මැණික් ලැබීම ළඟා කර ගන්න

පෙබරවාරි 28, 2020

පොළොවට අධිපති.

අෂ්ඨ බහිරවයා කේතාගෙන් වරම් අරගෙන 2020-2021 වසර දක්වා රැකගෙන ආ වස්තුව වසරකට දෙකකට තාවකාලිකව මුදාහරිනවා. එතකොට රාහුට හා කේතට බලය වැඩිවෙනවා. මේ සියලුම දේ සිදුවන්නෙ එක්තරා රටාවකට අනුවයි.

බොහෝ දෙනා තමුන්ට උරුම වස්තුව ලබා ගැනීමට ක්‍රමය හෝ අනුගමනය කළ යුතු පිළිවෙත නොදත් කමින්, නොකරන නිසා එය නොලැබී යනවා. මේ වසර 2020, 2021 පූරාම මැණික් වසර නිධං වසර කිව්වට කාරි නැහැ. එහෙම කියන්න හේතුවක් තියෙනවා. විශේෂම දේ තමයි පොළොවෙන් නැතිනම් භූමියෙන් තමුන්ට ලැබිය යුතු වසර, නමුත් ලබා ගන්නා ක්‍රමය දන්නෙ නැහැ.

දන්න අය කියල දෙන්නෙත් නැහැ. එම නිසා තමුන් සතු දේ අන්සතු වනවා. අපි හිතමු පුංචි තරඟයක් කියලා, ඒ තරඟයේ පළමුවැනියා වන්නට කුසලාන ලබන්නට ඔබට පින තිබෙනවා. හැකියාව තිබෙනවා. ඒත් නොදත්කමින් ඉදිරිපත් වන්නට නොහැකි වනවා. එවිට පින තිබුණා කියලා ජයග්‍රහණය ලබන්නෙ නැහැ. ලැබිය යුතු දේ නොලැබී යනවා. පින තිබෙනව කියල නිකං ඉඳලා බැහැ. කටට වැටෙන කං උඩ බලාගෙන ඉන්න අයත් නැතිව නොවේ. කිසිම රටක් කිසිම කෙනෙක් උත්සාහය නැත්නම් පරදිනවා. උත්සාහය කරන කෙනා අද පරාජිත වුවත් හෙට දිනයෙදි දිනනවා. ඒකාන්තයෙන්ම බුදුවනවා කිව් කොණ්ඩඤ්ඤ තාපසයෝ අවසාන කාලයේදී අප බෝසතාණන් වහන්සේ හැර දමල ගියා. ඒ වුණත් අපේ බෝසතාණන් වහන්සේ ළඟ තිබූ එකම අවිය අධිෂ්ඨානය සමඟ උත්සාහය විතරයි. පැරදුනේ නැහැ. එක්තරා භවයක තම මව කරපින්නා ගෙන පිහිනු කතාව දහම් පාසලෙදී ඉගෙන ගත්තා මතකනේ. ලොව දිනූ මිනිසුන් ගුණ අහනකොට මේක මනාව පැහැදිලි වනවා. භූමියෙන් ලබා ගන්නා නිධං, මැණික් බලෙන් ගන්න බැරි දේවල්. මේවා වාසනාවට උත්සාහය පෙරදැරිකරගෙන ලබා ගන්න ඕන වස්තු කාලෙකට පස්සේ නිධං ආරක්ෂක බහිරවයෝ. මැණික් ආරක්ෂක බහිරවයෝ , වස්තු රැකීමේ වගකීම. මුදාහරින වසර මෙයයි. 2019 මාර්තු 07 වැනිදා රාහු කටකයේ සිට මිථුන රාශියට වක්‍ර වුණා. වක්‍ර වුණා කිව්වට ඒ නම පාවිච්චි කළ හැක්කේ රාහු කේතාට විතරයි. කේතා මකරයේ සිට ධනු රැසට ආවා. හැම වසරකම මේ වගේ ග්‍රහ මාරු ඇති වනව තමයි. නමුත් මේ රාහු, කේතු 2020 2021

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.