72 වැනි නිදහස් උදානයේ අභිමානය රැකගනිමු

ජනවාරි 31, 2020

“ඉන්දියන් සාගරයේ මුතුඇටය” යන විරුදාවලිය ලද අපේ මේ මාතෘභූමිය අත්පත් කරගන්නට යුරෝපා ජාතීන් උත්සහ කළේ 16 වන සියවසේ සිටය. ඒ අනුව කි‍්‍ර.ව. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසින් ද කි‍්‍ර.ව. 1658 දී පැමිණි ලන්දේසීන්ද කි‍්‍ර.ව. 1796 දි මෙහි පැමිණි ඉංගී‍්‍රසීන්ද අප රට මුළුමනින්ම අත්පත් කරගන්නට දැරූ උත්සහයන් අපමණය.

 

ඉංගී‍්‍රසින් ඉතාම උපායශීලිව ජෝන් ඩොයිලි නම් ඔවුන්ගේ රාජකීය චර පුරුෂයා මඟින් මෙහි පැමිණ වසර 19ක් වැනි කෙටි කාලයකින් වර්ෂ 1815 දී අපේ රටේ පාලන බලය මුළුමනින්ම සියතට ගන්නට සමත් වු දා පටන් අප පරාදීන ජාතියක් වීම ආරම්භ විය. එතෙක් අපේ රට පෘතුගීසීන්ට ද ලන්දේසීන්ට ද අපේ උඩරට රාජධානිය යටත් කර ගැනිමට පවා අවස්ථාවක් නොලැබුණි. ඒ අප නම් වශයෙන් දන්නා මෙන්ම නොදන්නා දහස් ගණනක් හෙළ පුතුන් හා රට දැය සමය, දිවි පරදුවට තබා රැකගන්නට වෙහෙසුණු දෑහිතකාමි හෙළ රජවරු ඇතුළු අපේ දේශප්ප්‍රේමී බලමුළු නිසාවෙනි.

 

රොබට් බ්‍රවුන්රිග්ගේ උපාය ඩොයිලි කි‍්‍රයාත්මක කරයි.

මෙතෙක් මහනුවර රාජධානිය පෘතුගීසි හා ලන්දේසී පාලකයන්ට නතුකර ගැනීමට නොහැකි වුවත් ශී‍්‍ර ලංකාවට පැමිණි රොබට් බ්‍රවුන්රිග් කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට ඉතා සුක්ෂම ලෙස කටයුතු යෙදුවේය. ඔහු විසින් මේ සදහා චර පුරුෂයෙකු ලෙස යෙද වු ජෝන් ඩොයිලි උඩරට රජුගේ හා රදල ප්‍රභූවරුන්ගේ මෙන්ම පුජ්‍ය පක්ෂය සමග ද සමීප හිතවතකු ලෙස පෙනී සිටීම මෙම රහසිගත උපක්‍රමයේ අග්‍රඵලය විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායක්කාර වංශිකයෙකු වු බැවින් ඔහු සිහසුනෙන් නෙරපා හැර සිංහලයේ රජකම පතා කුමන්ත්‍රණය දියත් කළ මොල්ලිගොඩ ඇතුළු රජවාසල උඩරට නිලමේවරු පිළිබඳ මහත් සැකයෙන් පසු වු ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජු සුරා සොඬෙකු, උන්මන්තකයෙකු මෙන්ම බෞද්ධාගම, බෞද්ධ වෙහෙර විහාර විනාශ කරන්නෙකු, සංඝයා වහන්සෙලාට හිංසා පමුණුවන්නෙකු බවට පත්කොට සිංහල ප්‍රභූවරුන් හා උඩරැටියන් විසින්ම අපරට මුළුමනින් ඉංගී‍්‍රසීන්ට අත්පත් කර ගන්නට අවස්ථාව උදා කළේය. මේ වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍යයේ් රජුගෙන් විශේෂ වරප්‍රසාද හා තිළිණ ලබමින් බ්‍රිතාන්‍යයේ “වීරයකු“ බවට පත්විය.

