නව යොවුන් වියේ දරුවන් පරෙස්සම් විය යුතු රෝග

නොවැම්බර් 15, 2019

නීරෝගී ජන සමාජයක උරුමයේ මුල් පුරුක් අප නිරෝගි දරු දැරියන්ය. එනිසා ඔවුන් කායික මානසික රෝගවලින් ප්‍රවේශම් කරගත යුතුය. රටක ප්‍රධානතම සම්පත ඔවුන්ය.

ඔවුන්ගේ කායික ව වෙනස්වීමත් සමඟ ඔවුන්ට මුහුණ දීමට සිදුවන කායික ගැටළුවලට නිසි විසඳුමක් සොයා ගැනීමට නොහැකි වූ විට ඔවුන් මානසික ගැටලු තත්ව වලට ද පත් වන අවස්ථා ඇත. වැඩිහිටියන් වශයෙන් ඔවුන් මෙවැනිතත්ව වලින් වළකා ගැනීම අපේයුතුකමකි. මෙවැනි දේ අපටජීවිතේ සාමාන්‍ය දෙයක් වුවද යොවුන් වියේ පසුවන අයට මෙය විශේෂ දෙයකි. මොවුන් ශාරීරික හා මානසිකව ඇතිවන පීඩාවලට උපදෙස් ලබා ගන්නේ එය පිළිබඳ නිසියාකාර දැනුම්ක් නොමැති අය ගෙන් විය හැක.ඔවුන්ගේ වැරදි උපදෙස් නිසා මොවුන් අපහසුතාවයට ගොදුරු වන අවස්ථා බොහෝ ය.

අප ප්‍රධාන වශයෙන් දැනගත යුත්තේ බෝවන රෝග, බෝ නොවන රෝග අතර අප විසින් සාදාගන්නා රෝග බොහොමයක් අද සමාජයේ ඇති බවයි.බොහෝ දුරට එසේ සිදු වන්නේ ඒ පිළිබඳ නොදැනුවත්කම මෙන්ම ඒ පිළිබඳ උපදෙසක් ගැනීමට අයෙකු නොමැති වීමය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.