ලොව හෙල්ලූ නව කොරෝනා වයිරසයට දේශීය වෙදකමින් ප්‍රතිකර්ම

පෙබරවාරි 14, 2020

වයිරස යනු ප්‍රෝටීන දවටනයක් ඇතුළේ ඇති නරක ආරංචියක් ලෙස පීටර් ටෙඩාවෝර් නම්වූ විද්‍යාඥයා විසින් හඳුන්වා ඇත. ඒ වයිරසයකින් නරකක් මිස හොඳක් නම් වන බවක් අසන්නට නොලැබෙන නිසා ය. වර්තමානයේ සමස්ත ලෝකයම භීතියට පත්කොට ඇති කොරෝනා වයිරසයද එවැන්නකි.

කොරෝනා වයිරසය ලෝකයාට මුළුමනින්ම ආගන්තුකයකු නොවේ.2002 වසරේදී සාර්ස් (ඉඒඅඉ - ඉඥමඥපඥ ඒජභබඥ අඥඵනඪපචබධපර ඉරදඤපධථඥ) උණ ඇති කළේ ද කොරෝනා වයිරස විශේෂයකි. එය හඳුන්වනු ලැබුයේ ඉඒඅඉ - ඛ්ධම නමිනි. අනතුරුව 2013 වසරේදී මාර්ස් (ර්ඡ්අඉ ර්ඪඤඤතඥ ඡ්චඵබඥපද අඥඵනඪපචබධපර ඉරදඤපධථඥ) නම් වූ වයිරස උණ රෝගයක් ජෝර්දානය ,සවුදි අරාබිය යන රටවලින් මතුවිය. එයද කොරෝනා වයිරසයක් නිසා (ර්ඡ්අඉ - ඛ්ධම) ඇති විය.

යථෝක්ත වයිරස් මාදිලි දෙකත් වර්තමානයේ චීනයේ වූහාන් නගරයේ සිට ව්‍යාප්ත වූ කොරෝනා වයිරසයත් (2019 -දජධම) කොරෝනාවිිරිඩේ නම් වූ වයිරස් කුලයට ය. කොරෝනා වයිරසය මධ්‍යයේ එක් අව්ඒ නම් වූ න්‍යෂ්ටික අම්ල රැහැනක් ද ඒ වටා ප්‍රෝටීන ස්ථරයක් ද ඇත. ප්‍රෝටීන ස්ථරයේ පිටස්තර කොටස ඔටුන්නක ආකාරයෙන් (ඛ්පධඹද) සකස් වී ඇති නිසා ඊට කොරෝනා යන නම යෙදී ඇති බව සඳහන් වේ.

කොරෝනා වයිරසයේ ඇති අව්ඒ තනි රැහැන එතරම් ස්ථායි එකක් නොවේ. එය නිරන්තර විකෘති වීම් වලට භාජන වේ. එම විකෘති වූ වයිරස මගින් ඇතිකරන රෝගාබාධ වලද වෙනස්කම් ඇතිවේ. ඉඒඅඉ ,ර්ඡ්අඉ හා 2019 -දඛ්ධම උණ රෝග මෙවැනි විකෘතිවීම්වල ප්‍රතිඵලයෝ ය. කලින් කලට විවිධ උණ, සෙම්ප්‍රතිශ්‍යාවන් හටගන්නේද වයිරසවල සිදුවන්නා වූ මෙවැනි විකෘති වීම් හේතුවෙනි.

වර්තමාන කොරෝනා වයිරසය මිනිස් ශරීර තුළට කෙසේ ඇතුල්වූවා දැයි යන්න පිළිබඳ නිශ්චිත නිගමනයක් නැත. එය නාග මාංශ අනුභවයෙන් හෝ වවුල් මාංශ අනුභවයෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ නිසාම දෝ වූහාන් නගරයේ මස් , මාළු වෙළඳපොළ වසා දමා තිබේ. වර්තමාන කොරෝනා වයිරස් උණ නිසා ප්‍රථම චීන රෝගියා මිය ගියේ ජනවාරි 9 දාය. ඊට දින කිහිපයකට පසු (ජනවාරි 13) චීනයෙන් පිටත රටක, එනම් තායිලන්තයෙන් ප්‍රථම ජාත්‍යන්තර රෝගියා හමුවිය. දැන් එය ලෝකයේ රටවල් ගණනාවකට ව්‍යාප්ත වී තිබේ.

