විවාහය සූදානම් ද එහෙනම්...

පෙබරවාරි 7, 2020

විවාහයක් වීමට අපේක්ෂිත ඕනෑම කෙනෙක් සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික පැත්ත වැඩි වශයෙන් සලකා බැලිය යුතු වනවා. විවාහ වී කලකට පසු පැරණි පුරුදු ඉස්මතු වනවා නම් බලාපොරොත්තු රහිත ප්‍රශ්න වලට දෙපාර්ශ්වයට මුහුණ දෙන්න සිදුවනවා.

ගැහැනු දරුවෙකුට ජීවිතයේ සන්ධිස්ථාන තුනක් ඇති බව කීප විටක්ම සඳහන් කළා. පිරිමි දරුවෙකුට එහෙම නැහැ.දුවකගේ දෙවැනි සන්ධිස්ථානය තමයි විවාහය. විවාහ දිනයදී පෝරු මෂ්ඨක ප්‍රාප්තිය ඒ කිව්වේ පෝරුවට නැගලා සුබ මොහොතින් මුදු මාල පලඳලා. තැලිපිලි අන්දලා මධුසමයට පිටත්වන්න හැකි නම් ඒක පෙර භවයක මහත් පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක්.

නමුත් එවැනි අවස්ථා නොලත් අය කීපදෙනෙක් අප අතර ඉන්නවද? ඒ අය අවාසනාවන්තයි කියල කියන්න තරම් සාක්ෂි නැහැ. එහෙම අයත් හොඳ ලස්සනට දරුවො හදාගෙන යහපත් ජීවිත ගත කරනවා. සියලු සුබ කටයුතු වලින් හෙබි සමහර ජීවිත එක එක ප්‍රශ්න නිසා මගදි ඇනහිටිනවා. ඒ ඇයි කියල බැලුවොත් වටිනවා කියල මට හිතුනා. ඕනෑම ජන්මියෙකුගේ කේන්දරයක ග්‍රහ පිහිටීම සිදුවන්නේ ඔහු හෝ ඇය පෙර භවයන් වල කරන ලද කුසලා කුසල කර්මපල බව නිසැකයෙන්ම අපි දන්නවා. සමහර ආගම්වල කොහොම ප්‍රකාශ කලත් බෞද්ධ දර්ශනයට අනුව මේ භවයෙදි කරුණු සිදුවන්නේ පසුගිය භවයන් වල කරන ලද කුසලාකුසලයට සාපේක්ෂවයි. ඡ්‍යොතිෂ වගේම මනුෂ්‍ය අත්ල රේඛා පිහිටීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ලබා දෙනවා. හස්ත රේඛා ශාස්ත්‍රය දන්නා කෙනා.සාමාන්‍යයෙන් ඡ්‍යොතිෂයෙදී විවාහයක් වන වයසට පත් වුනාම ස්වකීය මව්පියන් පොරොන්දම් පරික්ෂාවක් කරනවා. ඒ කිව්වේ ස්ත්‍රී පක්ෂයේ කේන්දරයට පුරුෂ පක්ෂයේ කේන්දරය ගැලපෙන වද කියල බැලීම. පිළිවෙලින් පාපංශක බලන ග්‍රහ පොරොන්දම දස පොරොන්දමත්, විසි පොරොන්දමත්, අවසානයට අෂ්ඨ නාඩි කූඨය ඒ කිව්වේ කරුණු 36 කින් යුත් චක්‍රයක් පරික්ෂාවක් කරනවා. මේ ග්‍රහ පොරොන්දම් පරික්ෂාවේ පාපාංශක වල වෙනස 32 යි. අපිට ඒකෙන්ම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.