 

අපට වැරදුණ තැන

මේ කාල වකවානුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව මුළු උඩරටම නැගි සිටින්නට තවත් ප්‍රබල හේතුවක් වුවේ ඇහැළේපොළ අධිකාරම්තුමාගේ සත් හැවිරිදි පුතු මද්දුම බණ්ඩාර ඇතුලු ඇහැළේපොළ කුමාරිහාමි, ඇයගේ නැගණිය, වැඩිමල් පුතු, ලොකුබණ්ඩා, කුඩා දියණිය ඇතුලු සියලු දෙනා ඉතා කෲර ලෙස මරා දැමීමට රජු කි‍්‍රයා කිරීමයි. ලංකා දිවයිනට 1796 දී ගොඩබට ඉංගී‍්‍රසීන්ට වසර 19ක් වැනි කෙටි කලක් තුළ උඩරට බලය ද අත්පත් කර ගන්නට හැකිවීමේ කතා පුවත පසුබිමේ පෙරමුණ ගත්තේ අඥාන බලලෝභි උඩරට සිංහල රදලවරුන්මය. සිංහල ඉතිහාසයේ අපට වැරදුණු එක් සංන්ධිස්ථානයක් වුයේ මෙම බලලෝභි කැරැල්ලයි.

 

සිංහල රාජධානි සමය නිමාවෙයි.

පසුව ඉංගී‍්‍රසීන්ගේ සිරකරුවෙකු ලෙස ඒ වන විට බ්‍රිතාන්‍යයේම යටත් විජිතයක් වු ඉන්දියාවේ “වෙල්ලෝරයට“ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටත් කර යැවිනි. මේ අනුව 1815 මාර්තු මස දෙවැනිදා උඩරට රදළයන් හා ඉංගී‍්‍රසීන් අත්සන් කළ වගන්ති 12කින් යුත් “උඩරට ගිවිසුමේ“ පළමු වගන්තියෙන්ම ශී‍්‍ර වික්‍රම රාජසිංහ රජුගේ කෲර පාලනය ගැන විස්තර කෙරුණු අතර, ගිවිසුමේ 5 වෙනි වගන්තියෙන් බෞද්ධාගමට නිසි තැන දී කටයුතු කරන බවටත් බෞද්ධ විහාරස්ථාන හා දේවාල ද ආරක්ෂා කරන බවටත් ඉංගී‍්‍රසීහු ප්‍රතිඥා දී තිබුණි. උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වඩාත් ප්‍රකට වන්නේ සිංහල රජධානි සමය එතෙකින් නිමා වු බවයි.

දේශ හිතෛෂි බහුතර හෙළයන්ට එදින අතිශය ශෝක ජනක දිනයක් විය. ගිවිසුම අත්සන් කළ මුල් කාලයේ ඉංගී‍්‍රසීන් උඩරට රදලවරු ප්‍රභූවරු හා භික්ෂුන්ගේ සිත් දිනා ගැනිමට කටයුතු කළ ද ඉන් පසු ටික කලෙකින්ම ඉංගී‍්‍රසි නිළධාරින් අත්තනෝමතික කෲර පාලනය අරඹමින් විවිධ අන්දමින් සිංහලයන් තලා පෙළා දමන්නට කටයුතු කළහ. නොසිතු නොපැතු ලෙස උඩරට රදළවරුන්ගේ සමාජ තත්ත්වයට මෙන්ම ආර්ථික තත්වයට ද ඉංගී‍්‍රසීන් මරු පහරක් එල්ල කරමින් දරුණු පාලනයකට උඩරට යටත් කරන ලදි. ලක්දිව රාජ්‍යත්වයේ උතුම් සංකේතයක් සේ පිළිගැනුණු දළදා වහන්සේ ඉංගී‍්‍රසීන්ගේ බාරයට පත්වීමද එතෙක් පැවතුණු දළදා පුද සිරිත් හා දළදා පෙරහැර නවතා දැමීමද උඩරැටියන්ගේ මෙන්ම මුළු සිරිලකෙහිම ස්වාධීනත්වයට අත්තරායාකාරි වන බව හෙළයන් හොඳීන්ම වටහා ගත්හ.

 

කැරළි කෝළහල

මේ සියලු අකටයුතුකම් ඉවසීමට බැරිම තැන තම ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ සටන් ඇරඹීමට සිංහලයා වහ වහා තැන තැන පෙළගැසෙන්නට වුහ. මේ සඳහා ලක්දිව දස දෙසින්ම සහයෝගය එම සටන් පෙරමුණු වලට ලැබුණු අතර මෙම සටන් මර්ධනය කරමින් ඉංගී‍්‍රසීන් ජය ලැබුවද ගන්නොරුව සටනින් මෙන්ම ඌව වෙල්ලස්ස තුළ ඇති වු සටන්වලදි ඉංගී‍්‍රසීන්ගෙන් විශාල පිරිසක් අපේ විරුවන් අතින් ජීවිතක්ෂයටපත් වුහ. මෙහිදි අප දිනු දේශය වෙනුවෙන් අභීතව සටනට පිවිසි තරුණ විරුවන් බොහෝ දෙනෙකුද දැයට අහිමි වුහ.

