නව වසරට නිවසේ බුදු පහනේ ආලෝකයෙන් ජීවිතය ආලෝකවත් කරගන්න

ජනවාරි 10, 2020

ලොවක් සනසාලූ බුදුගුණ සත්‍ය බව මෙපමණයි කියා නිම කරන්නට බැහැ.තමන් කුමන ආගමක වූවත් එම ආගම දහම ගැන හරි අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා නම් තමන්ට යහපත උදාවෙනවා.හැම ආගමකම කියන්නේ යහපත්ව අනුන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වීමයි.

බොහෝ දෙනෙකු කරන්නේ බුදු පහන තබන ගමන් අනුන්ගේ දියුණුවට අකුල් හෙලීම, බාධාවන් කිරීම, සිනාසී අවමන් කිරීමයි. තමන්ට යම් බලයක් ලැබී ඇත්නම් ඒ බලය යොදා යොදා අන් අයට හිංසා කිරීමට උත්සාහ ගැනීමයි.තමනුත් කවදා හෝ මරණයට පත්වන බව නොසිතීමයි.

බුදුපහන මගින් ජීවිතයට යම් ආලෝකයක් යහපතක් කර ගන්නට පුළුවන් වන බොහෝ වත්

පිළිවෙත් ක්‍රම ඇති බැවින් ඒ සියලුම රහස් එකින් එක මේ ලිපි පෙළ හරහා ඔබව දැනුවත් කිරීමට ලැබූ උතුම් සමාජ සත්කාරය වේ.

විශේෂ කරුණක් ඔබට මතක් කර දිය යුතු වෙනවා.ගෙදර බුදු පහන දැල්වෙන අවස්ථාවේ කිසිම විටෙක නිවස තුළ පුළුටු වර්ග, මස්, මාළු, බිත්තර,කරවල වැනි දේ බදින්නට එපා.එම පුළුටු සුවඳට ප්‍රේත භූත ආත්ම බලවේග නිවස තුළට ඒම මගින් ඔබට කරදර කිරීමට බලනවා.

මේ අවස්ථාවේ සමහර අය පිරිත් කීම මගින් නිවසට හා අශුභ බලවේග කෝපයට පත් වෙනවා. ඔබට ඔබ පවුලේ සැමට කරදර කිරීමට බලනවා. නමුත් ඔබ සිතන්නේ මෙපමණ බුදු පහන තබලත් කරදරමයි.අහල පහල අය කොඩිවිනයක්වත් කරලා ද කියා සැක කිරීමයි.ඔබ නොමග යාමයි.

තමන් මේ අශුභ දේ කරගන්නේ ඔබ විසින්මයි. ඔබ කරන්නේ දෙවියන්ටත් බැණ වැදීමයි. බුදුපහනේ බුදු ගුණ බලයට ඔබේ පින් බලයට යහපත් දේව සමූහයා වැඩියත් අර පුළුටු සුවඳට පිං කැමති දේව සමූහයා කැමති නැහැ. පුළුටු සුවඳට ආශා වන්නේ ප්‍රේත යක්ෂ බලවේගයයි.

එම නිසා බුදු පහන දැල්වෙන කිසිම විටෙක පුළුටු බදින්නට එපා.ඔබ දැකලා ඇති දියුණුවන ස්ථාන ආපනශාලා එකවරම අභාවයට පත්වීම.ආදායම් මාර්ග දුර්වල වීම.එම නිසා ඔබගේ කේන්ද්‍රය තුළ දසවන භාවය හෙවත් 10 වැන්න බලවත්වීම අනුව කරන රැකියාවේ දියුණුව හා කරන වෙළඳාම් වල දියුණුව මතු වී අශුභ බලවේග ඉවත් වෙනවා.අඟහරු ග්‍රහයා දසවැන්න තුළ බලවත්නම් ව්‍යාපාර තුළ දියුණුව ඇති වෙනවා.බුදු පහනේ ගුණ අධිකව ලැබීමට දේව පිහිට ලැබීමට එමගින්ම ඔබගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවීම හා තම දරුවන්ගේ යහපත ඉගෙනීම හා රැකියාවේ දියුණුව ලැබීමට ලිපියේ සඳහන් කළ පරිදි ඉතිපිසෝ ගාථාව 07 වරක් කියන්න.සබ්බපාපස්ස ගාථාව 07 වරක් කියන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.