සෞඛ්‍යමය මෙන්ම අමතර ප්‍රතිලාභ ලැබිය හැකි විනෝදාංශ

පෙබරවාරි 21, 2020

ක්‍රීඩා කිරීම. පුරුද්දක් ලෙස දිනපතා ව්‍යායාම කිරීම, ගෙවතු වගාව, කාර්යක්ෂමව නිවසේ වැඩපලවල නිරත වීමෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා. ව්‍යායාම ශරීරයට මෙන්ම මනසටත් අවශ්‍යයි.

නිරෝගී මනසක් හිමි අයට කොහොමත් ලෙඩ රෝග අඩු බව වෛද්‍ය මතයක් බවට පත්වී තිබෙන්නේ ඒ නිසයි.

මේ ලිපියෙන් කතා කරන්නේ ඔබේ දවසේ කාලයට වැඩි වටිනාකමක් ලබාදෙන කාලය ඵලදායිව ගතකළ හැකි ඔබේ අනාගත ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට උපකාරිවන ගමන්ම හොඳම විනෝදාංශ වලින් ලැබෙන හොඳම ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

අත්මාභිමානය ඉහළ නංවයි

සිරුර හා මනස ප්‍රබෝධමත් කරන විනෝදාංශ මගින් සෑම පුද්ගලයෙකු තුළම ආත්මාභිමානය ඉහළ නැංවිය හැකි බව පර්යේෂණ මගින් සනාථ වී ඇත. ඕනෑම විනෝදාංශයක නියැලීම තුළින්ජීවිතයට අරමුණක් අධිෂ්ඨානයක් ඇති කරයි. විශේෂයෙන්ම හොඳ පොත්පත් කියවිම, තුළින් විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කියන්න පුළුවන්. ඥානාන්විතව ජීවිතයේ ඇතිවන යම් යම් ගැටලු සහගත අවස්ථාවලදී ඒ සඳහා ගත හැකි හොඳම විසඳුම් පත පොත කියැවීමෙන් ලබාගත හැකියි. මේ තුළින් තමා පෞද්ගලිකව ලබන දැනුම, ඥානය හා තෘප්තිය ආත්මාභිමානය ඉහළ නංවන අතරම තමා වඩාත්ම කැමති මෙතෙක් සිත යට සැඟවී තිබුණු ආශාවන් (බලාපොරොත්තු ) කුසලතා ආදිය නිතැතින්ම ජයගැනීමටත් කටයුතු කරන්න පුළුවන්.

ආතතියෙන් මුදවයි

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.