අපල නිසා ජීවිතය එපාවෙලාද?

නොවැම්බර් 22, 2019

අපල යන වචනය ඇසෙත්ම අපට ඇතිවන්නේ මහත් බියකි. එම බිය හා තැතිගැන්ම අසාධාරණ නොවේ. එයට හේතුව අප පෘථග්ජන මිනිසුන් නිසාවෙනි.

නූතන සමාජයේ දක්නට ලැබෙන්නේ තරගකාරි ජීවන රටාව ඔස්සේ අවිවේකීව තම අභිප්‍රායන් මුදුන්පත්කර ගැනීමට උත්සාහ කරන මිනිස් ප්‍රජාවකි. මෙවැනි වූ වටපිටාව අප විසින්ම නිර්මාණය කර ගත්තකි. ජීවිතයේ හැල හැප්පීම් ඔස්සේ බාධක කම්කටොලු පරයාලමින් තම ජීවන රටාව සුඛිත තත්ත්වයකට පත්කරගැනීම සඳහා අප සියලු දෙනාගේම බලාපොරොත්තුවයි. නමුත් සමහර විට අපට හමුවන අභියෝගවලින් පරාජයට පත් වී ජීවිතයට අඳුරු ස්වභාවයක් ඇතිකරගන්නා බොහෝදෙනා සිටියි.

සමාජයේ බොහෝදෙනෙකුට ජීවන ප්‍රශ්න මතුවන්නේ තම පෞද්ගලික සැලැස්ම අවිධිමත් ලෙස සකස්ව පැවතීම නිසාය. ජීවිතයේ සපල කාලවලදී මෙම අවධිමත් බව අපට නොපෙනේ. මන්ද යත් විශ්වශක්තිය ධනාත්මක ලෙස ක්‍රියාත්මක වන නිසාය. එහෙත් අපල කාල වලදී. මෙම අවධිමත් බව වඩාත් ඉස්මතු වී දැනෙන්නට පටන්ගනී. එසේ වන්නේ විශ්ව ශක්තිය පුද්ගලයා කෙරෙහි ඍණාත්මක ලෙස ක්‍රියාත්මක වන නිසාය.

කර්මඵල වාදය අනුව ඇතිවන සසර පැවැත්ම ජන්මියාගේ උපත අනුව ග්‍රහ කොටු අතර සටහන් වෙයි. පින් පව් කුසල අකුසල් සුබ අසුබ කාල තීරණය වන්නේ පුද්ගලයාගේ උපත සමඟ ඒකාත්මික වූ ග්‍රහ දුබලකම් අනුවය.

මිනිසාට අත්විඳින්නට සිදුවන හිරිහැර බාධක සහ පීඩාවන් පසුගිය ආත්මයන්හි කරන ලද සහ මෙම ආත්මයේ සිදුකරන අකුසල කර්මයන්ගේ විපාක වේ. කර්ම පලදෙන ආකාරය හෝ අවස්ථාවක් පිළිබඳ නිශ්චිත නිගමනයන්ට එළඹිය නොහැකිය. ඡ්‍යොතිෂයට අනුව පැහැදිලි හේතුවක් සොයා ගත නොහැකි අවිනිශ්චිත ලෙස හටගන්නා ඇතැම් කායික හා මානසික රෝග සහ ගැටලුකාරි තත්ත්වයන් ජන්ම කේන්ද්‍ර ගත පාපී ග්‍රහයන් මාර්ගයෙන් අපට අත්විඳින්නට සලස්වයි.

ජීවිත ගමන තුළ අප විවිධ වූ අවස්ථා පසුකරන්නෙමු. මෙහිදී අප කාගේත් අවධානයට යොමු වන්නේ අපල කාල පිළිබඳව ය. අපල කාලයක් යනු සපල බව අඩු කාල වකවානුවකි. ජන්ම ඒරාෂ්ඨක, ලග්න ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ඨක වශයෙන් මෙම සඵල කාල අඩුකාල වකවානු ඡ්‍යොතිෂයේදි හඳුන්වනු ලබයි.