ඉඒඅඉ උණ හා ර්ඡ්අඉ උණ තරම් දරුණු නොවූවත් වර්තමාන කොරෝනා උණ ව්‍යාප්ත වීම අතින් එම උණවලට වඩා ප්‍රබල බව වෛද්‍ය විද්‍යාඥ මතය වේ. මිනිසා තුළ රෝග ඇති කරන එකම වයිරසය කොරෝනා වයිරසය නොවේ. වයිරස කුල 20ට පමණ අයත් වයිරස මිනිසා තුළත් අනෙක් සත්වයන් තුළත් රෝග ඇති කරයි. ඩ්ධ්ඍ, ඉන්ෆ්ලුවන්සාව, හර්පිස් (ඩ්ඉඍ), ඩෙංගු , චිකන්ගුන්‍යා, සීකා (ඛඪඬච) හෙපටයිටිස් ඒ (ඩ්ඉඍ) හෙපටයිටිස් ඕ (ඩ්ඉඕ) හෙපටයිටිස් ඛ් (ඩ්ඛ්ඍ) ආදී රෝග ඒ අතර ප්‍රධාන වේ. පැපොල, චර්මාබාධ, බ්‍රොන්කියොලිටිස් වැනි තවත් රෝගාබාධ රැසක් වයිරස් ආසාදනයෙන් නිසා හටගනී.

මෙම රෝගාබාධ මනුෂ්‍ය සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කරන අතර ඒවා පාලනය කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත්තේ සුළු සුළු විකෘති කිරීම් හරහා නව මුහුණුවරකින් එම වයිරස විශේෂ රෝග කාරක වීම ය. විකෘති වීම් හරහා වයිරස විසින් ගොඩ නගා ගන්නා ප්‍රතිරෝධීභාවයන් නිසා නව ඖෂධ සොයා යාමට ද වෛද්‍ය විද්‍යාඥයන්ට සිදු වී තිබේ.

මිනිසා විසින් ගොඩනගා ගෙන ඇති ප්‍රතිවයිරස ඖෂධවල අතුරු ආබාධ බොහෝ ය. ර්ධපධයරඤඪදඥ ,ට්චදජඪජතධමඪප,ඍචතචජඪජතධමඪප,ඍචතඨචදජඪජතධමඪප කෘතිම ප්‍රතිවයිරස ඖෂධවලට නිදසුන් කිහිපයකි. විවිධ යාන්ත්‍රණයන් හරහා මෙම ඖෂධ වර්ග ක්‍රියාත්මක වේ.

කෙසේ වුවද මෙම කෘතිම ප්‍රතිවයිරස ඖෂධවල පහත් කාර්යක්ෂමතාවය, සෛලවලට විෂවීම හා ප්‍රතිරෝධීතාවයන් ගොඩනගා ගැනීම වැනි අඩුපාඩු නිසා ශාකජනිත ඖෂධ කෙරෙහි මිනිසාගේ අවධානය යොමු වූයේ අද ඊයේ නොව මීට බොහෝ කාලයකට පෙර සිටය.

වයිරස මිනිස් සෛල තුළට ඇතුළුවීම, ඒවායේ ග්‍රාහකයන් හා බැඳීම ,මිනිස් සෛල තුළට ඇතුළු වීම නිශේධනය කිරීම, වයිරසය උපයෝගී කර ගන්නා අන්තර් සෛලීය සංඥා සක්‍රිය කරන ක්‍රියාවලි හා තරඟ වැදීම වැනි මාර්ග ඔස්සේ ශාක ජනිත පරිවෘත්තිකයන් (ථඥබචඡධතඪබඥඵ) චිකිත්සීය විවිධත්වයක් ප්‍රදර්ශනය කරයි. එමගින් වයිරස මිනිස් සෛල තුළට ප්‍රවිෂ්ට වීම හා ගුණනය වීම පාලනය කිරීමට අවස්ථාවක් උදාවෙයි.

ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයක් සහිත ශාක රසායනික රාශියක් (ර්‍ථඩරබධජඩඥථඪජචතඵ) සොයා ගැනීමට මේ වන විට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂයෙන් ආසියාතිකයන් ස්වකීය සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීම සඳහා ශාක හා ඒවායෙන් නිෂ්පාදනය කරනු ලැබූ නිෂ්පාදිත කෙරෙහි විශ්වාසය තබා තිබේ. විවිධාකාර වූ රෝග රැසක් සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගත හැකි ශාක විශේෂ 2500 ක් පමණ විද්‍යාඥයන් විසින් හඳුනා ගෙන තිබේ.

