුදු භක්තිය නිසාම ගොඩනැඟූන මතයක්ම බව ය.

ඉහත සඳහන් කරන්නට යෙදුණු පොත්වල සඳහන් කවි කතන්දර මඟින් පත්තිනි දේවිය පිළිබඳව අද්භූත රසවත් සිද්ධීන් විස්තර වෙයි. ඇතැමෙක් පත්තිනි දෙවියන් සත්වාරයක අද්භූත අන්දමින් ලොව පහළව විශ්මිත හාස්කම්පෑ බව කියති. හත් පත්තිනි නමින් හැඳින්වෙන්නේ එබැවිනි. පත්තිනි දෙවඟනගේ සප්ත ජන්ම ලාභයම සිදුව ඇත්තේ පිණිබිඳ, නයි කඳුල, දෙමට මල, ඔරුව, සළුව, ගිනිදැල්මාලාව සහ අඹය ආදිය මුල්කරගෙනය. අඹ විදමනේ දැක්වෙන්නේ නයි, කඳුල, නෙළුම්මල හා මවිත අඹයෙන් උපන් බව පමණකි. තවත් තැනක වෙළඳ භාර්යාවක උපන් ඇයගේ පතිනි දහම හෙවත් පතිවෘතා ධර්ම බලයෙන් දේවාත්මයක් ලද බව විස්තර වේ.

පත්තිනිදේවිය පිළිබඳව විවිධ ජනප්‍රවාදයන් පවතී. නා ලොව මහකෙළ නාරජුගේ කඳුලින් වරෙක නාගකන්‍යා කුමරියක උපත ලැබුවා ය. නාලොව සිට මනුලොවට පැමිණ සිසිල් ජලාශයකින් ස්නානය කොට යාමේ සිරිතක් ඇය සතුව පැවතිණ. එසේ පැමිණි එක් වතාවක ඇයට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය. එදා ඇය මනුලොවට බැස ජල ස්නානය කරන අතරතුර කිසියම් සොරෙකු විසින් සොකරම්කරගෙන යන ලදී. ස්නානයෙන් අනතුරුව ගොඩට පැමිණි නාග කන්‍යාවිය, තම ඇඳුම් අතුරුදහන්ව ඇති බව දැක කම්පනයට පත් වූවා ය.නාග සළු නොමැතිව ඇයට ආපසු නාගලොවට යාමට නොහැකි ය. නා ලොවට යාමේ බලය පවතින්නේ ඒ නාග සළුපිළිවලය. මෙයින් අතිශය ශෝකයට පත් නාග කන්‍යාවිය දියේ ගිලී මළා ය. ඒ නාග ආත්මයෙන් චුත වූ නා මෙනවිය සැණෙකින් ඒ විලෙහිම නෙළුම් මලක උපන්නා ය. ඒ විලට බැසගත් බමුණෙක් අපූර්ව වූ මේ නෙළුම්මල දැක එය නෙළාගෙන ගොස් සිය බිරිඳට දුන්නේ ය.

නෙළුම් මල පිළිගත් බැමිණිය එය පිරික්සීමේදී මල තුළ වැද සිටි කුඩා කුමරිය දැක සතුටුව දරු සෙනෙහසින් යුතුව ඇය පෝෂණය කළා ය. මලින් උපන් බැවින් ඇය මල්පත්තිනි නමින් බමුණු කුමරියක සේ රූමත්ව තරුණවියට එළඹියා ය. සිරිතට අනුව ඇය පතිකුලයට පාවා දීමට අවශ්‍ය කටයුතු බමුණා සූදානම් කළේ ය. එහෙත් පතිකුලයට යාමේ කැමැත්තක ඇය තුළ කොහෙත්ම නොවී ය. ඇය අඳුන්ගිරි පර්වතයට ගොස් තවුස්දම් රැක්කා ය. ඇය රැකි තවුස්දම අත්‍යාර්ථයෙන්ම සාර්ථක වූ බැවින් ඉමහත් සෘද්ධි සම්පන්නව එහිම වාසය කළා ය.

මෙම කාලය වන විට පඬිරටෙහි මධුරා පුරයෙහි රජකළ පඬිරජුට විශාල ආපදාවකට මුහුණදෙන්නට සිදුව සිටියේ ය. ඒ ඔහුගේ නළල් තලයෙහි ඇසක් හට ගැනීමයි. මේ තෙවැනි ඇස රටත්, රාජ්‍යයත්, රජුත් විනාශ කිරීමට බිහිවූ පෙරනිමිත්තක් බව බොහෝ දෙනා සිතූහ. පඬිරජුට සිදුව ඇති මේ ව්‍යසනය පිළිබඳ සක්දෙව් රජුගේ දිවැස යොමු විය. පඬිරජුගේ තෙවැනි ඇස මකාදැමීමට සක්දෙව් රජ උපායක් කල්පනා කළේ ය. ඔහුගේ දිවැසට ලක් වූයේ අධික තවුස්දම් රැක සෘද්ධි බලයට පත්ව සිටින මල්පත්තිනි කුමරියයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.