ජුනි 14 වැනිදාට යෙදී ඇති ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය

ජුනි 12, 2020

2004 වසරේ සිට ජුනි මස 14 වැනි දා ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කෙරින.එසේ කරනු ලැබුවේ ලේ පරිත්‍යාගශීලීන්ට ප්‍රණාමය පළකිරීම වෙනුවෙනි. ඒ වෙනු ජුනි 14 වැනිදා ලේ පරිත්‍යාග කිරීම් ඇතුළු උත්සව රැසක්ම ලොවපුරා පැවැත්වේ.

එම දිනය සැමරීමේ මූලික හේතුව වූයේ ප්‍රථමවරට රුධිරය වර්ගීකරණය කළ කාල්ලෑන්ඩ්ස්ටිනර්ගේ උපන් දිනය ජුනි 14 වැනිදාටම යෙදී තිබීමයි. වෛද්‍ය කාල්ලැන්ඩිස්ටිනර්ගේ උපන්දිනය මෙන්ම ලේ පරිත්‍යාගශීලීන් සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ජාත්‍යන්තර රතුකුරුස හා රතුකුරුස අඩසඳ පෙඩරේසන් රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාත්‍යන්තර පෙඩරේෂන් හා ජාත්‍යන්තර රුධිර පාරවිලනය සංගමය යන සංවිධානවල එකතුවද ලැබී ඇත.

මෙම ආයතනවලින් සැදුම්ලත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් එකසිය අනූ දෙකක් ජාත්‍යන්තර රතුකුරුස හා රතු අඩ සඳ සංවිධාන එකසිය අසූ එකක් ස්වේච්ඡාවෙන් රුධිරය සපයන ලේ පරිත්‍යාගශීලීන්ගේ සමාජ පනතක් හා ලොව පුරා රුධිර පාරවිලනය ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වතුන් ද එක්ව මෙම දිනය ලොවපුරා විවිධ වැඩ සටහන් තුළින් සමරනු ලැබීය. විිලියම් හාමී විසින් ප්‍රථමවරට රුධිරය ශරීරය පුරා ගමන් ගන්නා බව සොයා ගනු ලැබුවේ එකදාස් හයසය විසි අටේ දී ය. එකදාස් අටසිය අසූ දෙකේ දී රුසියානු විද්‍යාඥයකු වූ එලී මෙව්නිකෝප් විසින් රුධීරයේ ඇති සුදු රුධිර සෛල මගින් විස නසන අයුරු පැහැදිලි කළේ ය. එක්දාස් නමසිය වසරේ දී ඔස්ට්‍රේලියානු ජාතික කාල් ලැන්ඩ්ස්ටේනර් විසින් රුධිරයේ ඇති වර්ග ප්‍රභේද හඳුනා ගන්නා ලදී.

රුධිරය දෙන්නාත් රුධිරය ලබාගන්නාත් එකම රුධිර ප්‍රභේදයකට අයත්විය යුතුයයි ද නිගමනය කළේ ය. මේ සඳහා ලේ බැංකුව ප්‍රථමයෙන්ම ආරම්භ කළේ ඇමරිකානු ජාතික බර්ණාඩ් පැන්සටස් විසිනි. ඕස්ට්‍රේලියානු ජාතික කාල් ලැන්ස්ඩ් ස්ටේනර් නම් වෛද්‍යවරයා විසින් රුධිරයේ ප්‍රභේද හතරක් ද අඳුනා ගන්නා ලදී. ඒ අනුව ඒ.බී.ඕ යනුවෙන් රුධිරය වර්ග කරන ලදී. ඒ රුධිරයේ ඇති අයකුගේ ඒ හෝ ඒ, බී රුධිරය ඇති අයකුට පමණක් බව හෙළිදරව් කළේ ය. බී රුධිරය ඇති ඒ, බී හෝ බී රුධිරය ඇති අයකුට දිය හැකි වන්නේ ඒ, බී රුධිරය ඇති අයකුට පමණකි.මේ අනුව (ඕ) වර්ගයේ රුධිරය කාටවුවද ගැළපෙන බවත් සොයාගන්නා ලදී. සිරුර පුරා රුධිරය ගමන්කරවීමට යම් බලයක් අවශ්‍ය වේ. එම බලය සපයන පොම්පය වී ඇත්තේ හෘර්දයයි. හෘර්දය පේෂීවලින් සැදුණු අවයවයකි. හර්දයෙන් ඉවතට රුධිරය ගෙනයන වාහිනි, දමනි ලෙසත් හර්දය වෙත රුධිරය ගෙන එන රුධිරවාහිනී ශිරා ලෙසත් හඳුන්වා ඇත.