වයිරස ආසාදනවලට පොලිෆිනෝල, ඇල්කලොයිඩ , සැපොනින,ෆ්ලැවනොයිඩ, ක්වීනෝන, ටර්පීන . ප්‍රෝඇන්තොසයනිඩින, ලිග්නින, ටැනින, පොලිසැකරයිඩ, ස්ටෙරොයිඩ, කුමරින, තයෝසල්ෆොනේට වැනි රසායනික කාණ්ඩයෝ වෙති. මෙම කාණ්ඩ යටතේ ප්‍රතිවයිරස සංයෝග රාශියක් වේ. ඕචඪජචතඪද ,ඹ්ඪතධතඪඤඥ,ඩ්ධදධඬඪධත, ඡ්යජධඥජචපඪදඪද,බ්භඡචදඪදඥඵ,ඹ්ඪථදධඪඤඵ,ර්‍ණතඥචදචදච Qභඥපජඥබඪද,ඉඥදදධඵඪඤඥ ඒ,ඉඪතමඥඵබපධත,ඉනඪපධඬඥබචතඥදධත,ඉඹඥපඪතචජබධදඥඵ,ඔචදබඩධඩභථධත,ඉචඪඬධඵචනධදඪදඵ එබඳු ප්‍රතිවයිරස සංයෝගවලට නිදසුන් කිහිපයකි.

කාලාන්තරයක් තිස්සේ දේශීය වෛද්‍ය ක්‍රමවල සහ ආයුර්වේදයේ සාම්ප්‍රදායිකව භාවිත වී ඇති ඖෂධීය පැළෑටි ඩ්ඛ්ඍ,ඩ්ඕඍ, ඩ්1ව්1 වැනි වයිරස මගින් ඇතිකරන රෝග සඳහා ප්‍රබල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයක ප්‍රදර්ශනය කරන බැව් වාර්තා වී ඇත. ඒ පිළිබඳ සායනික පරීක්ෂණ පවා පවත්වා ඇත.

නිදසුනක් වශයෙන් 2002 වසරේ පැතිර ගිය ඉඒඅඉ උණ රෝගය පාලනය කිරීමට හොඳම ප්‍රතිකාරය ලෙස වාර්තා වූයේ වැල් මී (උද්භිද විද්‍යාත්මක නාමය – ඨතරජරපපඩඪලච ඨතචඡපච) නම් වූ රනිල කුලයේ ශාකයෙන් ලබා ගන්නා ඨතරජරපපඩඪලඪද නම්වූ සංයෝගයයි. (2003 ජූලි 25 සුබසෙත බලන්න) ග්ලයිසිරයිසින් නම් වූ මෙම සන්යෝගය වයිරසයට සෛලයට සම්බන්ධ වීම (ඛ්ඥතත ඡඪදඤඪදඨ) වළක්වයි. මෙය ඩ්ධ්ඍ -1,ජපන් එන්සැපලයිටිස්, හා කහ උණ වයිරසය පිළිබඳ පරීක්ෂණවලදී නිරීක්ෂණය කොට ඇත. පසුව පඪඡපචමඪපඪද, 6 -චලචභපඪඤඪදඥ,නරපචලඪධටභපඪද සහ ථරජධනඩඥදධතඪජ චජඪඤ වැනි කෘතිම ප්‍රතිවයිරස ඖෂධවල ක්‍රියාකාරිත්වය හා සැසඳීමට වැල්මී වලින් ලබාගත් ග්ලයිසිරයිසින් ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නගරයේ විද්‍යාගාරයට යොමු කෙරිණි.

සාර්ස් රෝගය ඇතිකරන වයිරසයට එරෙහිව , එම වයිරසය ප්‍රගුණනය වීම පාලනය කිරීමෙහිලා වඩාත් කාර්යක්ෂම වූයේ වැල්මීවලින් ලබාගත් ග්ලයිරයිසින් ය. එය කෘත්‍රිම ප්‍රතිවයිරස ඖෂධ වලට වඩා බෙහෙවින් කාර්යක්ෂම වූ බව ආචාර්ය ජිනරිච් සන්ටල් විසින් වාර්තා කොට ඇත. ග්ලයිසිරයිසීන් ඩ්ධ්ඍ -1 හා හෙපටයිටීස් ඛ් රෝගයෙන් පෙළෙන අයට ප්‍රතිකාර කිරීම සඳහා ඊට කලින් යොදාගෙන තිබිණි. ඒ ආචාර්ය බඩම් නමැති විද්‍යාඥයාගේ සොයා ගැනීමක් අනුවය.

