අලුත උපන්, සිඟිති දුවට, පුතාට වයස අවුරුදු තුනට පෙර ඔබ විසින් ඉටු කළ යුතු වැදගත් චාරිත්‍ර 6 මෙන්න

පෙබරවාරි 7, 2020

යුවතිපතියන් දෙදෙනෙකුගේ ප්‍රමුඛ බලාපොරොත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුළුඳුල් සිඟිති දරුවෙකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය.

සිඟිති දරුවෙකු යනු දෙමාපියනට මෙන්ම මුළු මහත් සමාජයටම මහඟු දායාදයකි. වටිනා සම්පතකි. එසේම දරුවෙකු යනු මුළු ලොවටම මිණි කැටයකි. ඒ අනුව සිඟිති දරුවෙකු ඉපදුණු අවස්ථාවේ දී මූලිකවම අපි සිදුකරනු ලබන්නේ එම දරුවා මෙලොව එළිය දකින මොහොත පදනම් කර ගනිමින් නැගෙනහිර ක්ෂිතිජයේ පායා ඇති ග්‍රහ තාරකා පදනම් කොට ගනිමින් ජන්ම පත්‍රයක් දක්ෂ ඡ්‍යොතිෂවේදියෙකු ලවා සාදවා ගැනීමයි. එම දරුවා පූර්ව ආත්මභාවයේ සිදුකර ඇති පව් පින් , අපල හා සපල ලෙස එම ජන්ම පත්‍රය හෙවත් හඳහන තුළ මැනවින් සටහන්ව ඇත. එය පූර්ව ආත්ම භාවයේ කැඩපතකි.

සිංහල බෞද්ධ ජනසමාජය තුළ ඡ්‍යොතිෂයට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව එම ඡ්‍යොතිෂ සිද්ධාන්ත පදනම් කර ගනිමින් අලුත උපන් සිඟිති දරුවෙකු වෙනුවෙන් ජන්ම පත්‍රයක් සාදනු ලබයි. ඉන් අනතුරුව පළමුව සිඟිති දරුවෙකු සඳහා ගොඩනගන එම ජන්ම පත්‍රයට අනුව අපේ සංස්කෘතියත් පදනම් කොට ගනිමින් අලුත උපන් දරුවෙකු වෙනුවෙන් දරුවාගේ මුල් අවුරුදු 03 ඇතුළත මූලිකව අප චාරිත්‍ර 08 ක් ඉටු කරනු ලබන අතර ඒ අතරින් ප්‍රධාන චාරිත්‍ර 06 ක් අප අනිවාර්යයෙන්ම දරුවා වෙනුවෙන් ඉටුකරනු ලබයි. එම මූලික චාරිත්‍ර 08 ලෙස නම් තැබීම, රන්කිරි කට ගෑම, හිරු දැක්වීම, ආගමික ස්ථානයක් වෙත දරුවා කැඳවාගෙන යාම, හිසකෙස් කැපීම, ගැහැනු දරුවන්ගේ කන් විදීම, දරුවාට ඉඳුල් කට ගෑම, අකුරු කියවීම එම චාරිත්‍ර 08 ලෙස අපට දැක්විය හැකිය. මෙහිදී හිරු දැක්වීම ලෙස හඳුන්වනු ලබන්නේ මවුකුසින් මෙලොව ජන්ම ලාභය ලැබූ සිඟිති දරුවා පළමු වරට දොරට වැඩීමේ අවස්ථාව මේ ලෙස හඳුන්වනු ලබයි. දරුවෙකුගේ මතු ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔහු හෝ ඇය පිළිබඳව ඒ ඒ අවස්ථාවල අනුගමනය කරනු ලබන නැකැත් පිළිවෙල අනුවය. ඒ අනුව බත් කැවීමේ නැකතින් දරුවාගේ ශරීර සෞඛ්‍යයත් අකුරු කියවීමේ නැකතින් දරුවාගේ ඥාන ශක්තියත් ඇතිවේ. මෙම කටයුත්තේ දී ඡ්‍යොතිෂයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඒ අනුව මෙහිදී මූලික වන චාරිත්‍ර හයකි. එම චාරිත්‍ර හය නම්

නිවැරදි ගණ පිහිටුවා දරුවාට

අර්ථවත් නමක් තැබීම

සුබ නැකතට නිවැරදිව ජීවම් කර

පංචායුධයක් කර පැළඳීම

සුබ නැකතට මංගල හිස කෙස් රොද කැපීම, ගැහැනු දරුවන්ගේ කන් විදීම, සුබ නැකතට ඉඳුල් කට ගෑම, සුබ නැකතට අකුරු කියවීම නිවැරදිව ගණ පිහිටුවා දරුවාට අර්ථවත් නමක් තැබීම

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.