රෑ නිදියහනේ ඔබ දුටු සිහිනේ

ජනවාරි 3, 2020

නෙළුම් මල් සිහිනෙන් දැකීම - වාසනාව උදා කරයි. ධනය ලැබේ. සමහරවිට හදිසි ලොතරැයි වාසනා උදාවේ. දුප්පත් අය හදිසියේ ධනවත් වේ.

නෙළුම් මල් බුදුන්ට පූජා කිරීම සිහිනෙන් දුටු විට - අවිවාහකව සිටින විවාහවන වයසේ පසුවන ස්ත්‍රී පුරුෂ සැමට ඉතා ඉක්මනින් විවාහ වීමට භාග්‍යය උදාවේ.

පූජාසනයක් හීනෙන් දැකීම - ඉතා වාසනාවන්ත කාලයක් උදාවේ. සමාජයෙන් ගරු සම්මාන හිමි වේ. අලුත් නිවාස සාදාගනී. ඉතා කෙටි කලකින් ධනවතෙකු වේ.

විදේශ ගමන්යාම සිහිනෙන් දැකීම - ශරීර සෞඛ්‍යයට අහිතකරයි. බෝවෙන රෝග වැලඳේ. ශල්‍යකර්මවලට බඳුන්විය හැකිය. සමහර අයට රෝග උත්සන්න වේ.

පර්වත නැගීම සිහිනෙන් දැකීම - තමන් බලාපොරොත්තුවන කටයුතු ඉටු වේ. රැකියා ලැබේ. විවාහය සිදුවේ.

සිහියෙන් නිය හපනවා දුටුවොත් - හදිසියේ මරණයට පත්වේ.

නින්දා ලැබීම සිහිනෙන් දුටුවොත් - පවුලේ වයස්ගත කෙනෙකු රෝගී වේ.

ගුරුවරයකු ඔබට උගන්වනවා සිහිනෙන් දැකීම - තරගවිභාගවලින් ජය අත් වේ. නුවණ ලැබේ. හොඳ රැකියා ලැබේ. රටතොට ප්‍රසිද්ධ කෙනෙකු වේ.

පැරණි වෙහෙර විහාර හීනෙන් පෙනීම - රැකියාවෙන් උසස් වේ. ධනය ලැබේ. වන්දනා ගමන් යෙදේ. ගෘහ ජීවිතය යහපත් ලෙස ගෙවීයයි.

වැල, වරකා හීනෙන් දුටුවොත් - රැකියා කටයුතුවලින් දියුණුව, ධනය ලැබීම, විවාහ ජීවිතය සාර්ථකව ගතවේ.

රෙදිපිළි සෝදනවා හීනෙන් දුටුවොත් - හිතුවක්කාර ගමන්වලින් අනතුරු සිදු වී කෙටි කාලයක් එක්තැන් වේ. නෑ හිතමිතුරන් නිකරුණේ අමනාප වේ.

අලුත් හිස් වැස්මක් හීනෙන් දැකීම - ඉදිරියේ දී සැප සම්පත් ළඟා වේ. අලුත් නිවසක් තනා එහි පදිංචියට යයි.

කබාය ඉරිලා සිහිනෙන් දැකීම - හිතවතුන්ගෙන් උපකාර ලබයි. ගමන් බිමන්වලදී හදිසි අනතුරු ගෙනදෙයි. දරුවන් හිතුවක්කාර වේ. දරුවන් හිතුවක්කාර වී විවාහ කටයුතු කරගනී.

සපත්තු, මේස් කුට්ටමක් සිහිනෙන් දුටුවොත් - දුරබැහැර ඥාතීන් නිවසට පැමිණේ. විකුණාගැනීමට මෙතෙක් නොහැකි වූ ඉඩම විකුණා ගැනීමට හැකි වේ. පැතුම් ඉටු වේ.

කොස් ගසක ගෙඩි පිරී සිහිනෙන් දැකීම - වෙළඳ ව්‍යාපාරවලින් දියුණු වේ. වාහනයක් මිලදී ගැනීමට අනාගතයේ හැකි වේ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තියන්ට වාසනාවන්ත පින්වත් දරුවන් ලැබේ.

දෙල් ගෙඩි සිහිනෙන් දැකීම - ජීවිතයේ මෙතෙක් තිබූ කරදර ඉවත්ව යයි. මංගල යෝජනා ඉටු වේ. නඩු කියූ ඉඩමක් තමන්ට හිමි වේ. දරුවන් විභාගවලින් සමත් වේ.

භික්ෂුණියක් හීනෙන් දැකීම - ජය අත් වේ. පවුලේ සමගිය වර්ධනය වේ. හිතවතියන්ගෙන් උපකාර ලැබේ.

රන්වළලු සිහිනෙන් දුටුවොත් - යහපත් සිහිනයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහ ජීවිතයේ වෙන්ව ගිය සැමියා හෝ බිරිඳ නැවත එක් වේ. විදේශ රැකියා හිමි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.