කෘත්‍රිම ප්‍රතිවයිරස ඖෂධ 4ක් අභිබවා , වැල්මීවලින් ලබාගත් ග්ලයිසිරයිසින් වල මතුවීම ස්වභාවික ප්‍රතිවයිරස සංයෝග පිළිබඳ කතන්දරයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ඖෂධීය කටයුතු සඳහා මිනිසා විසින් කාලාන්තරයක් තිස්සේ සිට භාවිත කරනු ලබන ශාක විශේෂ මෑත කාලයේදී ඒවායේ ඖෂධීය ගුණාංග පිළිබඳව පුළුල් විද්‍යාත්මක පර්යේෂණයන්ට ලක්කර තිබේ. ඒ අනුව ශාක විශේෂ රැසක ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයන්ද ඇති බව මේ වන විට සොයා ගෙන තිබේ. ආචාර්ය සොහේල් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් 2011දී පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයන්ද ඇතිබව මේ වන විට සොයා ගෙන තිබේ. ආචාර්ය සොහේල් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් 2011 දී පළකරන ලද පර්යේෂණ පත්‍රිකාවක ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය ඇති ශාක විශේෂ 105 ක් හඳුනා ගෙන ලැයිස්තු ගත කොට තිබේ. මේවා විවිධ වයිරස රෝග අවස්ථා සඳහා යොදා ගැනීම විද්‍යාඥයන්ගේ ඊළඟ කර්තව්‍යය වේ.

බොහෝ ශාක විශේෂවල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය ඇති සංයෝගවල එකකට වඩා පවතින බව පෙනේ. වයිරස විසින් එක් ප්‍රතිවයිරස සංයෝගයකට ප්‍රතිරෝධය ඇතිකර ගත්තද ප්‍රතිවයිරස සංයෝග කිහිපයක් හමුවේ. ප්‍රතිරෝධීතාවයක් ගොඩනගා ගැනීමේදී ඊට සිතා මතා ගත නොහැකි එනම් අන්දුන් කුන්දුන් තත්වයකට පත් වෙතැයි සිතිය හැකිවේ. ශාකමය ප්‍රතිවයිරස සංයෝගයන්නේ සාර්ථකත්වයට මෙය එක් හේතුවක් විය හැකිවේ.

ශාක ජනිත ප්‍රතිවයිරස සංයෝගවලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම පිළිබඳ වර්තමානයේ කතිකාවතක් පවතින බව පෙනේ. එනම් රෝගයක් වැළඳුණ පසු ප්‍රතිකාර සඳහා යොමු වනවා වෙනුවට කල්තබාම තම සිරුරේ ප්‍රතිශක්තිය නංවා ගැනීමෙන් රෝග වළක්වා ගැනීම එහි අරමුණ වේ. ඒ සඳහා වර්තමානයේ අප හමුවේ ඇති ප්‍රතිවයිරස සංයෝග ඇති බවට විද්‍යාත්මකව සනාථ කොට ඇති ශාක විශේෂ පිළිබඳ විමර්ශනයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

ඉඟුරු –කොත්තමල්ලි :– වයිරස ආසාදනයක් නිසා ඇතිවන බවට සලකනු ලබන සෙම්ප්‍රතිශ්‍යාව සඳහා (බොහෝ විට උණද සමඟ) ඉඟුරු කොත්තමල්ලි තම්බා පානය කිරීම මතක ඇති කාලයක සිට අප අතර පවත්නා පුරුද්දකි. ඉඟුරු,කොත්තමල්ලි යන දෙකම ප්‍රතිවයිරස සංයෝගයන්ගෙන් ඉතා පොහොසත්ය. ඉඟුරු වල ඛ්රථඥදඥ නමැති සංඝටකයද ඇතුළුව ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය ඇති සංඝටක 15 ක්ද කොත්තමල්ලි වල බීට සිටෙස්ටරෝල් ඒනඪඨඥදඪද,ඡධපදරත,චජඥබචබඥ,ජඩතධපධඨඥදඪජ චජඪඤ,නපධබධජචබචජඩභඪජ චජඪඤ,ඳභඥපජඥබඪද යන සංඝටක ඇතුළුව ප්‍රතිවයිරස ගුණාංග ඇති සංඝටක 7 ක් ද තිබේ. එකතුව 22 කි. ඉඟුරු,කොත්තමල්ලි වල ඖෂධීයමය සාර්ථකත්වයේ රහස මේ ප්‍රතිවයිරස සංඝටක රැසක්ම එහි අඩංගු වීමය. තවද ප්‍රතිජ්වර ගුණ සහිත සංඝටක රැසක්ද එහි අඩංගු වීම උණ සඳහා කදිම ප්‍රතිකාරයක්ද වේ.

