මිතුරන්ගේ ගතිපැවතුම් හඳුනා ගන්න

ජනවාරි 24, 2020

නිවසේ ප්‍රධානියා ගෘහ මූලිකයා නම් ජන්මපතක ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරනුයේ ලග්නාධිපති ග්‍රහයාගෙන්ය. එබැවින් ලග්නාධිපති ග්‍රහයාගේ බලදුබලතාවය අනුව මූලික වශයෙන් පුද්ගලයකුගේ ගතිපැවතුම් ද හඳුනාගත හැකිය.

රවි ග්‍රහයාට (සිංහ) හා සඳු ග්‍රහයාට (කටක) එක් රාශියක බලතල පැවරී තිබෙන අතර, අනෙකුත් කාරක ග්‍රහයන් පස්දෙනාට රාශි දෙකක් බැගින් වගකීම් පැවරේ. එසේ වුවද රාශි ප්‍රභේදය අනුව ගතිපැවතුම්වල වෙනස්කම් ද දක්නට ලැබේ. උදා :– වශයෙන් මේෂ ලග්නයට හා වෘශ්චික ලග්නයට අධිපති වන්නේ අඟහරු හෙවත් කුජ ග්‍රහයාය. මේෂ රාශිය තේජෝ (ගිනි) රාශියකි. වෘශ්චිකය. ජල රාශියකි. එබැවින් ලග්නාධිපති වුවද රාශි වර්ගීකරනය අනුව කිසියම් හෝ වෙනස්කමක් පෙන්නුම් කෙරේ.

වෘෂභ හා තුලා රාශිවලට කිවි හෙවත් සිකුරු ග්‍රහයා ලග්නාධිපති වුවද රාශිවල ස්වභාවයේ (පිළිවෙළින් තිර හා චර වශයෙන් වෙනස්කම් දක්නට ලැබේ. මිථුන හා කන්‍යා රාශිවලට බුද ග්‍රහයා ලග්නාධිපති මෙන්ම උභය රාශි ගණයට ඇතුළත් වේ. එහෙත් මිථුනය වායු රාශියක් වන නිසා සංවේදී ක්‍රියාකාරිත්වයෙන් ඉහළ මට්ටමක පවතී.ධනු හා මීන උභය රාශි ගණයට ඇතුළත් වුවද (පිළිවෙළින් තේජෝ හා ජල රාශියක් වන බැවින් ලග්නාධිපති

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.