තුන් වග පුරුෂයෝ

දෙසැම්බර් 27, 2019

සිව්සැට කලා, දේහ ලක්ෂණ විද්‍යාව, ඉතා පුරාණයේ පටන් භාරතයේ පැවතණ බව කිව හැකිය.අසිත හෙවත් කාලදේවල නම් තවුසා සිදුහත් බෝසත් කුමරුගේ දේහ ලක්ෂණ බලා මේ උතුම් කුමරු ඒකාන්තයෙන්ම බුදුවන බව දැන එතුමාගේ ශ්‍රාවක වනු පිණිස මුනුබුරා වූ කොණ්ඩඤ්ඤ කුමරු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි කොට හිමාල වනයට යැවූ බව නාලක සූත්‍රයේ සඳහන් වේ.

බලමින් ලකුණු ගත

දුදන ගුණ දැන ඔහු සිත

නොවසව තෙපි ම වෙත

සිල්ප නොදෙමැයි කිවෙන් මහ සත

 

ගුත්තිල කාව්‍යයේ දැක්වෙන පරිදි ගුත්තිල පඬිතුමා මූසිලගේ ඇඟේ දේහ ලක්ෂණ බලා ඔහු දුදනෙකු බව දැන සිල්ප ඉගැන්වීමට නොහැකි බව දැන්වීය. එහෙත් අඳ මව්පියන්ගේ ඉල්ලීම පරිදි පසුව මූසිලට සිල්ප ඉගැන්වීය.

වේද ග්‍රන්ථවල සඳහන් පරිදි සමුද්‍රා නම් දේවතාවා විසින් දේහ ලක්ෂණ විද්‍යාව ආරම්භ කර තිබේ. මේ විද්‍යාවේ පුරුෂ වර්ග 3 ක් ගැන සඳහන් වේ. ශශ, වෘෂභ, අශ්ව යනු ඒ වර්ග තුන වේ. ඒවා එකිනෙක ගැන කෙටි විස්තරයක් පහත සඳහන් කරමි.

ශශ පුරුෂ ලක්ෂණ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.