දෙළුම් :– දෙළුම්වල අඩංගු පොලිපිනොල සංයෝග විශේෂයෙන් එහි අඩංගු ටැනින් වර්ග ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයේ පෙන්වයි. ඊට හේතු කාරක වන්නේ ප්‍රෝටීන අවක්ෂේප කිරීමට දෙළුම් පොලිපිනෝල වලට ඇති විශේෂ හැකියාවයි. මෙසේ ප්‍රෝටීන අවක්ෂේපනය නිසා වයිරස ජීවන චක්‍රය පවත්වාගෙන යාමට අවශ්‍ය එන්සයිම කෙරෙහි අහිතකර ලෙස බලපායි

දෙළුම් ඵලාවරණයේ නිස්සාරකවල ඇති ඉහළ ටැනින් මට්ටම නිසා ඩ්ඉඍ -2 ,ඩ්ඕඍ නම් වූ වයිරස පැහැදිලි ලෙසට අක්‍රිය වූ බැව් ආචාර්ය ඛචදඨ ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් වාර්තා කොට ඇත. එය වයිරස්වල ච්ව්ඒ පොලිමරේස් නම් වූ එන්සයිමය අක්‍රිය කිරීම නිසා සිදුවන්නකි. ඵලාවරණයේ නිස්සාරක මෙන්ම දෙළුම් යුෂ ද ඩ්ඉඍ -1 වයිරසය නිශේධනය කිරීමට හෝ සහමුලින් තුරන් කිරීමේ හැකියාවෙන් යුක්තය.

දෙළුම් නිස්සාරකවල අඩංගු පොලිපීනොල මගින් මිනිස් ඉන්ෆ්ලූවැන්සා වයිරසය ඒ ප්‍රගුණනය, වීම නිශේධනය කරන බැව් වාර්තා කොට ඇත. දෙළුම් නිස්සාරකවල අඩංගු සංඝටක අතුරින් වඩාත් ක්‍රියාකාරී ප්‍රතිවයිරස සංඝටකය ලෙස හඳුනා ගෙන ඇත්තේ නභදඪජචතචඨඪද ය. එමගින් වයිරස ප්‍රතිවලිතනයට බාධා පමුණුවයි.

කොහොඹ – විෂබීජ නාශකයක් ලෙස ප්‍රකට කොහොඹ ශාකයේ ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය ඵඥබඩඪ නම් විද්‍යාඥයා 1972 වසරේදී වාර්තා කොට ඇත. බෝවන රෝග ඇති අවස්ථාවල නිවස ඉදිරිපිට කොහොඹ අතු එල්ලා තැබීම හින්දු චාරිත්‍රයකි. වද කහ සහ කොහොඹ කොළ, පොල්කටු,අඟුරු කබලට දමා දුම් ආඝ්‍රාණය කිරීම කොරෝනා උණ වැනි වයිරස් රෝගයකදී ඇතිවන ශ්වසන ආබාධ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

කහ :– කහවල අඩංගු ප්‍රධාන සංඝටකය වන කුර්කුමින් ප්‍රබල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයකින් යුක්තය. විශේෂයෙන් එය ඩ්ධ්ඍ වයිරසයට එරෙහිව ක්‍රියා කරයි. ඩ්ධ්ඍ -1 ,ඩ්ධ්ඍ -2 වල ප්‍රෝටියේස් එන්සයිමවල ක්‍රියාකාරිත්වය කුර්කුමින් මගින් නිශේධනය කරයි. එසේම, කුර්කුමින් මගින් ඩ්ධ්ඍ -1 ඪදබඥඨපචඵඥ නම් වූ එන්සයිමයේ ක්‍රියාකාරිත්වයද නිශේධනය කරයි.

