72 වැනි නිදහස අභිමානයෙන් සමරමු !

ජනවාරි 31, 2020

විටින් විට තුන් සිංහලේ සවි බලය අයුතුව රැගෙන යට තට
කොටින් කිව්වොත් අන්තවාදී පිරිස් එදිරිව අපේ දහ මට
කටින් ජයගත් පිරිස අදැහැමි දැහැමි හෙළයින් යවා සිර ගෙට
රටින් අඩකට වඩා වියසන ගෙනාවේ පෙර අපේ කරු මෙට

එදා පැවතුණු යටත් විජිතය විසුණු කරවූ පිරිස එඩි තර
පුදා සිය දිවි සුරැක ගත්තේ හෙළේ ජාතික බලය බහු තර
උදා කර නිදහසේ අරුණළු සුරපුරට ගිය පිරිස පිං බර
මෙදා අප මේ සිහි කරන්නේ වසර හැත්තෑ දෙකක් පසු කර

මුදා ගත් ඒ අපේ උරුමය බොහෝ ජීවිත තබා උක සට
නිදා සක් නම් නැතැයි තවමත් හැඟේ බාධක නැගෙන තර මට
විදා අත් යුග ජාති ආගම් බේද කිසිවක් නොමැති විල සට
මෙදා එක්වෙමු සැවොම එකමුතු ලෙසින් මිනිසත් ගතිය පල කොට


- අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.