කිරිපිටි වලට දරන වියදම නිශ්ඵල වෑයමක්

පෙබරවාරි 7, 2020

මව්කිරි දරුවාගේ පරිසමාප්ත පෝෂණය බවට පත්වෙලා තිබෙන්නේ මානව පරිණාමයත් සමඟයි. මෙතරම් විශ්වාසවන්ත තවත් කිසිම මානව ආහාරයක් ලොව කිසිම කෙනෙකු නිපදවා නෑ. ඉදිරියේදී නිපදවන්නටත් බැහැ.

රන්කිරි හෙවත් කොලස්ට්‍රම්

දරුවා ලැබී සුළු මොහොතකින් මවගේ තනපුඩුවලින් වෑස්සෙන ‘රන්කිරි” ගැන ඔබ බොහෝ විට දැනුවත් වී ඇති. එය හඳුන්වන්නේ ‘කොලස්ට්‍රම්’ ලෙසයි. කොලස්ට්‍රම් වල මේදය අඩුයි. ප්‍රෝටීන හා කාබෝහයිඩ්‍රේට් වැඩියි. මේද අඩු නිසා දරුවාගේ සිරුරට ඇතුළු වන මේ රන්කිරි ඉක්මනින් සිරුරට උරා ගන්නවා. ඒ වගේම තමයි කොලස්ට්‍රම්වල තිබෙන මහඟු විරේචන ගුණය. මේ නිසාම දරුවාට කිසිම අපහසුතාවයකින් තොරව මලපහ කිරීමේ පහසුව ඇති වෙනවා. සමහර මව්වරු මේ රන්කිරි මදක් දියාරු නිසා දරුවන්ට පොවන්න අකමැතියි. ඒත් මතක තබා ගන්න මේ රන්කිරි ඔබ අනිවාර්යයෙන්ම දරුවාට පෙවිය යුතුමයි. කොලස්ට්‍රම් වලින් පස්සේ අම්මාගේ තනපුඩු වලින් නිකුත් වන්නේ සාමාන්‍ය ස්වරූපයට පත්වූ මව්කිරියි. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, මේදය, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, විටමින් ඒ,සී,ඊ, ඔමෙගා 3 (මේද අම්ල) මොළයේ වර්ධනයට අවශ්‍ය කරන සෑම පෝෂකයක්ම මව්කිරිවල අඩංගුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.