එළඹෙන අවුරුද්ද රටට කෙබඳු වේද?

ජනවාරි 3, 2020

සිතට අධිපති සඳු ලග්නගතව, මිත්‍රරාශිගතව ශනිගේ රාශියකම සිටින නිසා රටේ ජනතාවගේ චිත්තන ශක්තිය දියුණුවන අතර සෞඛ්‍ය කටයුතු රටේ යහපත උදෙසා

නව නිර්මාණ බිහිවේ.

2020 අවුරුද්ද ලෝකායත ඡ්‍යොතිෂය අනුව ලංකාවට හිමිව ඇත්තේ කුම්භ ලග්නයයි. කුම්භ ලග්නයට අධිපතියා සෙනසුරුය. සෙනසුරු යන වචනය ඇසීමේදී පවා සමහරු බියවෙති. සසල වෙති. භ්‍රාන්ත වෙති. කම්පා වෙති. මන්ද? අශුභ සෙනසුරු බොහෝවිට ලෝකයාට ගෙන දෙන්නේ අශුභ ඵලයි.

සෙනසුරා ලෝකයාට අශුභ ඵලම ගෙන දීමෙන් අපට පෙනෙන්නේ ලෝකයේ බොහෝදෙනා පිංකර නැති බවයි. පව් කළ බොහෝ දෙනා පව් ඵල දෙන කාලය සෙනසුරු ඒරාෂ්ඨකයයි. එය බොහෝ දෙනා දැන සිටින කරුණකි.

පින්කර ඇති අයගේ කේන්දරවල සෙනසුරු ශුභව සිටී. එවැනි අය රජවරු, යුවරජවරු, ප්‍රාදේශීය රජවරු, සිටුවරු, මැතිවරු, ඇමතිවරු ආදීන් වෙති. රන් රිදී, මුතුමැණික්, වතුපිටි, ඉඩකඩම් ,යානවාහන හිමි ධර්මය, කර්මය විශ්වාසය කරන යහපත් අය වෙති.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.