මෙම පුද්ගල දෛවය හා බැඳී පවතින දෙයකි. කිසියම් පුද්ගලයෙකුට මෙම අපල කාල හඳුනාගත හැක්කේ ජන්ම කේන්ද්‍ර පරීක්ෂා කර ගැනීම තුළින් පමණි. මෙම අපල සියල්ල සෙනසුරු ග්‍රහයාගේ චාරය මුල් කරගනෙ විශ්ව ශක්තියේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් ඇතිවන බව පොදු මතයයි.

එහෙත් සෙනසුරුගේ චාරය පමණක් නොව අනෙක් ග්‍රහයින්ගේ චාරය නිසාද විශ්ව ශක්තියේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් ඇතිවන බව පවතින පොදු මතයයි.

එහෙත් සෙනසුරුගේ චාරය පමණක් නොව අනෙක් ග්‍රහයින්ගේ චාරය නිසාද විශ්ව ශක්තියෙ ඇතිවන වෙනස්වීම් සපලතා අඩු වන කාලවකවානු ඇතිවන බව වටහාගත යුතුය. මෙහි ඇති වෙනස්කම වන්නේ සෙනසුරු නිසා ඇතිවන අපල දීර්ඝ කාලීන වීමත් අනෙකුත් ග්‍රහයන් නිසා ඇතිවන්නා වූ සපල කෙටි කාලීන වීමත් ය.

මිනිසාට මෙවැනි වූ අපල පලදෙන කාලවකවානු වර්ග කොට දක්වතොත් බොහෝ අවස්ථාවන් දැකිය හැකිය. අප එයින් කිහිපයක් බලමු.

 

1.ඒරාෂ්ඨක අපල කාලය

ඒරාෂ්ඨක වර්ග කිහිපයකි. ලග්න ඒරාෂ්ඨකය, අෂ්ඨම ඒරාෂ්ඨකය, ජන්ම ඒරාෂ්ඨකය සහ චන්ද්‍ර අෂ්ඨම ඒරාෂ්ඨකය ආදි වශයෙනි.

2.විපත් දශාවන්ගේ කාලය

ජන්ම නැකතේ සිට පතිත විට විපත් . වද, පුනසාරි ආදි ගණයට අයත් දශා කාලය

3. දුෂ්ඨ රාශි හෙවත් 6,8,12 යන රාශියක් හිමියෙකුගේ ලෙඩරෝග පාඩු කරදර

4.වෙනි දෙර්කාණාධිපතිගේ හා 64 වෙනි නවාංශකාධිපතිගේ දශා කාලය

මෙය ඉතා අඥාන කාල වකවානුවක් වනු ඇත. බොහෝවිට විපතකට හෝ මරණයකට නෑකම් කියන දශාකාලයක් ලෙස පිළිගැනේ. මෙවැනි වූ දශාකාලයක සමඟ ඒරාෂ්ටක අපලද ක්‍රියාත්මක නම් තද බල අපල උපද්‍රව ගෙනදීමට සමත් වේ.