1833 දි කි‍්‍රයාත්මක වු කොල්බෲක් කොමිසමේ ප්‍රතිසංස්කරණවලින් පසු ලංකා ජනතාව මහත් අපහසුතාවයකට පත් කළ දැඩි බදු ප්‍රතිපත්තිය නිසාද ලක්වැසියන් මහත් සේ අසරණ වු අතර ඉන් මුළු සිරිලක තුළම විශාල ඒකරාශිවිමක් ඉංගී‍්‍රසීන්ට එරෙහිව ගොඩනැගිණි.

 

හෙළයන් කුපිත කළ බදු

 

කොල්බෲක් ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතාව මත විශාල වශයෙන් “බදු බර“ පටවන්නට ඉංගී‍්‍රසි ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිංහල ජනයා කුපිත වන්නට වු අතර රටේ විවිධ තැන්වල තරුණ පිරිස් එකතුවී කළකෝළාහළ ඇති කරන්නට විය. මෙසේ පනවන ලද බදු කිහිපයක් වුයේ.

 

තුවක්කු බද්ද, බලු බද්ද, ඇඟ බද්ද, කරත්ත බද්ද, පොළ බද්ද, පාර බද්ද, මුද්දර බද්ද ජනතාව මත පටවන ලද මෙම අසාධාරණ බදු නිසා ඉංගී‍්‍රසින්ගේ කෲර රාජ්‍ය පාලනයෙන් කබලෙන් ලිපට වැටුණු හෙළයන් ඉංගී‍්‍රසීන්ට වෛර කරන සම ජාතිකත්වය පිළිබඳ හැඟිම්බර ජාතියක් බවට පත්වුහ. උඩරට ප්‍රභූවරුන් හා සංඝයා වහන්සේ රවටා ලබාගත් බලය රටට ඉතා අහිතකර ලෙස ගොඩනැඟෙන බව සිංහලයාගේ ඇස් කන් මොළවල ට ඉතා තදින් දැනුණේය. මේ සමයෙහි රටපුරා නැගෙමින් තිබු ජාතික හැඟිමෙන් ඔද වැඩුණු සිංහල තරුණ සටන් සංවිධාන ඉංගී‍්‍රසීන්ගෙන් දුටු තැන පළිගනිමින් ක්‍රියා කරන්නට වුහ.

පුරන්අප්පු සහ දේශප්‍රේමීන්ගේ පිබිදීම

මේ අනුව පෑලියගොඩ ඩේවිඩ් (ගොංගාලේගොඩ බණ්ඩා), මොරටුවේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු (පුරන් අප්පු) , කපුරු බස්තියන්ලාගේ දිනේෂ්, හා හඟුරන්කෙත ඩිංගිරාල ඇතුළු පිරිස ඉංගී‍්‍රසීන්ට මහත්සේ හිරිහැර කරදර පමුණුවමින් දුටු තැන ඉංගී‍්‍රසි සෙබළුන් මරා දමන්නට සැළසුම් කළහ. ඉංගී‍්‍රසීන් නියම කළ බදු මුදල් පැහැර හැරීමට සිංහල ජනයා දැනුවත් කරමින් පෙළ ගැසුණු මෙම සටන් කරුවන් ඉංගී‍්‍රසීන් අපේ රට වැසියන්ගෙන් අයකළ බදු මුදල් අතරමගදි කොල්ලකමින් එම බදු මුදල් නැවත අසරණ සිංහලයන් අතර බෙදා දෙමින් කඩුවෙන්, හෙල්ලෙන් උපක්‍රම හා මරඋගුල් අටවමින් ගල් පෙරළමින් සටනේ යෙදුණු දේශ ප්‍රේමී තරුණයන් දේශදෝහීන් ලෙස නම් කරමින් ඔවුන් අත්අඩංගුවට ගත්හ.

 

මව්බිමේ කඳුළු

කුඩාපොළ හිමියන්ගේ රැකවරණය ලද පුරන් අප්පු, ඩිංගිරාළ, ගොංගාලේගොඩ බණ්ඩා වැනි දේශප්‍රේමී තරුණ බලමුළුවල එකම අභිප්‍රාය වුවේ උඩරට රාජධානිය වෙනුවෙන් යළිත් වතාවක් සිංහල රජෙකු පත්කර ඉංගී‍්‍රසීන් මෙරටින් සහ මුලින්ම පළවා හැරීමේ මහ සටනක් සඳහා මුළු සිරිලකම සුදානම් කිරිමයි.

