විවාහ සතුටට වින කරන ග්‍රහයෝග

මාර්තු 13, 2020

අට වැන්නේ රවි පිහිටීමද විවාහය කෙරෙහි අසුබදායක බලපෑමක් ඇති කරයි. එබඳු අය පි‍්‍රයමනාප අය නොවන අතර ඔවුනොවුන් අතර, නිතර ගැටුම් ඇති කර ගනී. සාමකාමී විවාහ දිවියක් පවත්වා ගැනීම අසීරුය.

වර්තමානයේ සාර්ථක පවුල් ජීවිත ගත කරන ප්‍රමාණය 15% ක් තරම් සුළු පිරිසක් බව හඳුනාගෙන ඇත. ඉතිරි 85% ක කොටසින් පිරිසක් දික්කසාද වන අතර තවත් පිරිසක් දරුවන් නිසා හෝ සමාජයට පෙනෙන්ට හෝ විවාහ ජීවිතය ගත කරති. පවුල් ජීවිතවල සතුට, සමඟිය නැතිවීමට බලපාන බොහෝ හේතු තිබෙන අතර එම හේතුවලට මූලික පදනම ඇත්තේ ඡ්‍යොතිෂ්‍ය තුළ බව පැහැදිලි කරුණකි. මෙසේ විවාහය අවුල් කරන විවාහයේ සතුටට බාධා කරන ග්‍රහයෝග අතුරින් කීපයක් හඳුනා ගනිමු.

කිසියම් කේන්ද්‍රයක කුජ හා ශනි සංයෝගව හෝ දෘෂ්ටි සහිතව සිටීම විවාහයට අසුබ පිහිටීමකි. කුජ, ශනි සංයෝගය නීචව හෝ සතුරුව පිහිටීම විවාහ ජීවිතයේ බලවත් ගැටලු ඇති කිරීමට හේතු වේ.

කේන්ද්‍රයක රවි සිකුරු යෝගය අයහපත් අයුරින් පිහිටීමද විවාහයට අසුබ බලපෑම් ඇතිකරයි.

රවි – සිකුරු සංයෝගය ඇති අය ලිංගික ජීවිතය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. ඔවුන්ගේ විවාහ ජීවිත බොහෝ විට අවුල් වන්නේ අනියම් සම්බන්ධතා ගොඩ නගා ගැනීම නිසාය. රවි, සිකුරු දෙදෙනාම බලවත් නම් මෙම අයහපත් බව අඩුවේ.

සඳු– සිකුරු යෝගයද විවාහයට බාධාකාරි පිහිටීමකි. මෙම ග්‍රහයින් දෙදෙනා පී‍්‍රතිමත් ජීවිතයකට මඟ පාදන, ශුභ ග්‍රහයින් දෙදෙනෙකු වන අතර විවාහය හා ලිංගික ජීවිතය පිළිබඳ වැඩි වගකීමක් දරයි. මෙම සංයෝගය යෙදී ඇති අය කාමුක අය වෙති. සඳු – සිකුරු දෙදෙනා නීච හෝ සතුරු රාශිගතව අයෝග්‍ය ලෙස පිහිටා ඇත්නම් එම ස්ත්‍රිය පුරුෂයා බොහෝ විට වෙනත් අය සොයා ගොස් තම ලිංගික තෘප්තිය සපුරා ගනිති.

බුධ – ශනි සංයෝගයද විවාහයටද යහපත් නැත. බුධ කථාවට සම්බන්ධ ග්‍රහයෙකි. සෙනසුරු විවාහය බිඳ නොදමන අතර විවාහයේ සතුටට බාධා කරයි. මෙම ග්‍රහයින් දෙදෙනා දුර්වල අයුරින් පිහිටා තිබීම නිසා නිතර එකිනෙකා නුරුස්සන වචන ප්‍රකාශ කිරීම නිසා එකිනෙකා අතර ගැටුම් ඇති කරගනී. මේ නිසා ඔවුන්ගේ ජීවිත නිතර මානසික පීඩා සහිතව ගත කිරීමට සිදුවේ. එහෙත් ඔවුන් අනියම් ලිංගික සම්බන්ධතා ගොඩනඟා ගන්නේ නැත.

සඳු – කුජ. සිකුරු සංයෝගය ඇති අය ලිංගික ජීවිතයට ඉතා පි‍්‍රය කරති. මෙම යෝගය බලවත්ව යෙදීම අයහපත් නොවන අතර, එක් ග්‍රහයෙකු නීච හෝ සතුරුව ඇත්නම් එම බිරිඳ හෝ සැමියා එක් අයෙකුගෙන් පමණක් තෘප්තියට පත් නොවේ. සඳු , කුජ, සිකුරු යෝගය මීන රාශියේ යෙදී ඇත්නම් එම පුද්ගලයන්ට නිතරම ලිංගික සේවනය අවශ්‍ය වේ. එම සංයෝගයට සෙනසුරුගේ දෘෂ්ටි ලැබී ඇත්නම් ඔවුන් අසාමාන්‍ය ලිංගික ජීවිතයකට පි‍්‍රය කරයි. මෙම සංයෝගය දුර්වලව යෙදී එයට රාහුගේද සම්බන්ධයක් ද ඇති

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.