ඩ්ධ්ඍ ආසාදිත සෛල වලින් ශ්‍රාවය වන ඊචබ නම් වූ ප්‍රෝටීනය නිරෝගි සෛල මත ක්‍රියා කොට ඒවා ද රෝගී තත්වයට පත් කරයි. කුර්කුමින් මගින් ඊචබ නම් වූ ප්‍රෝටීනයේ එම ක්‍රියාකාරිත්වය නිශේධනය කරන බැව් ආචාර්ය බාතොලෙමි නම් විද්‍යාඥයා ප්‍රමුඛ කණ්ඩායමයක් වාර්තා කොට තිබේ.

මේ සියල්ලෙන්ම පෙන්වන්නේ ඩ්ධ්ඍ ආසාදනය සඳහා කුර්කුමින් ප්‍රබල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයක් පෙන්වන බවයි. ඒ සඳහා පේටන්ට් බලපත්‍ර ද ලබාගෙන තිබේ.

බෙලි – බෙලි ශාඛයේ හැම කොටසක්ම ප්‍රතිවෛරස ක්‍රියාකාරිත්වයෙන් යුක්ත බැව් විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබේ. බෙලි ශාකයේ මුලේ පොත්තේ නිස්සාරකය අනෙක් හැම කොටසකටම වඩා ප්‍රබල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයකින් යුක්තය. එය පඪඡචමචපඪද නම් වූ ප්‍රතිවයිරස බටහිර ඖෂධයටද වඩා ප්‍රබල ක්‍රියාකාරිත්වයකි. මේ සඳහා මුල් වන්නේ බෙලි ශාකයේ අඩංගු ථචපථචතඪඤඥ නම් වූ සංඝටකයයි. මෙම සංයෝගය වයිරසවල ප්‍රතිචලිත චක්‍රයට බාධා පමුණුවා එය අඩපණ කරයි. පඪඡචමචපඪද මෙන් ථචපථචතඪඤඥ නිරෝගී සෛල වලට අහිතකර නොවේ. ඒ හැරුණු විට බෙලි නිස්සාරක මගින් ප්‍රෝටීන් සංස්ලේෂණ ක්‍රියාවලියට ද බලපෑම් කරයි. මේ අතින් බැලු විට බෙලි කදිම ප්‍රතිවෛරස ගුණ ඇති ශාක ඖෂධයක් සේ පෙනේ.

නෙල්ලි:– නෙල්ලිවල ප්‍රතිවයිරස ගුණ පිළිබඳ විශේෂිත පර්යේෂණ වාර්තාවක් හමු නොවුවද නෙල්ලි ඵලයේ ඇති ඉතා ඉහළ වූ විටමින් සී ප්‍රමාණය ඊට ඉතා ඉහළ ඖෂධීය වටිනාකමක් ලබා දෙයි. සෙම්ප්‍රතිශ්‍යාව ආදියෙන් වැළකී සිටීමට සමහර අවස්ථාවලදී විටමින් සී අධික මාත්‍රාවක් ගන්නෙමු. නෙල්ලිවල ඒ අධික මාත්‍රාව ස්වභාවිකවම ඇත. ඊට තවත් ශාක රසායනික වලින්ද සහයෝගයක් ලැබෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම එහි අවසන් ප්‍රතිඵලය වේ.

සුදුලූණු :– වයිරස ආසාදන ඇතුළු රෝගාබාධ රාශියක් සඳහා සාර්ථක ලෙස යොදා ගත හැකි ශාකමය ඖෂධයකි. සත්ව සහ විද්‍යාගාර පර්යේෂණයන් මගින් සුදුලූනු ආරක්ෂාකාරි ප්‍රතිශක්ති සෛල උත්තේජනය කොට ප්‍රතිශක්තිය ඉහළ නංවන බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත. ඇලිසීන් හා එහි පරිවර්තන ඵල ඉන්ෆ්ලුවන්සා වයිරස ඒ,ඕ,ඩ්ධ්ඍ,ඩ්ඉඍ-1 වයිරසමය නිව්මෝනියාව, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතිකරන රයිනොවයිරසය ආදියට එරෙහිව ක්‍රියා කරයි.

