අරුංශිකා හෙවත් ඉස්හොරි

නොවැම්බර් 29, 2019

හිසෙහි සමේ හටගන්නා ඉස්හොරි (අරුංශිකා) ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙහි හඳුන්වනු ලබයි. මෙය එක්තරා චර්ම රෝගයකි. සමෙහි දිරාපත් වීමක් ලෙසින් හැඳින්විය හැකි මෙම රෝගය ඇති අය හිස පීරන පනාවෙහි රැඳී එනු ඇත. මෙම සම් කැබලි කුඩු ලෙස හිසේ පවතින විට දෑතින් හිස කැසීමේදී නියපොතු වල රැඳෙන අතර සුළඟෙහි පාවී යනු දක්නට ලැබේ.

ස්නානයට අගුණ රෝග නොමැතිනම් දිනපතා නෑමෙන් මේ රෝග තත්ත්වය මදක් මර්දනය කළ හැකිය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා චර්මයේ ආසාදන ගතියක් ඇතිවේ. දද, වණ, තුවාල තෙක් වැඩි දියුණු වීමට පුළුවන. ඉස්හොරි සෑදීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මළබද්ධය සහ මුත්‍රාබද්ධයයි. එබැවින් මළ ශෝධනය ද මුත්‍රා ශෝධනය ද දිනපතාම පවත්වාගත යුතුයැ. එය ශරීරය වැඩීමටද නීරෝගි වීමටද ඉවහල් වනු ඇත. ඉස්හොරි සෑමවිටම පවතින්නේ වියළි ස්වභාවයෙන් යුතුවයැ. මෙම ස්වභාවයට පත් තැනැත්තේ අම්ලාධික පළතුරු, ගැනීමෙන් වැළකී සිටීම සුදුසුයැ. එමෙන්ම මස් මාංශ දෙල් වැනි ආහාර අගුණ වේ. මේ අයට රුධිර ශෝධන නිවාරණ ඖෂධ ඇඟනිවන ඖෂධ හා ආහාරපාන ගැනීම ඉතා සුදුසුයැ. කෘත්‍රිම ආහාර පානද අගුණබව සළකන්න.

එමෙන්ම දිනපතා හිස පිරිසුදු කර තැබීම ද ස්නානයෙන් පසු පිරිසුදු තුවායකින් හිස තෙත මාත්තු කර හිස වියලුණාට පසු සුපුරුදු තෛලයක් හිසට දමා සම්බාහනය කිරීම සුදුසුයැ. සම්බාහනය යනු දෑතේ ඇඟිලි තුඩු හිස කෙස් අතරින් යවා හිස්කබල පිරිමැදීමය.

ඉස්හොරි සඳහා ශීර්ෂාලේපයක්

අමුනෙල්ලි දෙහියුෂින් අඹරා හිසේ ගා පැයකට පසු ස්නානය කර හිස පවිත්‍ර වීමෙන් පසු හිසෙහි තල තෙල් ආලේප කරනු මැනවි.

හිසෙහි ඉස්හොරි දිගින් දිගටම ප්‍රබලව පවතී නම් එය විෂ රක්ත දෝෂයක පෙර ලක්ෂණයක් විය හැකිය. එවැනි අයට අත්ල සහ යටිපතුල් වලට ඩහදිය දැමීම, හිසකේ වල තද කළුභාවය අඩුවීම තඹපැහැගැන්වීම හිස කෙස් ගැලවී යාම, මුහුණේ ලප කැළැල් ඇති වීම, කුරුළෑ බෝ සෙයින් ඇතිවීම, රක්ත දෝෂ නිසාවෙන් ඇතිවන මෙවැනි තත්ත්වයන් හේතු කරගෙන එවැනි අයට ලේ පිරිසුදු වීම අත්‍යවශ්‍යය.

ප්‍රතිකාර වශයෙන් ගත් කළ

කොත්තමල්ලි ,වෙනිවැල්ගැට තම්බා ඊට සීනි දමා බීම හොඳය. නිතිපතා පිරිසුදු ජලය පානය කිරීමද ඇඟ නිවෙන එළවළු බෝංචි, ලීක්ස්, කරවිල, කැකිරි, පිපිඤ්ඤා , නිවුඩු සහලේ බත්, පලා වර්ග, කිරි (සෙම් රෝග රහිත නම් එළකිරි) බීම සුදුසුයැ. පැණිරස ආහාර ගැනීම අවම කිරීමද කාලෝචිතය. දිවා කළ නොනිදා රාත්‍රී කාලයේ සුවබර නින්දක් ලැබිය යුතුයැ.

සුවබර නින්දක් ලැබීමට නම් පිරිසුදු සයනයක් සේම සුවපහසු මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, පොරෝණා පිරිසුදුව පාවිච්චි කළ යුතුය. කොට්ට උර ,පොරෝණා ආදිය සතියකට වරක්වත් සෝදා පිරිසුදු කළ යුතුය.

එමෙන්ම හිස පීරණ පනාවද නිතිපතා පවිත්‍ර කළ යුතුයැ. වැඩි දෙනෙක් හිසට මෝස්තර දැමීමට කැමැතිය පිරිමින් කොණ්ඩය වවන විට ස්ත්‍රින් කොණ්ඩය කපති. වර්තමානයේ විලාසිතා ඒවා වේ. තමන්ට ගැලපෙන විලාසිතාවක් තෝරා ගත්තද එය තමන්ට සුදුසු දැයි නිගමනය කළ යුතුය. ලොවට සිනාසීමට අපි වැඩ කළ යුතු නොවේ. යමෙකුට ආදර්ශයක් වන ලෙස හැසිරීම වඩාත් උචිතය. මව්පියන් වැරදි මගක ගියා නම් තමන් ඒ පාරේ නොයන තරමට හොඳයැ.

උඳුගොව්වන්කෑම 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.