අධ්‍යාපනයේ සැඟවුණු ශක්තිය

දෙසැම්බර් 6, 2019

සියලු දෙගුරුන්ගේ ඒකායන අපේක්ෂාව හා අවධානය තම දරුවාගේ ඉගෙනීම ගැන ය. ඉගෙනීමට බැරි දරුවකු වෙතොත් ඒ ඉන්ද්‍රිය දුර්වලතාවයෙන් යුතු රෝගී දරුවකු පමණි.

උසස් ඉගෙනීම යන්නෙන් බොහෝ දෙගුරුන් අපේක්ෂා කරන්නේ උසස් සරසවියකට ඇතුළු වී අධ්‍යාපන සහතිකයක් ලබා ගැනීම ය. එහෙත් එය අසම්පූර්ණ අපේක්ෂාවකි. ලොව සුවිශේෂ අධ්‍යාපන ශක්තියක් ලැබූ බොහෝ දෙනෙක් සරසවියක බිම පාගා නැත. ශේක්ෂ්පියර්, තාගෝර්, කාලිදාස නිදසුන් ය. දැනුම වූ කලී සංකීර්ණ එකකි. හැම කෙනෙකුම පාහේ කුමන අංගයකින් හෝ සපුරාගත් දැනුමයි. ගණිතය, විද්‍යාව, කලාව, තර්කය හෙවත් නීතිය, මේ සියල්ලම දැනුම් සම්භාරයන් ය. ජීවිතයෙන් ලබාගත් පරිචය හෙවත් පුරුද්ද ඒ පිළිබඳ අභ්‍යාසය සපුරාගත හැකි නම් ඔහු ඒ අංශයේ උගතෙකි.
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.