යමෙක් රුධිරය පරිත්‍යාග කරන්නේ නම් ඔහුගේ හෝ ඇගේ බර කිසිවිටකත් අඩුවන්නේ නැත. බරද වැඩි නොවේ. රුධිරය පරිත්‍යාග කිරීම නිසා වෙනත් රෝගාබාධ පවා ඇති නොවේ. රුධිරය ලබාදීමෙන් හොඳ මානසිකත්වයක් ඇති නොවේ. එමෙන්ම පරිත්‍යාග කරනු ලබන රුධිරය ඉතා සුළු කාලයකින් ශරීරයේ නිෂ්පාදනය වේ. යමෙකු පරිත්‍යාග කරනු ලබන රුධිරය රෝගියකුට දීමට පෙර විවිධ සංඝටක වෙන් කරනු ලබයි. එනම් රතු රුධිරාණු, සුදු රුධිරානු, රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මාව වෙන් කරමින් විශේෂිත උෂ්ණත්වවලදී නියමිත කාලයක් ගබඩා කර තබයි. පරිත්‍යාග කරනු ලබන සෑම රුධිර ඒකකයක්ම විවිධ රෝග සඳහා පරික්ෂා කරති. විශේෂයෙන් එම රුධිර එච්.අයි.වී - 1 සහ එච්.අයි.වී. - 2 උපදංශ හෙවත් සිපිලිස් හෙපටයිටිස් බී සහ සී මැලේරියාවද වේ. රෝගී ක්ෂණිකව ලේ දීමේ හැකියාවක් ඇති කිරීම සඳහා ලේ බැංකුව ආරම්භ කළේ ඇමරිකානු ජාතික බර්නාඩ් පැන්ටස් විසිනි.

මෙසේ ලේ බැංකුව ආරම්භ කිරීම නිසා හදිසි අනතුරුවලින් හා බරපතල ලෙස රෝගී අවස්ථාවලදී ශල්‍යකර්ම සඳහා රෝගීන්ට රුධිරය ලබාදීමටත් දරු ප්‍රසූතියේ දී අධික රුධිර වහනයක් ඇති වූ විට රෝගීන්ට ලේ ලබාදිය යුතු අවස්ථාවලදීත් රෝගීන්ට ලේ ලබාදීමට ලේ බැංකුව නිසා හැකිවේ. එමෙන්ම තැලමීසියා රෝගීන් සඳහාත් මෙසේ පිටතින් රුධිරය ලබාදෙනු ලබන්නේ කොටස් වශයෙනි. මේ නිසා රුධිරය ලබාදීමෙන් ඔවුන්ගේ ජීවත්වීමේ කාලය දීර්ග වේ. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට ද දෙනු ලබන්නේ එසේ ගන්නා ලද රුධිරයයි. රුධිර දායකයන්ගෙන් ලබාගන්නා සුරක්ෂිත රුධිරය වඩාත් ආරක්ෂිත ලෙස රෝගියකු වෙත ලබා දීම සඳහා සියලු කාර්ය භාර්ය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සහ අනෙක් ප්‍රධාන ලේ බැංකු මගින් සිදු කෙරේ. විවිධ රෝගාබාධ සඳහා අවශ්‍ය රුධිර සංඝටක නිපදවනු ලබන්නේ ජාතික රුධිර පාරවිලයන සේවය මගිනි.

රුධිරය යනු සජීව පදාර්ථයකි. අන් මිනිස්සිරුර රුධිරය මඟින් ස්කීය ආරක්ෂිතව ගොඩනඟාගනී. ප්‍රමාණවත් පෝෂණ මට්ටමක් පවත්වාගැනීම සඳහාත් යහපත් ජීවන රටාවයන සෞඛ්‍ය රක්ෂණය පවත්වා ගැනීම පුද්ගලයාගේත් සමස්තයක් වශයෙන් ලෝක ජනතාවගේත් රුධිරයේ ගුණාත්මක භාවය රැකගැනීමට වගබලාගත යුතු ය. හිමොස්ලියාව සහ තැලමීසියාව වැනි ඇතැම් ප්‍රවේනී රෝග රුධිරයේ පවතී. මෙවැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ රුධිර ඌනතාව ප්‍රතිසම්පාදනය කිරීමට ඔවුන්ට නිතිපතා ආරක්ෂිත රුධිරය ලබාදිය යුතු ය. මේ හා බලන විට ලේ බැංකුවෙන් සිදුවන මහා පින්කමක් බදු සේවයට ලේ බිඳක් පරිත්‍යාග කිරීමෙන් ඔබට ද හා පිනත මෙන්ම නිරෝගී භාවයද ලැබේ.

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.