එළකිරි

නොවැම්බර් 22, 2019

තෙල් ,ඍත, ගුලි, රසායන, හා චූර්ණවලට ගන්නා රසගුණ සපිරි එළකිරි

එළකිරි පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි රස ගුණයෙන් සපිරි පූර්ණ ආහාරයකි. කාබෝහයිඩ්‍රේට් ,ප්‍රෝටීන්, මේදය , ඛනිජලවන වලින් යුත් සමබල ආහාරයකි. එළකිරිවල ජලය සියයට 87.5 කි. මේදය සියයට 3.7 කි. ලැක්ටෝස් සියයට 4.6 කි. ප්‍රෝටීන් සියයට 3.2 කි. ඛනිජලවන සියයට 0.7 කි. එමෙන්ම එළකිරි ඔක්සිකාරක ගුණයෙන්ද යුක්ත වේ. ශරීරයේ පැවැත්මට හා ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය කැල්සියම් හා පොස්පරස් ද ඉහළ මට්ටමක පවතී. ඊට අමතරව එළකිරිවල පොටෑසියම් සෝඩියම් ,සල්ෆර් , මැග්නීසියම් ,ක්ලෝරීන් ද අඩංගු වේ. ඖෂධ ගුණයෙන් අනූන එළකිරි දේශීය මෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටද බෙහෙවින් යොදාගනියි. ඒ අනුව බෙහෙත් තෙල් ඍත, ගුලි රසායන චූර්ණ ඇතුළු බෙහෙත් වර්ග රැසකටම ගුණාත්මක ඖෂධයක් ලෙස එළකිරි සංයෝග කර ගනිති.

අක්ෂිරෝග ඇස් ඇඳිරියට කපාල වායුවට, රතවලට ආදි රෝගවලට හා කේශ වර්ධනයට දෙනු ලබන භෘංගරාජ තෛලය, එළකිරි , කීකිරිදිය යුෂ, අමු නෙල්ලි යුෂ, හාතාවාරිය යුෂ, බැබිල යුෂ , වැටකේ, අරළු යුෂ, රතුලූනු යුෂ සමඟ තලතෙල් ද, ගිතෙල්ද එක්කර ගනු ලබන අතර කල්කයට දෙදරු , උළුහාල් ඇතුළු තවත් ඖෂධ හතක් පමණ එක්කර ගනී. පක්ෂාගාත බාලක පක්ෂාගාත වාත රෝග, ශරීර බලවැඩිවීම අණ්ඩවෘද්ධි ශුල ආදි රෝග සඳහා දෙනු ලබන නාරායන තෛලය, එළකිරි, අමුක්කරා, බැබිල, බෙලි, පළොල්, ඇත්දෙමට, බටු, හාතාවාරිය කොට්ටන්, ජටාමාංශ , සුදුහඳුන්, අමුක්කරා, කොහොඹ , තොටිල, පොල්පලා ඇතුළු ඖෂධ විසිදෙකක් පමණ යොදා ගනිති. සියලු රෝගවලට ගුණාත්මක දශපාක අණුතෙලෙය තලතෙල් ,එළකිරි, එළුකිරි වැල්මී, දශමූලකෂාය අරත්තවැල්මී, සවිඳ ලුණු, කළුතල සමඟ තවත් ඖෂධ කීපයක් සමඟ සකස් කර ගනියි.

වාතරෝග ක්ෂය විෂමජ්චර ගුල්ම ආදී රෝගයන්ට දෙනු ලබන ඉන්ද්‍රකාන්ත ඍතය දේවදාර එළකිරි, තිප්පිලි, රත්නෙටොල්, ඉඟුරු, සහිදලුණු දශමූල තිප්පිලි, මුල්, කුණුකරඳ මුල් හා දශමූල ද එක්කර ගනියි.

සමශර කල්කය ඖෂධ රැසක් සමඟ එළකිරි ද එක්කර ගන්නා බව එම කවිවලින් පෙන්වා දී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.