5.සඳු දශාව තිබියදී සෙනසුරු 8 වැන්නේ ගමන් කරන කාලය

6. රවි මහ දශාව තිබියදී සෙනසුරු 10 වැන්නේ ගමන් කරන කාලය

7.කුජ මහ දශාවක් තිබියදී සෙනසුරු 7 වැන්නේ ගමන් කිරීම

විවාහය ආශි‍්‍රත බොහෝ ගැටලු රෝග පීඩා, බාධාකාරි, බලවේග, අනපේක්ෂිත සිදුවීම් සහ අකාලයේ මියයෑම ආදි ජීවිතයේ අමිහරි පැත්තට නැඹුරු වු සිදුවීම් බොහෝ විට ග්‍රහ අපල නිසා ඇතිවූ බව පිළිගැනේ . කොතරම් භෞතික හා සමාජමය සම්පත්වලින් පරිපූර්ණත්වයක් ලැබූවන් ඉහත කී පීඩාකාරි බලපෑම් නිසා අසතුටින් හා අපේක්ෂා භංගවත්වයෙන් දිවි ගෙවන්නෝ අප අතර කොතෙකුත් සිටිති. කුමන හේතුවක් නිසා මෙවැනි තතත්වයක් උද්ගතවේද යන්න අවිනිශ්චිත වුවද මෙකී බලවේගයන් අතිශයින් ශක්තිමත් වන අතර කුමන ආකාරයේ පුද පූජා පැවැත්වුවද මෙම බාධා මැඬ පැවැත්වීට හැකි නොවේ. පහසුවෙන් හඳුනාගත නොහැකි මෙම ගැටලු අපගේ අභ්‍යන්තර අරමුණ හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන සතුරන් ලෙස අප ඉදිරියේ ක්‍රියාත්මක වෙයි.

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙක් තම තමන්ගේ නොවිසඳෙන ඇතැම් ගැටලු විසඳා ගැනීම සඳහා බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් යම් යම් ගුප්ත බලවේගයන්ගේ පිහිට පතති. තම තමන්ගේ විශ්වාසයේ හෝ ඇදහීමේ තරමට එම බලවේගයන් සමඟ සම්බන්ධකම් ඇතිකර ගනී. මෙහිදි බොහෝ අය ඒ ඒ ග්‍රහයන් නිවේදනය කරනු ලබන දෙවි දේවතාවුන්ගේ පිහිට පතා පුද පූජා පවත්වන බවත් පෙනෙන්නට ඇත.

අප මේ ප්‍රශ්න ගැටලු ලෙස අත්දකින්නේ මොනවාද? තමන් අපේක්ෂා කරන ආකාරයෙන් කටයුතු සිදු නොවන සෑමවිට අප අත්දකින්නේ ප්‍රශ්නයක් හෝ ගැටලුවක් අප හමුවේ මතුවී තිබෙන බවකි. තමන් අපේක්ෂා කළ ආකාරයෙන් කටයුතු සිදු නොවන බව දැනෙන බොහෝ අවස්ථාවලදී අපගේ සිත කරදර වෙයි. කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව වටහා ගැනීමට අපහසු වෙයි. මන ස ව්‍යාකූල වෙයි. විසඳුමක් පෙනෙන තෙක් මාතෘකාවක් නොවන බව දැනෙයි. මෙහිදී අප කළ යුත්තේ ජීවිතයට යථාර්ථවාදීව මුහුණදීම සඳහා දැනුම හා අවබෝධය තුළින් තම මනස සකස් කර ගැනීමද එසේත් නැත්නම් ඍණාත්මක වන විශ්ව ශක්තිය වෙනස් කිරීමට කටයුතු කිරීමද?

මේ අනුව අපට පහසුවෙන් කළ හැක්කේ දැනුම හා අවබෝධය තුළින් තම මනස සකස් කර ගැනීම පමණි. එලෙස මනස සකස් කර ගැනීම තුළින් පුද්ගලයා අවට පරිසරයට අනුගත වන ආකාරය වැටහීමකින් යුතුව යළි සකසා ගැනීමටත් එසේම අවට පරිසරය තමන්ට ප්‍රතිචාර දක්වන ආකාරයට බුද්ධිමත්ව වටහා ගැනීමටත් අවකාශය උදාවෙයි.

ඇත්තෙන්ම අපලකාලවලදී ආගමික පුද පූජා පවත්වන්න යැයි පවසන්නේ වෙන දෙයක් නිසා නොව එම වතාවත්වලින් අප සිත තැන්පත්වීම නිසාය. එම නිසා මිනිසත් බව ලැබූ අප අපල කාලවලදි පමණක් නොව යමක් තේරුම් ගන්නා අවධියේම ආගම ධර්මයට ගරු කරන ධර්මානුකූල වීම තුළින් දේව ආශිර්වාදය ලැබී බොහෝදුරට අපල දුරුවෙයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.