මිහිඳු හිමි පහස ලද මිස්සක පව්ව

ජුනි 12, 2020

අශෝක අධිරාජයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ බුදුවසින් දෙසිය තිස් හත් වැන්නේ පොසොන් පොහෝ දිනක බුදු දහම ලක්දිවට ගෙන ඒමෙන් සංස්කෘතියට හා සදාචාර සංවර්ධනයට සිදුවූසේවාව බෞද්ධ සාහිත්‍ය තුළින් මනාව පෙන්වාදී ඇත.

අති පූජනීය ස්ථානයක් වූ මිස්සක පව්ව මිස්සක පබ්බත නමින් හැඳින්වෙන මිහින්තලයට මිහිඳු හිමි ප්‍රධාන ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්ධසාල, සුමන සාමනේර අනාගාමි භණ්ඩුක උපාසක වරයාද සමගන් මිහිඳු හිමි වැඩම කළේ ගුවනිනි. ඉන් අනතුරුව ලොව ප්‍රධානතම පුද බිමක් වූ මිහින්තලයේ සෙල්ලිපියට අනුව ඇත් වෙහෙර චේතියගිරිය පිරිම්සුම්ගෙය දානශාලාව බෝධිඝරය නවගුණ මහා සැය මහා නාග මන්දිරය කළු දිය පොකුණ ද වූහ. මුහුදු මට්ටමේ සිට අඩි 1000 පමණ උසින් පිහිටි මිහින්තලාව ශෛලමය කන්දකි.

මිස්සක පව්ව හෙවත් මිස්සක පබ්බතට නැගීමට හැකිවන පරිදි ගලෙන්ම නෙලා ඇති පඩි ගණන මුදුන් කොටසේ එකසිය පණහක් පමණ වේ. ඒ අතර සෙල්ලිපි පිහිටි වාහාරය ආසන්නව තවත් පඩිපේලි එකදාස් අටසිය හතළිහක් පමණ ඇත.

කළුදිය පොකුණ

ස්නානය සඳහා තනනල පොකුණකි පුරා තණයේ එම පෙදෙස හදුන්වා දී ඇත්තේ එලෙසිනි. වර්තමානයේ දී එය නම් වී ඇත්තේ තපෝවනය ලෙසයි. බුද්ධ වර්ෂ දෙදහස් තිස් හයේ දී මිහිඳු හිමි වැඩම කිරීමෙන් පැහැදුණු තිස්ස රජු ඇතුළු පිරිස බුදු දහම වැළඳගෙන බුද්ධාගම වැළඳගෙන බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරමින් දෙවන පෑතිස් රජු විසින් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට රජුගේ රාජධානිය වන නන්දන වනය පූජා කළ බව ඉතිහාස ගතව ඇත. එසේ පූජා කළ නන්දන උයනේ මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි ඉදිකරන ලද අට මහතුන් රජුට හඳුන්වවාදෙන ලදී.

මිහිඳු හිමිගේ ලැගුම්ගෙය, සීමා මාලකය මහ මුරුත්ත පොකුණ, ශ්‍රී මහා බෝධිය පිහිටුවන ශුද්ධ භූමි කොටස පොහොය ගෙය හෙවත් ලෝවාමහාපාය, බත්හෙය, චතුස්ශාලාව මෙසේ ස්ථාපිත ස්ථානහත මහමෙවුනා උයන නමින් හඳුන්වා ඇත.

මහා සෑය

මිහින්තලේ ඇති උසමහා විශාලම දාගැබ ලෙස හැඳින්වේ. දාඨික මහා නාග රජු විසින් ක්‍රිස්තු පූර්ව හතයන කාලවලදී මෙය කරවා ඇත. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ මෙම මහා සෑයේ නිදන්කර ඇතැයි කියති.

කණ්ඨක චෛත්‍යය

සද්ධාතිස්ස රජු විසින් කණ්ඨක චෛත්‍ය ප්‍රතිසංස්කර ඇති බව සෙල්ලිපිවලින් දැක්වේ. පැරණිම කැටයම් හා මූර්ති ඇත්තේ මෙම චෛත්‍යයෙහිය. චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි හාරසිය විසිපහක් වන අතර උස අඩි හතළිහකි.

මිහිඳු සෑය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු නිදන්කොට මෙම සෑය ඉදිකර ඇත. කඳු මුදුනේ පිහිටි මහා සෑයට බස්නාහිරින් ඇති මිහිඳු සෑයේ උත්තිය රජු විසින් මිහිඳු මා හිමියන්ගේ ධාතු නිදන් කොට සෑදූ බවට විශ්වාස කෙරේ.