ඩ්ඉඍ වයිරස 1 හා 2 , ඍඉඍ,ඍඍ හා ර්‍ථචපච 3 වයිරස වලට එරෙහිවද සුදුලූනු ක්‍රියා කරයි. මෙහිලා වඩාත්ම ක්‍රියාකාරී සංයෝග වන්නේ චණධඥදඥ , චතතඪජඪද නම් වූ සංඝටකයන්ය.

මදුරුතලා :– (තුල්සි හෙවත් බැසිල්) ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයක් ඇති ඉතා වටිනා ශාකයකි. හින්දුවරුන් පූජනීයත්වයෙන් සලකන ශාකයකි. හර්පිස්, හෙපටයිටීස් බී ආදියට ගුණදායක වේ. 300 ථඨ නිස්සාරක මගින් සහාය ඊ සෛල හා ස්වභාවික මාරක සෛලවල මට්ටම ඉහළ නංවා සිරුර වයිරස ආසාදනයන්ගෙන් ආරක්ෂා කරයි. ඒ සඳහා මූලික වන්නේ ඒනඪඨඥදඪද සහ භපඵධතඪජ අම්ලය නමැති සංඝටකයන්ය.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණුු රෝගීන් සිටින පරිසරයකදී මදුරුතලා කොළ 20 ක් පමණ කුඩා කැබලිවලට කපා කොත්තමල්ලි සමඟ තම්බා පානය කිරීමෙන් ආරක්ෂාවීමට පුළුවන.

පෙරුන්කායම් :– අප කුඩා කාලයේ එනම් මීට දශක 7 කට පමණ පෙර බෝවන රෝගවලින් ආරක්ෂාවීමට දෙමාපියන් විසින් පෙරුම්කායම් නමැති ද්‍රව්‍යය. (වර්තමාන රුපියල් 5 කාසියක තරම් ප්‍රමාණයක්) සුදුරෙදි කඩකින් වම් උර බාහුවේ බැඳි අයුරු මතකයේ තිබේ. අප පාසල් ගියේ ද මේ පෙරුන්කායම් ගැටය සමඟය. පෙරුම්කායම් යනු ඉවසිය නොහැකි තරම් අප්‍රසන්න ගඳකින් යුත් ශාක ජනිත ද්‍රව්‍යයකි. එය ලබාගන්නේ ඉන්දියාවේ උතුරුකරයේ වැවෙන ජ්ඥපභතච චඵචටධඥබඪඤච නම් වූ උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන භථඡඥතතඪටඥපචඥ නම් වූ කුලයට අයත් ශාකයේ මුල් වලිනි. මුල් කපා, වැගිරෙන ශ්‍රාවය වියලා ,පෙරුම්කායම් නම් වූ ද්‍රව්‍යය පිළියෙල කෙරේ. පෙරුම්කායම් ශාකයක් ලංකාවේ දකුණු පළාතේ මා දැක තිබේ. එහි එම දුර්ගන්ධය එහි අඩංගු ඡභබරත නපධනඥදරත ඤඪඵභතනඩඪඤඥ නම් වූ රසායනික සංඝටකය නිසාය. ඇල්පා පයිනින්, ඩයිවීකල් සල්පයිඩ් , පෙරුලික් අම්ලය, ලියුටියොලින් හා වැනිලින් වැනි ප්‍රබල ප්‍රතිවයිරස සංඝටක රැසක් එහි අඩංගුවේ. පෙරුම්කායම් වල ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය විද්‍යාත්මකව සනාථ කොට ඇත. විශේෂයෙන් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ රෝගවලට යෝග්‍ය බැව් දක්වා තිබේ.

කුඩා අවදියේ අප වම් උර බාහුවේ ගැට ගසනු ලබන පෙරුන්කායම් ,අපව බෝවන රෝගවලින් ආරක්ෂා කරන ආකාරය අපැහැදිලිය. සමහර විට ඉහත සඳහන් ප්‍රතිවයිරස සංඝටක සිරුරට උරාගෙන සිරුරට ප්‍රතිශක්තියක් ලබා දෙනවා විය හැකිය.

