ජීවිතය අනියතයි - මරණය නියතයි

නොවැම්බර් 15, 2019

කෙසේ නමුදු අප ජීවත්ව සිටින කාලවකවානුවේ දී තම ශක්ති ප්‍රමාණයෙන් අන් අයට ආහාර පාන, ඖෂධ වස්ත්‍ර ආදිය පිරිනැමීම, අධ්‍යාපනය ලබන දිළිඳු ළමයින්ට ඒ සඳහා උදව් උපකාර කිරීම ආදී බලවත් කුසල කර්මයන්හි නිරත වීම ද යහපත් ය.

උපන් සෑම සත්වයෙකුම මියයාම ලෝක ස්වභාවයයි. එසේ වුව ද අප කරා මරණය ළඟාවන අවස්ථාව හෝ ස්වභාවයෙහි වෙනස්කම් දක්නට ලැබේ. සත්වයන් පමණක් නොව පරිසරයෙහි දක්නට ලැබෙන සෑම වස්තුවකම ඇතිවීම, වෙනස්වීම මෙන්ම නැතිවීම පිළිබඳව බුදුදහමෙහි ගැඹුරින් දක්වා ඇත. එය සරල උදාහරණයකින් පෙන්වා දුනහොත් තෙල් පිරි පහනකට ජීවිතය උපමා කිරීම දැක්විය හැකි ය.

තෙල් අවසන් වීමෙන් හෝ තිරය අවසන් වීමෙන් පහන නිවී යයි. තෙල් සහ තිරය අවසන් නොවුවද, බලාපොරොත්තු නොමැති අවස්ථාවක බාහිරව හමන සුළඟකින් ද පහන නිවී යයි. අල්පායුෂ, මන්දායුෂ, මධ්‍යායුෂ හා දීර්ඝායුෂ ආදී වශයෙන් විවිධ ගුරුකුල අනුව ඡ්‍යොතිෂ්් ශාස්ත්‍රයේදී පුද්ගලයකුගේ ආයුබල තත්ත්වය වර්ගීකරණ කරනු ලැබුව ද, ඇතැම් කෙනෙකුට දීර්ඝායුෂ හිමිව තිබියදී වුවද හදිසි මරණයකට ගොදුරු විය හැකි ය. පුද්ගලයකුගේ පවත්නා ඇවතුම්, පැවතුම්වල තත්ත්වය ද ඒ සඳහා බල පැවැත්වීම එක් හේතුවක් ලෙස දැක්විය හැකි ය. මාරක ස්ථානයක් වන ජන්ම පතේ අටවැන්නේ සිකුරු ග්‍රහයා බලවත්ව පිහිටි පුද්ගලයකුගේ අවසාන මොහොත දුක් කරදරයකින් තොර මරණයක් ලෙස සැලකේ. ගරු ගාම්භීර අන්දමින් අවසන් කටයුතු සිදුවන බව සාමාන්‍ය ඡ්‍යොතිෂ දැනුමක් ඇති අය පවසති. එසේම සඳු ග්‍රහයා, අටවැන්නෙහි දුර්වල තත්ත්වයෙන් පසුවීම ජල විපතකට පාර කියන්නකි. මාරක ග්‍රහයන් වන කුජ, රාහු, සංයෝගයට 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයාගේ හෝ චන්ද්‍ර කේන්දරයෙන් අටවැන්නේ පාප ග්‍රහයකු ගෝචරයෙන් ගමන් කරන කාලයේ හදිසි අනතුරකින් මරණය ළඟාවන බවට ඉඟියකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.