නාග පොකුණ

පෙන පහතින් අලංකාර කොට ඈත නාග පොකුණ, දිය අඩි තිස් අටකින්ද පළල අඩි දහඅටකින්ද විශාලත්වයෙන් ඉදිකර ඇත. නාග සොත්තිය නාග චකුත්ත හෙවත් නාග සොත්තිය පොකුණ පළමුවන අග්භෝ රජු විසින් කරවන ලදී.

දාන ශාලාව

මැද මිදුලක් සහිත අඩි එකසිය පහළොවක් හැත්තෑපහක් අතර ප්‍රමාණයේ මෙම දානශාලාවට ජලසපයා ඇත්තේ නාග පොකුණෙනි. සන්නිපාත ශාලාව මෙම ශාලාව යොදා ගෙන ඇත්තේ එක් එක් කරුණ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට ය. මෙහි දන්සල පිහිටි ශාලාවෙහි ප්‍රධාන පඩිපෙළට බටහිරින් චේතිය පබ්බතාරාමයෙහි සන්නිපාත ශාලාව හමුවේ.

ඇත් වෙහෙර

මෙය ඇතුළු වෙහෙර නමින්ද හඳුන්වා ඇත. මෙම ඇතුළු වෙහෙර මිහින්තලා කඳු පද්ධතියේ මධ්‍යම පිහිටා ඇත. පඩිපේළි හත්සිය අසූවකින්ව සමන්විතය මෙය අයත් වූයේ චේතිය පබ්බතාරාමයටයි.

සඳගිරිය

දෙවනපෑතිස් රජුට මිහිඳු හිමියන් පළමුවරට හමුවූයේ මෙතනදීය. අති පූජනීය ස්ථානයක් වූ මිහින්තලාව අනුරාධපුරයට සැතපුම් අටක් පමණ නැගෙනහිරින් පිහිටි මේ කන්ද සඳගිරිය නමින් ද හඳුන්වා ඇත.

ආරාධනා ගල

ආරාධනා ගල දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් පළමුකොට හමුවුණු ස්ථානයයි. මෙහි ඉදි කරන ලද වෙහෙර මිහින්තලේ වෙහෙර නමින්ද හඳුන්වති. මිහිඳු හිමියන්ගේ වැඩම කිරීම මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයේ හා ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ ද මිහින්තලාවයි. ආරාධනාගල මිහින්තලයේ චේතගිරිය පිරිස්සුම් ගෙය ඇත්වෙහෙර බක් පෝ දානශාලාව, බෝධිඝරය, නව ගුණ මහා සෑය, නින්නාග මන්දිරය පොරොදිනි පොකුණුද ඇතුළත්ව ඇති බවටත් සඳහන් ව ඇත. එමෙන්ම තවත් තොරතුරු බලන විට කණ්ඨක චේතිය පබ්බතාරාමය සන්නිපාත ශාලාව ආරාධනාගල මහා සෑය මිහිඳු සෑය නාග පොකුණ, කළුදිය පොකුණ මිහිඳු ගුහාවද ඇතුළත් බවයි.

මෙම පුදබිමේ හතරවන සියවසේ දී ද භික්ෂූන් වහන්සේලා දෙදහසක් පමණ වැඩ සිටි බවත් සඳහන් වේ. චේතියගිරිය පන්ථකගිරිය යන නම්වලින්ද හැඳින්වෙන පුදබිමේ දාගැබ් හැට හතරක් ලෙන් හැට අටක් පොකුණු දහසක් ද ඉදිකොට ඇත. දෙවන පෑතිස් රජු විසින් මිස්සක පබ්බතෙහි ගොඩනැංවීමට තීරණය කළ වෙහෙරෙහි තැන්පත් කිරීමට දඹදිවෙන් වැඩම කළ සර්වඥ ධාතූන් වහන්සේලා තාවකාලිකව මෙම පර්වතයෙහි තැන්පත් කර තිබූ බැවින් මිහින්තලාව සෑගිරි නමින් ද හැඳින් වේ. නම් රැසකින් සමන්විත මිස්සක පබ්බත මිහිඳු හහිමියන් වැඩම කළ නිසා මිහිඳු තලය නමින්ද ප්‍රකට වූ එය පසුකලෙක මිහින්තලය වූ බව ද පැවසේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.