ඉහත දක්වා ඇත්තේ ඖෂධීය කටයුතු සඳහා නිතර ශ්‍රී ලංකාවේ යොදා ගන්නා, ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වය විද්‍යාත්මක සනාථ කරනු ලැබූ ජනපි‍්‍රය ශාක විශේෂ කිහිපයකි. පිටවක්කා, කීකිරිඳිය වැනි පැළෑටිද ප්‍රතිවයිරස ගුණයෙන් යුක්ත තවත් ශාක විශේෂ 2 කි. ප්‍රතිශක්තිය නංවගන්නට කියා විශේෂයෙන් ඒවා භාවිත කිරීමක් ගැන සඳහන් නොවේ. වැදගත් දෙය වන්නේ වස විසෙන් තොර පෝෂ්‍යදායක ආහාර රටාවක් මගින් නිරෝගීභාවය රැක ගැනීමය. ප්‍රතිශක්තිය නිරෝගී බව හා අත්වැල් බැදගත්තකි.

විටමින් ඛ් හා ඕ6 ප්‍රතිශක්තිය නංවන විටමින් 2ක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබයි.

යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම බෝවන රෝග වළක්වා ගැනීමේ කාර්යක්ෂම හා පහසු ක්‍රමයකි. බෝවන රෝග පැතිර යන වකවානුවක අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීම, ජනතාව රාශි වශයෙන් ගැවසෙන ස්ථාන මග හැරීම වැදගත්වේ. පොදු ප්‍රවාහන සේවා මගින් ගමන්බිමන් යාමේ දී මුහුණ, නාසය හා ඇස් ආදිය ස්පර්ශ කිරීමෙන් වැළකී, ආපසු නිවසට පැමිණි වහාම දෑත් සබන් ගා ගලා යන ජලයෙන් සෝදා ගැනීම අත්‍යවශ්‍යය. අවදානම් කාලය තුළ නිවසේ පිළියෙල කරන ලද ආහාර පමණක් ගැනීමද වැදගත්ය.

ප්‍රතිශක්තිය නංවාලීම සඳහා පාරම්පරික දේශීය වෛද්‍යවරු යකිනාරං කොළ කැඳ, එළබටු දළු කැඳ, නිල් කටරොලු තැම්බූ වතුර, පොකුරු වද මල් තැම්බූ වතුර, කබලේ බැද තම්බා ගත් ඉඟුරු – කොත්තමල්ලි වතුර පානය නිර්දේශ කොට ඇති බව පෙනේ. (වාහලතන්තිරිගේ ,2020) යකිනාරන්, එළබටු, කටරොලු, හා ඉඟුරු කොත්තමල්ලි ආදිය ප්‍රතිවයිරස ක්‍රියාකාරිත්වයෙන් යුත් හිතකර ශාක රසායනිකයන්ගෙන් පොහොසත් ඖෂධ පැළෑටි බවට විද්‍යාත්මකව සනාථ කොට ඇත.

නෙල්ලි, රසකිඳ තම්බා බීම, උදේ සවස වෙනිවැල් ගැට තම්බා බීම, සීනි භාවිතය අවම කිරීම (සීනි ප්‍රතිශක්තිය දුර්වල කරයි) හැකි තරම් ජලය පානය කිරීම , නෙල්ලි, රසකිඳ හා කොත්තමල්ලි තම්බා බීම, පැඟිරි කුලයේ පලතුරු අනුභවය, දෙළුම් ,කිවි, කොමඩු වැනි පලතුරු අනුභවය ආදිය මෙවැනි අවස්ථාවකදී පිළිපැදිය යුතු දේ ලෙස අන්තර්ජාලයේද සඳහන් වේ. විටමින් ඡ් විෂ බීජ ශරීරයට ඇතුළු වීම වළක්වන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.

ප්‍රතිශක්තිය නැංවීම සඳහා කිරි පිටි වෙනුවට එළු කිරි පානය ද, රාත්‍රි නින්දට පෙර මී පැණි තේ හැන්දක් පානය කිරීම ද තවත් නිර්දේශයකි.

චීනය වූ කලි ශාක රසායනික මත පදනම් වූ ඊඛ්ර් නමින් හඳුන්වනු ලබන (ඊපචඤඪබඪධදචත ඛ්ඩඪදඥඵඥ ර්ඥඤඪජඪදඥ ) ප්‍රබල සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ඇති රටකි. කොරෝනා වයිරස් උණ සඳහා ද ශාක මූලික ඖෂධයක් චීන වෛද්‍යවරුන් විසින් නුදුරු අනාගතයේ දී ම සොයා ගනු ලැබුවහොත් පුදුම විය යුතු නැත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.