එහෙත් ඉංගී‍්‍රසීන්ගේ අශ්වාරෝහක හමුදා බලඇනිය සතුවු වෙඩි බලය ඉදිරියේ දුන්න, හෙල්ල, කඩුව මෙන්ම මේ විරුවන්ගේ එඩිතරකමද පරාජයට පත් වන්නට වැඩි කලක් ගත නොවිණි. ඉංගී‍්‍රසීන්ගේ වෙඩි පහරින් කුඩාපොළ හිමියන්, ඩිංගිරාළ, පුරන්අප්පු හා ගොංගාලේගොඩ බණ්ඩා ඇතුළු විශාල විරුවන් පිරිසකගේ රුධිරයෙන් අපේ මව්බිම තෙත්විය.

බෞද්ධාගම අනතුරේ

1818 හා 1848 සටන්වලට අමතරව තවත් කුමන්ත්‍රණ රැසකට අභියෝගත්මකව මුහුණදෙමින් බෞද්ධාගම විනාශ කරමින් තම මිෂනාරි ආගම මෙරට තුළ වපුරන්නට ඉංගී‍්‍රසීන්ට ගැතිකම් කළ කළු සුද්දන්ගේ පරම්පරාවක් බිහිකරන්නට ඉංගී‍්‍රසීන් හැකි සෑම උපක්‍රමයක්ම යෙදුවේය. මිෂනාරි ආගම්වලට බැඳෙන පිරිසට විශේෂ වරප්‍රසාද තනතුරු පිරිනැමුණු අතර සිංහල බස යටපත් කරමින් ඉංගී‍්‍රසී බස පෙර ට ගන්නට ඉංගී‍්‍රසීන් විශාල වශයෙන් කටයුතු කළහ. ඉංගී‍්‍රසීන්ගේ නම්බුනාම තනතුරු හා මුදල් වාසිවලට රැවටුණු ඉංගී‍්‍රසීන්ට ගැතිකම්කළ කලු සුද්දන් මගින් යළිත් කිසිදිනක මේ හෙළ බිම සිංහල ලෙයින් පණ ගන්වන්නට ඉඩක් නොතැබිම ඉංගී‍්‍රසීන්ගේ එකම අරමුණ විය.

 

උපක්‍රමශිලි නිදහස් සටන්

එහෙත් 19වන සියවස උදාවන විට ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනමය සංස්කෘතිකමය වශයෙන් සංක්‍රාන්ති සමයකට මුහුණ දෙන්නට තරමි වටිනා බුද්ධිමත් දේශහිතෛෂි උපක්‍රමශිලි දේශප්‍රේමීන් රැසක් අපේ මව්බිම උපන්නේය. ඔවුන් බොහෝ විට රට වෙනුවෙන් දිවි දුන් විරුවන්ගේ යළි ඉපදීමක් සේ ද සැලකිමට තරම් කාර්යශූර මෙන්ම බුද්ධිමත් දේශප්‍රේමීන් වුහ. මේ අනුව 1818 හා 1848 සන්නද්ධ අරගලවලටත් වඩා උපක්‍රමශීලි අර්ථවත් සටන් පෙරමුණු තුනක් 19 වන සියවස එළඹෙත්ම අප රට අධිරාජ්‍යවාදින්ගෙන් මුදවා ගන්නට පෙරමුණ ගත් බව පැහැදිලිවම කිව හැකියි. එම පෙරමුණු තුන මෙසේය.

 

නව දේශප්‍රේමී පෙරමුණු තුනක්

ජාතික නිදහස වෙනුවෙන් කකියන ජාත්‍යාලයෙන් යුතුව හෙළයන් දැනුවත් කරමින් ජාතික හැඟිම් පුබුදුවාලු ලංකා ජාතික සංගමය, පරම විඥානාර්ථ සංගමය, බෞද්ධ මහා සම්මේලනය, අමද්‍යප ව්‍යාපාරය, මුල්කරගනිමින් කි‍්‍රයාත්මක වු පෙරමුණ.

මෙරට වාමාංශික ව්‍යාපාරය තුළින් මෙහෙයවන ලද සර්ව ජන ඡන්ද බලය පාර්ලිමේන්තු වරප්‍රසාද හෙළයන්ට ද ලබාගැනීමත්, ඒ ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.